මම නම් හරි ආසයි ලස්සනට ඉන්න - උරේෂා රවිහාරි

 



බිරිඳක් මවක් විදිහට ඇයටත් පැවරි තියෙන වගකීම් මෙතැකැයි කියලා කියන්නට බැහැ..... ඒ නිසාම බොහෝ කාන්තාවන් තමන්ගේ වගකීම ඔලුවට බරක් කරගෙන මේ වගේ කාලෙක ඇය මේ කියන කතාව ඔබටත් හිතන්නට යමක් ඉතිරි කරනවා නේද කියලා බලන්න.... රටක් හදුනන හඬකට හිමිකම් කියන ඇය උරේෂා රවිහාරි... බොහෝ දෙනා ඇයව හඳුනාගත්තේ ගායන ශිල්පිනියක් ලෙස වුණත්, උරේෂා කියන්නෙත් හොඳ බිරිඳක් ඒ වගේම මවක්. ඇය නම් කියන විදිහට තමන්ගේ ගෙදර වැඩ තමන්ට කවදාවත් බරක් කර ගන්න හොඳ නැහැ... කොහොම වුණත් දරුවන්ගේ වගේම සැමියගේ වැඩත් කරලා තමන්ගේ ලස්සන රූපය පවත්වා ගන්න එක ගැනත්, උරේෂා මෙතනදි කතා කරලා තියෙනවා...

ගෙදර හැම උයන පිහන වැඩක් වැඩ කරන ගමන් ගෙදර අස්පස් කරන එක ඇගේ පුරුද්දක් ලු.. ඒත් එක්කම සැමියාගෙ වැඩ දරුවාගේ වැඩ කරා කියලා ඇගේ ලස්සන ගැන අඩුවෙන් හිතන්නේ නෑ කියලා තමයි උරේෂ නම් කියන්නේ.... ගොඩක් අය තමන්ගෙ නියපොතු සවුත්තු වෙනවා කියලා උයන්නේ නැතිව ඉන්නවනේ. ඒත් ඒවටත් ක්‍රම සහ විදි තියෙනවා කියලා උරේෂා අනිත් හැම අම්මා කෙනෙක් ට මතක් කරනවා....

"මම ගෙදරට වෙලා නිකං ඉන්නේ නැහැ මම කොයි වෙලාවකවත් මගේ නියපොතු සවුත්තු වෙනවා කියලා උයන්නේ නැතුව ඉන්නෙ නැහැ...ගොඩක් අය හිතනවා එහෙම කරන්න බෑ කියලා ඒත් හැමදාම දකිනවා වගේ නයිටියක් ඇඳගෙන ගෙදර වැඩ කරන්න ඕන නෑ...සමහර වෙලාවට සේවිකාව ඊට වඩා ලස්සනට ඉන්නවා... එහෙම කරන්න ඕන නැහැ.අපිට හැමදේම කරන්න පුළුවන් අපි ලස්සනටත් ඉන්න ඕන. මම නම් හරි ආසයි ලස්සනට ඉන්න"





Previous Post Next Post