අර්තාපල්. ලොකු ලුණු හා පරිප්පු මිල ඉහළ ගොස් ඇතැයි පාරිහෝගිකයෝ මැසිවිලි නගති. ඉකුත් සතියේ සිල්ලර මිල රුපියල් 65-75 අතර පැවැති අර්තාපල් කිලෝවක මිල රුපියල් 100 දක්වාද කිලෝව රුපියල් 60-70 වශයෙන් පැවැති ලොකු ලුනු රුපියල් 90 -100 දක්වාද රුපියල් 113ක් වශයෙන් පැවැති පරිප්පු කිලෝ
රුපියල් 120 දක්වාද
ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
මෙම ආර්තාපල්, ලොකු ලූනු හා පරිප්පු මිල වැඩිවීම සම්බන්ධව කළ විමසීමකදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ තොග වෙළෙඳුගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙම ආනයන භාණ්ඩ මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ පසුගියදා වැඩි කිරීම හේතුවෙන් මෙම වැඩිවීම සිදුවී ඇති බවයි. මෙම ආනයන බදු රජය මගින් වැඩි කිරිමත් සමග පිටකොටුව තොග වෙළඳපළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 70 දක්වාද, අර්තාපල් කිලෝව රුපියල් 80.85 දක්වාද පරිප්පු කිලෝව රුපියල් 112 දක්වාද වැඩිවි තිබෙන බවත් පසුගිය වසරේ ඒවායේ මිල හා සසඳන විට මේ වසරේ බදු වැඩිවි තිබියදි එම භාණ්ඩවල සාධාරණ මිලක් පවතින බවද ඔහු පැවසීය.

Tags:
Trending