ලෝකෙම වැලඳගත්තා මගේ ට්‍රිප් එක -දිනුලි දම්සඳි

gossiplanka image 1
අපේ රටේ ගීත ශ්‍රාවකයන් වසඟයට පත්කළ ‘යං යං යං මාතරින් – ටි්‍රප් එක පාන්දරින්’ කියන ගීය මේ දිනවල හැම දෙනාගෙම වගේ මුවග රැව්දෙනවා. වයස් භේදයකින් තොරව හැමෝම මුමුණන මේ ගීයට හඬ මුසුකළ ළමා ගයිකාව තමයි දිනුලි දම්සඳි. අද වෙද්දී ළමා ගායිකාවක් විදියට අභිෂේක ලබලා ඉන්න ඇය ප්‍රසංග වේදිකාවටත් නැතුව බැරි තරුවක් වෙලා ඉවරයි. මේ, දිනුලි ‘මව්රට’ හාට් වෙනුවෙන් ඇගේ හඬ අවදි කළ ආකාරයයි. Sri Lanka Latest News


දිනුලි දුව අලුත් අවුරුද්ද සැමරුවද?

ඔව්, පවුලේ සියලු දෙනාම එක්ක අවුරුදු චාරිත්‍ර ඉටුකළා. අම්මා රසට කිරිබත් හදලා දුන්නා. අපි ඒවා ආසාවෙන් කෑවා. ඒ විතරක් නෙවෙයි. අවුරුදු උත්සවවලට සහභාගි වුණා. ඔය විදියට ඉතින් අවුරුදු සැමරුවා අපි.

දිනුලිට ප්‍රසංග වේදිකාවෙන් ආරාධනා ගලාගෙන එනවා ඇති නේද?

ඔව්. ප්‍රසංග වේදිකාවෙන් ගොඩක් ආරාධනා ආවා. ගිරිඋල්ලෙන්, ආනමඩුවෙන් වගේ විවිධ ප්‍රදේශවලින් ආරාධනා ලැබුණා. කාලය කළමනාකරණය කරගෙන ඒ ප්‍රසංගවලට සම්බන්ධ වුණා. දැන් නම් ප්‍රසංග අඩුයි. මම පාසලේ වැඩකටයුතු කරගෙන යනවා.

කොහොමද ප්‍රසංග වේදිකාවේ අත්දැකීම්?

ඒක වෙනස්ම අත්දැකීමක්. ගොඩක් රසික ප්‍රතිකාර ලැබෙනවා. ගොඩක් සතුටුයි. විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සින්දු කියන එක වෙනස්ම අත්දැකීමක් වුණා.

දිනුලිගේ ‘චාරිකාව’ ගිය දුරක්. මොකද හිතනේනේ ඒ ගැන?

ඇත්තටම මම හිතුවේ නෑ ටි්‍රප් එක මේ තරම් දුරක් යයි කියලා. මහන්සියක් දැනුණෙම නෑ ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ලෝකෙම වැලඳගත්තා මගේ ටි්‍රප් එක. ළමා ගායිකාවක් විදියට යූටියුබ් සම්මාන පවා මට ලැබුණා.

මේ වගේ සින්දුවක් කරන්න අදහස ආවේ කොහොමද?

අම්මයි, තාත්තයි තමයි කිව්වේ සින්දුවක් කරමු කියලා. ඊට පස්සේ ලසිත ජයනෙත්ති මාමා කාලයක් අරගෙන මේ වගේ ලස්සන සින්දුවක් රචනා කළා. දිල්ශාන් එල්. සිල්වා මාමා එයට ලස්සනට සංගීතය මුසු කරලා දුන්නා. චාරුක දුල්ශාන්ත මාමා ඒ ගීතයටම ගැළපෙන රූපරචනාවක් කළා.

ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට තවම ආරාධනා ලැබුණේ නැද්ද?

සුනෙත් වර්ණසූරිය මාමා රචනා කරන අලුත්ම ටෙලිනාට්‍යයක රඟපාන්න ආරාධනාවක් කළා. ඒ වගේම තව නිර්මාණ කීපයකින් කතා කළා.

ඒ කියන්නේ දුවගේ රංගනයන් අපිට ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වේවි?

සමහර විට. තවම මම ඒ ගැන හිතලා නැහැ. මම ගොඩක් කැමැති ගායනය පැත්තෙන් ඉදිරියට යන්න. තාත්තයි අම්මයි මගේ ගමනට ලොකු ශක්තියක්. එයාලා කියන දෙයක් මම ආශාවෙන් කරනවා.

දුවගේ ගම කොහෙද?

මම ඇඹිලිපිටියේ. මම අධ්‍යාපනය ලබන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 6 වසරේ.

ඔබේ ගමනට පාසලෙන් ලැබෙන සහාය මොන වගේද?

ගුරු මණ්ඩලයේ හැමෝම මගේ දක්ෂතාවන් ඔප්නංවා ගන්න උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි මට අතපසු වෙන පාඩම් වැඩවලට මගේ යාළුවෝ ගොඩක් උදව් කරනවා.

දුවගේ හඬ රසිකයන් මේ තරම් වැලඳ ගන්න බලපාපු හේතුව මොකක්ද?

දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 එකට මමයි අක්කයි දෙන්නම සම්බන්ධ වුණා. මාව අවසන් අටදෙනා අතරට තේරුණා. මම නැවත ඒ සියලු අභියෝග ජයගනිමින් දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 11ට සම්බන්ධ වුණා. ඒ තරගයේ අවසන් තුන්දෙනා අතරට මම තේරුණා. මම කොහොම හරි අවුරුදු දෙකහමාරේ ඉඳලා සින්දු කියනවා. දෙරණ ලිට්ල් ස්ටාර් තරගය හරහා තමයි මාව හැමෝම දැනහඳුනා ගත්තේ.


වසන්ත විතාරණගේ

gossiplanka image 2
Previous Post Next Post