අතුරුදන් වයස 9 දරුවාගේ සිරුර ළඳු කැලෑවකින් හමුවේ


වවුනියාවේ, කට්පහපුරම් ප්‍රදේශයේ නිවසකින් අතුරුදහන් වූ වයස අවුරුදු 09ක් වූ පිරිමි දරුවකුගේ මළ
සිරුර ඊයේ පොලීසිය විසින් ළදු කැළෑවක තිබී සොයා ගෙන තිබෙනවා.

මෙම දරුවා හා ඔහුගේ වයස අවුරුදු 03ක සොයුරා පෙරේදා උදෑසන නිවසේ සිට ඇති අතර මව සහ සුළු
පියා රැකියා සදහා යාමට සූදානම් වී

කුඩා දරුවා අසල්වැසි නිවසක නතර කොට ගොස් ඇති බවයි
වාර්තා වන්නේ.

ඒ අනුව වයස අවුරුදු 09 දරුවා පමණක් නිවසේ සිට ඇති අතර සවස හයට පමණ මව සහ සුළු පියා නිවසට
පැමිණෙන විට දරුවා නිවසේ නොසිටි බැවින් ඒ පිළිබදව අසල්වාසීන්ට ද පවසා දරුවා සොයා තිබෙනවා.

ගම්වාසීන් පිරිසක් පසු දා, එනම් ඊයේ දින එළුවන් සෙවීමට ගිය අවස්ථාවේදී අතුරුදහන් වූ දරුවාගේ මළ
සිරුර ළඳු කැළෑවක තිබෙනු දැක ඒ බව පොලීසිය දැනුම් දී ඇකි බව සඳහන්.

මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව මහ රෝහලට බාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය
වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Previous Post Next Post