මරණාසන්න මාමාට උපස්ථාන කරන්න ආ බෑණා නිවසේ රත්තරන් උස්සලා

මරණාසන්න වූ මාමාට උපස්ථාන කරමින් නිවසේ තිබූ පවුම් තුනක රන්මාලයක් හා මුදල් සොරකම් කළ අපුරු බෑණා කෙනකු ගම්පොල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ගම්පොළ කාසල් මිල්ක් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයා අවිවාහකයකු වන අතර ඔහුගේ ගමේම පදිංචි අසනීප වූ තම මාමාට උවටැන්
කරමින් සිට ඇත.

පසුගිය තුන් වැනිදා මෙම සොරකම සිදුවී ඇති අතර එදින රාත්‍රියේ අසනීප වී සිටි මාමාද මිය ගොස් ඇත.පසුව සොයා බැලීමේදී නිවසේ අල්මාරියේ තිබු රන් භාණ්ඩ නැති බව දැන මිය ගිය අයගේ බිරිඳ විසින් ඒ බව ගම්පොළ පොලීසියට පැමිණිලි කර තිබුණි.

   දීර්ඝ කාලයක් අසනීප වී සිටි මෙම පුද්ගලයාගේ කටයුතු කර දීමට මෙම සැකකරු ඉදිරිපත් වීම නිසා නැන්දා හා මාමා එක්ව මොහුට අංගසම්පූර්ණ නිවසක්ද ඉදිකර තිබූ බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

  නමුත් සැකකරුට ත්‍රිරෝද රථයක් ගැනීමේ ආශාව නිසා මෙම රන්භාණ්ඩ සොරාගෙන විකිණීමට සැලසුම් කර ඇත.පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලදී මෙම රන් භාණ්ඩ ගස් බෙනයක් තුළ සගවා තිබියදී සොයා ගෙන ගමිපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



Previous Post Next Post