ඇය බහුචරිත්ධාරිනියකි. එබැවින් ඇය ගැන කිසිවකුටත් පුන පුනා හඳුන්වාදීමට අවශ්‍ය නොවේ. කෞෂල්‍යා ප්‍රනාන්දු. ඇය අපට මේ දිනවල නෙළුම් කුළුණේ අම්මා ලෙස හමුවෙයි.මේ ඇය සමඟ තරුණී කළ කතා බහයි.
කලකට පසුව තමයි අපි ඔබව සිනමාවේ දකින්නෙ.කොහොමද නෙළුම් කුළුණ එක්ක සම්බන්ධ වෙන්නෙ.
එක්තරා දවසක ඉලංගෝ අපේ ගෙදර එන්නේ විමුක්ති ජයසුන්දර එක්ක. ඔහු ඒ වෙනකොට ඉලංගෝ වෙෙළඳ දැන්වීම් රැසක් නිර්මාණය කරල තිබුණා. මේ චිත්‍රපටය නිම දැන් වසර තුනකට කලින්. නමුත් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නියෝජනය කළ නිසා තමයි ප්‍රදර්ශනය ප්‍රමාද වුණේ. ඉලංගෝ මුලින්ම හමුවුණාම මම ඔහුට කිව්වෙ නළුවෙක් වෙන්න කියල. ඔහු හොඳ සෞම්‍ය පුද්ගලයෙක්.
එක්තරා දවසක ඉලංගෝ සහ ප්‍රියන්ත සිරිකුමාර තමයි මට මේ චිත්‍රපටයට ආරාධනා කළේ.
මම නිර්මාණයකට සම්බන්ධ වෙද්දී ඒ නිර්මාණයේ ඉන්න කණ්ඩායම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද ඒ බැඳීම සාර්ථක නිර්මාණයක් බිහිවෙන්න ඉතාමත් වැදගත්.
ඉතින් මට මේ පිටපත අතට ලැබිල ඒක කියවල බැලුවම හිතගන්න බැරි වුණා. මේ චිත්‍රපටය තුළ හාස්‍ය වගේම දුකකුත් තිබුණා. ඉලංගෝ කතා කරල තිබුණේ පවුලක් මුහුණදෙන ප්‍රශ්නයක්.
අපේ ජීවිත තවත් අයගෙන් හංගන්න ගිහින් වෙන දෙයක් තමයි මේ චිත්‍රපටයේ කතා තේමාව වෙන්නෙ. දරුවෙක් වැඩිවියට පත්වුණාමත් හංගන සමාජයේ මේ කතා කරන ප්‍රශ්නයට පවුලක් මුහුණදෙන ආකාරය තමයි චිත්‍රපටය පුරා දිවෙන්නෙ.
කොහොමද මේ වෙනස්ම චරිතයට ලැබෙන ප්‍රතිචාර.
ඇත්තටම ඉහළයි. මම චිත්‍රපට කිහිපයක රඟපාල තිබුණට මේ තමයි මට වැඩිම ප්‍රතිචාර ලැබුණු චිත්‍රපටය. මම හිතනවා අපි කළ ටීම් වර්ක් එක සාර්ථකයි කියල.
ඔබ නිර්මාණවල දකින්නට ලැබෙන්නෙ තරමක් කලාතුරකින්. ඒකට හේතුව චරිත තෝරා ගැනීමද?
මෙහෙමයි මම මේක අතීත කතාවකින්ම පැහැදිලි කරන්නම්. මගේ අම්මා තාත්ත දෙන්නම ඇසුරේ මට කලාවට ලොකු අත්දැකීම් සමුදායක් ලැබුණා. විශේෂයෙන් තාත්තගෙන්. ඉස්සර මට රඟපාන්න චිත්‍රපට, නාට්‍ය පිටපත් එනවා. ඒ එනකොට මම තාත්තගෙන් අහනවා මේක කරන්නද එපාද කියල. තාත්තා එතකොට මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ කරන්නද එපාද අහන්නෙ කියන එක. ඔයා නිළියක් නම් රඟපාන්න ඕෙන මිනිසුන්ගේ ජීවිත. ඒ හැරෙන්න මෙන්න මේ වගේ චරිත කියල ඒකට සීමා නෑ කියල තමයි තාත්තා කිව්වේ.
