ෆිල්ම් එකක් එනවා – සචින් ලියනගේ




මේ ලබන්නා වූ නව වසරේ” පෙබරවාරි මාසයේ මගේ ෆිල්ම් එකක් රිලීස් වෙන්න තියෙනවා. ඉතින් මම බැලුවේ මේ වසරේ ගොඩක් සිනමා නිර්මාණවලින්ම එළියට එන්න. ඒත් එක්ක” ටෙලි නාට්‍යවලින් චුට්ටකට ඈත් වෙලා ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි අලුත් ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙන්න තියෙනවා” ජනවාරි සහ පෙබරවාරි මාසවල. 


2024 නව වසරේ මම වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ” සිනමාව පැත්තෙන් ඉදිරියට එන්න අවස්ථාවක් හදාගන්න සහ තවත් මගේ පෞද්ගලික බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රඩක්ෂන් හවුස් එකක් ආරම්භ කරන්නත්. ඒ වැඩ ටිකත් සාර්ථකව කරගෙන ඉතිං කොහොම හරි 2024 අනුන්ට කරදරයක් නොවී සතුටෙන් ජීවිතේ ගෙවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.



Previous Post Next Post