ඉන්දියානු මහ ධනපති අම්බානිගේ දුව ව්‍යාපාරිකයෙකුට බහදෙයි


ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්භානිගේ එකම දුව ඉෂා අම්භානි යුග දිවියට සූදානම් වන බවත් ඇය අතගනු ඇත්තේ 25 හැවිරිදි ආනන්ද් පිරමාල් ඊයේ පවුලේ නිවේදනයක් මගින් තහවුරු කර තිබේ.
මංගල උත්සවය ලබන 2018 දෙසැම්බරයේ පැවැත්වීමට දින යොදාගෙන ඇත.

ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 40 ක වත්කම ඇති ධනපති මුකේෂ් අම්භානිට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එකම දියණිය  ඉෂා සිටින අතර ඉෂා කුඩා කාලයේ සිටම අනන්ද් සමග ඇසුරු කළ බවත් ඔහුගේ ව්‍යාපාරික දියුණුව හා පවුල් සබඳතා නිසා මෙම විවාහයට අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා පළවේ.
ඔහු ඇමරිකාවේ හාවර්ඩ් සරසවියේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිධරයෙකු වන අතරම සිය පියාගෙන් උරුමවූ පිරමාල් සමූහයේ වත්මන් විධායක අධ්‍යක්ෂවරයාය. ඉඩම් ව්‍යාපාර හා ග්‍රාමීය සෞඛ්‍ය සේවා පිළිබඳ ඔහුගේ ව්‍යාපාර විහිදී තිබේ. ඉන්දියානු වාණිජ මණ්ඩලයේ ළාබාලතම සභාපති ලෙසද ආනන්ද් වර්තමානයේ කටයුතු කරන්නේය.
අම්භානිගේ දියණිය සිය පියාගේ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන අතර ඇය යේල් සරසවියේ මනෝ විද්‍යා උපාධියක් හා ස්ටැන්ෆර්ඩ් සරසවියේ ව්‍යාපාර පශ්චාත් උපාධියක් හැදෑරූ අයෙකි.


Previous Post Next Post