ලංකාවේ ඇනකොන්ඩාට ඉන්දියාවේ මුවන් ෂෙයාර් කරගෙන


ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිටි ඇනකොන්ඩා සතුන් දෙදෙනෙකු ඉන්දියාවේ මයිසුර්හි චාමරාජේන්ද්‍ර සත්වෝද්‍යානයට ලබාදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගැහැනු හා පිරීමි කොළ

ඇනකොන්ඩා සතුන් දෙදෙනෙකු මෙලෙස ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ලබාදී ඇත. පසුගිය 28 වැනිදා මෙම සත්ත්වයන් දෙදෙනා බැංගලෝර් වෙත ගෙන යෑමෙන් අනතුරුව 29 වැනිදා මයිසුර් වෙත ගෙන ගොස් ඇත.

අඩි 6-8ක දිගකින් යුත් මෙම එක් ඇනකොන්ඩාවෙකුගේ බර කිලෝග්‍රෑම් 15ක් පමණ බව චාමරාජේන්ද්‍ර
සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ සී. රවිශංකර් මහතා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවෙන් ඇනකොන්ඩා සතුන් හයදෙන්නෙකු මයිසූර් වෙත ලබාදීමට නියමිතය. ඒ සදහා ඉන්දියාවේ බ්ලැක් බක්ස් (black bucks) හා නිල්ගයි (Nilgal/ blue bull) නමැති සත්වයන් සිවුදෙනා බැගින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. මෙම සත්ව කාණ්ඩ දෙක මුවන් විශේෂ දෙකකි.
Previous Post Next Post