පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් නෝර්වේජියානු ජාතික තරුණියක අපයෝජනය කළ බවට චෝදනා ලබා එම සිද්ධියට අදාළව පමාවී නවාතැනට පැමිණීම නිසා ක්‍රිකට් තරග තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නැති බව කොල්ලුපිටිය පොලිසිය දන්වා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්
තරුණිය සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කරගෙන හෝටලයකට කැඳවාගෙන ඇත්තේ ධනුෂ්ක බවත් ඇයට ආහාර ලබාදී එම හමුව සඳහා හෝටල් කාමරය වෙන්කර පහසුකම් සපයා ඇත්තේද ධනුෂ්ක බවත් හෙළි විය.
නමුත් අතවරය සිදු කර ඇත්තේ සංදීප් ජූඩ් සෙල්ලයියා වන බැවින් සිද්ධියට අදාළව ඔහු පමණක් අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා ඇත.
ධනුෂ්කගෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමසා නැත
Tags:
Trending