අපේ කතාබහට එකතු වුණු ඇය පියුමාලි ප්‍රසාදිනී එදිරිසිංහයි. ඇය රංගනයට පිවිස එතරම් කාලයක් ගත නොවුණත් පියුමාලිට හිමිවන ප්‍රේක්ෂක ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැ.
“ආලවන්ති” කියන්නෙ පියුමාලිගේ පළමු රංගන අත්දැකීම නේද?
“ඇත්තටම “ආලවන්ති” කියන්නෙ මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නිර්මාණයයි. හැබැයි “ආලවන්ති” කරලා අවුරුදු 1 1 /2කට විතර පස්සෙදි තමයි විකාශය වීම ඇරඹුවේ. ඊට ටික කාලයකට කළින් මම දෙවනුව රඟපෑ “පාට කුරුල්ලෝ” විකාශය වෙන්න පටන් ගත්තා. ඒ නිසා වැඩිදෙනෙක් හිතන්නේ මගේ රංගනය ඇරඹුණේ පාට කුරුල්ලෝවලින් කියලයි.”
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
“ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. හැමෝම සුබ පතනවා. කතා කරනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ හැමෝම මට උදවු කරනවා. විශේෂයෙන්ම මේ ටෙලිනාට්‍ය දෙකේම මගේ පෙම්වතුන් විදිහට රඟපාන ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනකු වන සාරංග සහ සජිත අයියලාගෙන් ලැබෙන සහයෝගය නිසා මගේ රංගන කටයුත්ත වඩාත් පහසු වුණා.”
ඔබ රංගන ක්ෂේත්‍රයට පා තබන්නෙ වෙළෙඳ දැන්වීම් හරහා. ඉතින් අපි ඒ ගැනත් මතක් කරමු.
“2016 වසරේ රූපවාහිනී අවුරුදු කුමාරිය වුණේ මම. නමුත් අධ්‍යාපන කටයුතු නිසා වසර 05ක් පමණ කිසිම නිර්මාණ කටයුත්තකට යොමු නොවුණත් වෙළෙඳ දැන්වීම් සඳහා සහභාගි වුණා. වෙළෙඳ දැන්වීම් 35කට වැඩි ප්‍රමාණයකට මේ වනවිට මම දායකත්වය ලබා දී තිබෙනවා.”
ඔය අතරතුරේ තමයි “ආලවන්ති” ටෙලි නාට්‍යයට චාමර අයියා කතා කළේ. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පස්සෙ ප්‍රධාන චරිතයක් කිව්වහම නම් මට බය හිතුණා. මොකද රඟපෑමේ අත්දැකීම් මට නැති නිසා. හැබැයි සතියක්, දෙකක් යනකොට බය ටික ටික අඩුවෙලා හරිම අාසාවක් ආවා. මේ ටෙලිනාට්‍යය ටික දුරක් කරගෙන යද්දි තමයි “පාට කුරුල්ලෝ” චරිතය ලැබුණේ. මොකද මේ ටෙලිනාට්‍ය දෙකම කරන්නෙ එකම නිෂ්පාදන කණ්ඩායමක්.”
අලුත් නිර්මාණවලටත් ඉල්ලීම් ගලාගෙන එනවා නේද?
“ඔව්... ඔව්... ආරාධනා කිහිපයක්ම ලැබුණා. මේ අවුරුද්දෙ රූගත කරන අලුත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඉතින් තෝරා බේරාගෙන මේ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න හිතනවා.”
මේ හැමදේම පිටුපස්සෙන් ඉන්න පවුලේ අය ගැනත් කතා නොකරම බැහැ නේද?
“අනේ ඔව්. මගේ මුල්ම ප්‍රේක්ෂකයෝ තමයි පවුලේ උදවිය. මගේ තාත්තා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්. අම්මා ගෘහණියක්. මගේ ලොකු නංගි සිත්මි එදිරිසිංහත් රංගනයට සම්බන්ධයි. චූටි නංගි තාමත් පාසල් යනවා. අපේ පවුලේ හැමෝම කලාවට හරිම ළැදි අය. විශේෂයෙන්ම අම්මා තමයි හැමදේකටම මගේ පිටුපස්සෙන් ඉඳන් උදවු කරන්නෙ. ඒ වගේම මගේ පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය ගැනත් අමතක කරන්නම බෑ. ඔහු මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.”