මම සිනමාව ඉගෙන ගත්තේම අපේ ගෙදරින්. ඉස්සර තාත්තා හමුවෙන්න එනවා සිනමාවේ දැවැන්ත ඇසූපිරූ තැන් ඇති අය. තිස්ස අබේසේකරයන්, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක වැනි අය තමයි අපේ ගෙදර ඇවිත් තාත්තා එක්ක සිනමාව ගැන කතා කළේ. ඉතින් මම ඉස්සර ඒව අහගෙන ඉන්නවා. තිස්ස අබේසේකර සහ අපේ තාත්තා සිනමාව සාහිත්‍ය ගැන කතා කරපු දේවල් විශාල ගැඹුරුයි.මම ඉස්සර ඒ කතා කට ඇරගෙන අහන් ඉන්නවා. මේ ඇසුර නිසාම මම නිතර ජීවත්වුණේ කලාවෙ. තාත්ත කිව්ව වගේ මිනිස්සුන්ගේ ජීවිත රඟපාන්න තමයි මම කැමතිම.
ඔබ රඟපාන නිර්මාණවල අපිට ඔබ රඟපානවා කියල දැනෙන්නෙ නෑ. මොකක්ද මේ ක්‍රමය.
එහෙම ක්‍රමයක් නැහැ.පහසුව තමයි රඟපෑම කියල කියන්නෙ.රිලැක්ස් වෙනකොට ඉබේටම ඒ චරිතයට වෙන්න ඕෙන දේවල් වෙනවා. ඒ වගේම අධ්‍යක්ෂවරය එක්ක කතා කරල ඒ චරිතයේ ගැඹුර ගැනත් සිතිය යුතුමයි. ඒ කරුණු සම්පූර්ණ වුණාම ඉබේම චරිතය සාර්ථක වෙනවා. ඒ සඳහා අධ්‍යනය සහ කැපවීම අවශ්‍යයි.
ඔබ දැන් තවත් පරපුරකට කථිකාචාර්යවරියක් ලෙස ඉංග්‍රීසි දැනුම බෙදන කෙනෙක් වගේම දරුවන් සමඟ නිතර ගනුදෙනු කරන චරිතයක්. ලංකාවේ නූතන සමාජ මාධ්‍ය භාවිතය ගැන ඔබේ කියවීම මොනවගේද?
ඇත්තටම සමාජ මාධ්‍ය කියන එක දැන් අපෙන් ඔබ්බට ගිහිල්ල තියෙන්නෙ. කිසිම කෙනෙකුට ඒක පාලනය කරන්න බැහැ. අපේ රටේ වෙන දරුවන්ගේ ඛේදනීය තත්ත්වයන්ටත් මේක එක හේතුවක් වෙලා තියෙනවා.ඉස්සර ළමයි ඉස්කෝලේ ඇරිල ඇවිත් සෙල්ලම් කළා, බට්ට පැන්නා. ඒත් දැන් සෙල්ලම් කරන්න කතා කළාම ළමයින්ට මහන්සියි. ඒක නිසා මම හිතන විදිහට මානසික ව්‍යාකූලත්වයට පත්වෙනවා. ඒ වගේම අපි ගොඩක් දේවල් දකිනවා. ඒ දකින දේවල් අපට ලබාගන්න පුළුවන් වේවිද කියන ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. මේ ඉල්ලන දේවල් ලබාදෙන්න අම්මා තාත්තා දෙන්නම රස්සාවලට යනවා. ඉතින් දරුවෝ ගෙදර.මෙන්න මේවගේ තත්ත්වයක් තමා තියෙන්නෙ.
