ස්පීඩ් උසාවි සම්මතයි - පට පට ගාල හොරු අල්ලනවලු


මහා පරිමාණ දූෂණ චෝදනා විභාග කඩිනම් කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමට ප්‍රතිපාදන සැලසෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (09) සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණ, රජය ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළහ. ජනතා විමුක්ති පෙරමුණ සභාවෙහි
නොසිටි අතර

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගිය දිනවලදී වෙන්ව විපක්ෂයේ අසුන් ගත් කිහිප දෙනෙක්ද පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් හෙවත් බෙදීමක් අවශ්‍ය බවට විපක්ෂය ඉල්ලා සිටීම හේතුවෙන්  කතානායක කරු ජයසූරිය මහතා ඡන්ද විමසීමේ සීනුව නාද කිරීමට පියවර ගත්තේය.
ඡන්ද විමසීම විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ සිදුවිය.
සොරකම, දේපල වංක පරිහරණය , සොරකම් කළ දේපල සගවා තැබිමට සහය වීම, කුඨ ලේඛන සැදීම. ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අධිකරණ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අල්ලස් ගනුදෙනු පොදු දේපල සොරකම් කිරීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙන් වන නඩු මෙම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී  විභාග කෙරේ.

සෙස නව ක්‍රසය නිසා මාස කිහිපයක් තුළ විශාල නඩු ප්‍රමාණයක් අහවර වනු ඇති බවත් අල්ලන් නෑයි කියූ සොරුන් පට පට ගා අල්ලනු ඇති බවත් ඊයේ ඇමති රාජිත හා ඇමතිනී තලතා මාධ්‍ය වෙත දන්වා සිටි අතර පනත සම්මතවී දින දෙක තුනකින් වැඩ අරඹනු ඇති බවත් කියා සිටියා.
Previous Post Next Post