ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී අල්ලන්න අල්ලස් කොමිසම මාස ගණනක් ලුහුබැඳලා

සුගියදා ආන්දෝලනයක් ඇති කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා දැව සංස්ථා සභාපති එක්වී සීනි සමාගම් ගනුදෙනුවකින් අල්ලස් ලබාගැනීමට ගොස් හසුවීමේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවති.
ඇතැම් අය අදහස් දැක්වූයේ මෙම පුද්ගලයා මීට පෙරත් ජනපති යටතේ ඇති තනතුරෙන් කෙතරම් යටිමඩි සන්නට ඇතිද යන්නයි.
නමුත් වාර්තාවන ආකාරයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම ජනපති යටතේ තනතුරට පත්වී පැමිණි ඇත්තේ මීට මාසයකට පමණ ඉහතදීය.මින් පෙරඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ අතර එම ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව විශේෂ දිගුවක් ලබාදී ජතාධිපති කාර්යාල

මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුව පත් කර තිබුණි.
අල්ලස් සිද්ධියට අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයාවූ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කලක් කටයුතු කර ඇත.
ජනාධිපති නියෝගයෙන් මේ වනවිට නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.
මේ සිද්ධියට මුල්වූ කන්තලේ සීනි සමාගම පෞද්ගලික සමාගමකට පැවැරිමේ කටයුත්තේදී පසුගිය කාලයේ බරපතළ අක්‍රමිකතා සිදුවී තිබෙන බවද විමර්ශන වලට හසුව ඇත.
මොවුන් අල්ලස් ගන්නට තිබෙන සූදානම ගැන කොමිසම දැනුවත්වී ඒ සම්බන්ධ විස්තර රැස් කර ඇත්තේ මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මාසයකට ආසන්න කාලයක් තිස්සේය.
විමර්ශන සඳහා දෙදෙනාගේ හඩපට පවා ලබාගෙන තිබූ බවත් නිලධාරින්

දිවා රෑ නොබලා වෙහෙස වී මෙහෙයුම් කළ බවත් පැවසේ.
වැටලීමේ දිනයේ හත් දෙනකුගේ කණ්ඩායමක් වැටලීමට දායකවී තිබේ.ෙ
කෝටි දෙකේ අල්ලස් මුදල කොළඹ ටාජ් සමුද්‍රා හෝලයේ රථගාලේදී ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් අල්ලාගන්නා අවස්තාවේ සියලු සාක්ෂි සටහන් කරගන්නටද නිලධාරීන් කටයුතු කර ඇත.
එදින ඒ සම්පූර්ණ මුදලම අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ ස්ථානයට රැගෙන ගොස් තිබිණි. සැකකරුවන් දෙදෙනා අල්ලස් මුදල සිනාමුසු මුහුණින් යුතුව රැගෙන ගණන් කිරීමට පටන් ගත් අවස්ථාවේදි කොමිසමේ විමර්ශන නිලධාරින් පැන දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් ඒ අවස්ථාවේදී දෙදෙනා කිසිවක් හෝ කතා කර ගත නොහැකිව ගොළු වී සිටි බවත් දැනගන්නට ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට විරුද්ධව නඩු පැවැරිමට නියමිත අතර දෙදෙනාම ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
Previous Post Next Post