නෙළුම් කුළුණ බලල අපේ සමාජයට සියුම්ව ඉගෙනගන්න දේවල් තියෙනව නේද?
මෙහෙමයි ලෝකයේ හැදෙන හැම නිර්මාණයක්ම හැදෙන්නෙ අධ්‍යාපනය ලබාදෙන්න නෙවෙයි.රස වින්දනයට. ඒ රසවින්දනය ලබන ගමන් පණිවිඩයක් ලබා ගන්නත් පුළුවන්. දැන් මේ චිත්‍රපටයේ කතා කරන කාරණාව සංස්කෘතිකයි. හිතන්න මේකේ ඉන්න කමලා.. හැම ඕපදූපයක්ම හොය හොය ඇඟිලි ගහනවා. අපේ සංස්කෘතියේ තියෙන හොඳම දෙයක් තමයි එකිනෙකාට උදව් කර ගැනීම.ඒත් මේවගේ අනවශ්‍ය අතපෙවීම්වලින් වෙන කරදර අකරතැබ්බ ගොඩක් දකින්න පුළුවන්. නිර්මාණය තමන් බලන කෝණය සහ අත්දැකීම් එක්ක ඕනෑම නිර්මාණයකින් ගන්න දේවල් තියෙනවා.
අපේ සිනමාවේ අර්බුදයක් ගැන දිගින් දිගටම කතා වුණා. නමුත් ඉලංගෝ වැනි නව නිර්මාණකරුවන් නව චින්තනයකින් ජාත්‍යන්තර සිනමාව ජයග්‍රහණය කර තිබෙනවා.
ඔව් ඇත්තටම නව නිර්මාණ කියන්නෙ මේ වෙලාවේ ඉතාමත් වැදගත් කාරණාවක්.නෙට්ෆ්ලික්ස්වල තියෙන Adolescence කියන කතාව කොටස් හතරකින් සමන්විත එකක්. ඒක නව යෞවනය ගැන තමා කතා කරන්නෙ. මේ ටෙලි නාට්‍යය මාලාවේ එක කොටසක තියෙන්නෙ මනෝ වෛද්‍යවරයෙක් සහ දරුවෙක් අතර කතාවක්. එහිදී කැමරාව තිබෙන්නෙ එකම තැනක විතරයි. ඒ මම ඒක උදාහරණයකට ගත්තේ නව නිර්මාණ සංකල්ප ගැන කතා කළ නිසා.
කොහොමද ඔබේ ඉදිරි කටයුතු ....
පසුගිය කාලයේ මම චිත්‍රපට පහකට විතර රංගනයෙන් දායක වුණා. කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරාගේ චිත්‍රපටයේ, තිසර ඉඹුලානගේ "මෝඩ තරිඳු", අනුර සිල්වාගෙ මෝහිනී චිත්‍රපටයෙත් මමයි චාන්දනියි ප්‍රධාන චරිත දෙකක් නිරූපණය කරනවා. ඒ වගේම විමුක්තිගේ චිත්‍රපටයේ සහ වාසව බදුගේගේ නීරා වගේම ලලිත් රත්නායකගේ ඩෙල්ෆ් ටෙලි නාට්‍යයත් එන්න නියමිතයි. ඒවගේම මහාචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ වේදිකා නාට්‍යයක් එක්ක වැඩ කරනවා. ඒ වගේම අම්මගෙ නාට්‍ය ආයතනය කරගෙන යනවා. එහෙම තමා මේ දවස් ගෙවෙන්නෙ.
අවසානයේ ප්‍රේක්ෂකයාට කියන්නෙ මොකක්ද?
මට කියන්න තියෙන්නෙ නිර්මාණ බලන්න. ඒවා රස විඳගන්න කියන එක තමයි.