හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂණය කළ දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන ලොක්කි ටෙලිනාට්‍යයේ ඔටිසම් රෝග ලක්ෂණවලින් යුත් සිඟිති නමැති මෙහෙකාරියකගේ චරිතය රඟපාමින් මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාරයට ලක්ව සිටින ඇය රශ්මි පුෂ්පිකා සුමනසේකරය.
කොහොමද සිඟිතිට ලැබෙන ප්‍රතිචාර…?
ඇත්තටම සතුටුයි.. බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. මෙම චරිතයේ මම රඟපාන්නේ ඔටිසම් රෝගයේ 2 වැනි මට්ටමේ සිටින අයෙකුගේ චරිතයක්.
ඔටිසම් කියන්නේ මනස සෙමින් වර්ධනය වූ රෝගී තත්ත්වයක්. මමත් මෙවැනි රෝගීන් රැකබලා ගන්නා හැටි ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා මට මෙම චරිතය රඟපාන්න ඉතා පහසු වුණා.
සිඟිතිට අමතරව රඟපාන චරිත මොනවාද?
සුනිල් සමරකෝන් මහතාගේ වේදිකා නාට්‍යයක් වන සුදු ලිහිණියෝ හි රඟපානවා. මම එහි සමාජ ශාලා නළඟනකගේ චරිතයට පණ පොවනවා. මෙහි කතා තේමාව මත්ද්‍රව්‍යවලට තරුණයන් ඇබ්බැහි වන හැටි කියා පෑමයි.
මීට අමතරව කීර්ති බණ්ඩාර මහතා අධ්‍යක්ෂණය කළ ‘හිත හොඳ බෙංජා. චිත්‍රපටයේ රඟපෑවා. එය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
රඟපෑමට අමතරව යෙදෙන වෘත්තිය මොකක්ද?
රශ්මි ක්‍රියේෂන් නමින් ආයතනයක් පිහිටුවා ඉන් ඒකාංගික ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනවා. එහිදී මම ටෙලිනාට්‍ය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණයෙන් ද දායක වෙනවා.
ඊට අමතරව Beauty TV නමින් රූපවාහිනි නාලිකාවක නිෂ්පාදිකාවක් සහ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරනවා.
සේනුක