බුලුතොට හන්දියේ පිපිරීමක්

කොලොන්න,  සූරියකන්ද මාර්ගයේ බුලුතොට හන්දිය අසල පිහිටි  ඇදුම් මසන වෙළඳ සැලක ඊයේ රාත්‍රී ( 6දා)  හදිසි පිපිරිමක් සිදු වූ බව කොළොන්න පොලීසිය කියයි

රාත්‍රී 09.49ට පමණ නිමි ඇදුම් මසන වෙළඳසැල

දෙසින්  මහා පිපිරීම් හඩක් ඇසුන බව ප්‍රදේශවාසීන් කියයි
ගින්නෙන් වෙළඳසැලේ හිමිකරු තුවාල ලබා  ප්‍රදේශ වාසීන් විසින් සූරියකන්ද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඇඹිලිපිටිය දස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා  ඇත මෙසේ තුවාල ලබා ඇත්තේ කොළොන්න කෑල්ලගම දහය කනුව ප්‍රදේශයේ පදංචී  එච්. දමිත් ප්‍රසන්න ( 35) නැමැති අයෙකි
ගින්නත් සමඟ ඇති වූ පිපිරීම හේතුවෙන් වෙළදසැල අසල නවතා තිබූ බස් රථයකට සහ ත්‍රීරෝද රථයකට ද හානි සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
 පිපිරිමෙන්  වෙලද සැල තිබූ ගොඩනැගිල්ලට දැඩි හානි  සිදු වී ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත
සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඇඹිලිපිටිය  ජයන්ත නානායක්කාර







Previous Post Next Post