දිනිති වෙනුවෙන් සංගීත්ගේ අම්මා කියූ සැර කතාව

 


දිනිති වල්ගමගේ කියන්නෙ සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ අතර ඈට ආදරේ කරන රසික පිරිස ඇරුණාම, අනෙකුත් පිරිස කළේම ඇයව විවේචනය කරන එක.


නමුදු ඒ කිසිවකින් දිනිති හෝ ඇයගේ ආදරණීය සැමියා සංගීත් ඔවුන්ගේ ජීවිත ආපස්සට අරන් ගියේ නෑ, ඉස්සරහට ම ගියා මිස.මෑතකාලීනවත් දිනිතිගේ ව්‍යාජ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැඩි ලෙස සංසරණය වෙන්න ගත්තා.


“ඔය වගේ පහත් සතුටක් ලබන උන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් හම්බවෙයි පුතේ.. මගේ පුතාලට ආදරේ කරන හැම දෙනාගේම ආශිර්වාදය තියෙනවා..”


මේ අම්මා කෙනෙක්ගේ තවත් කතාවක් විතරක්ම නෙවෙයි.ඇත්තටම කියනවා නම් , මේ දවස්වල ගොඩක් දෙනෙක් මේ කතාව ගැන දන්නවා.දිනිති වල්ගමගේ වගේම සංගීත් සතරසිංහ කියන්නේ අපේ රටේ කලා ලෝකයේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්.දිනිතිට පහුගිය දවසක මුහුණ දෙන්න වුණු අනපේක්ෂිත සිදුවීමත් එක්ක, ඒ ගැන කතා කරන්න සංගීත් හිතලා.


ඉතින් ඔහු ඒ ගැන ඔහුගේ සමාජමාධ්‍ය පිටු තුළ එක්කරල තිබුණ ඒ සටහනට සංගීත්ගේ අම්මා ජෙනී මෙන්න මේ වගේ පිළිතුරක් ලබදීලා තිබුණා.ඇත්තටම ඇය දිනිතිට තමගේ දුවෙක්ට තරමටම ආදරෙයි.ඒ නිසා දිනිතිට එක එක අය කියන මේ කතා ඇයට හිත රිදවන කාරණයක් වෙලා.


කොහොම වුණත් දිනිති කියන්නේ මේ දේවල් නිසා වැටෙන් කෙනෙක් නම් නෙවෙයි.ඇය සුපුරුදු විදිහටම ඇගේ වැඩකටයුතු කරගෙන යන ගමන් මේ වගේ පහත් වැඩ කරන පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නත් සැරසෙනවා කියලා තමයි ඇය නම් කියන්නේ.






Previous Post Next Post