දිල්හාරා කියන්නෙ මගෙ නිල නොලත් මැනේජර් - උදේෂ් ඉන්දුල

 


‘ළං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේපෑ සෙනේහෙන් මා මත් වෙලා” මීට අවුරුදු දහතුනකට උඩදි ඔඪ එකේ ගිය හැම මියුසික් ෂෝ එකකම ඇසුණු මේ ගීතය දෙතොලෙන් මිමිනුණු යවන චරිතයක් මේ රටේ නැතුවැති. එය එතරම්ම ජනප්‍රියත්වයේ හිනි පෙත්තට ගිය ගීතයක්. සරලවම කිව්වොත් ළංවෙලා හිම සීතේ කියන්නෙ ධකා ්‍යසඑ එකක්. ගීතය රිලීස් වෙලා අවුරුදු දහතුනක් ගියත් අදටත් ඒකෙ වෙනසක් නෑ. වැඩි අටුවා ටීකා අනවශ්‍යයි. අද අපේ නවාතැන සෙනෙහසින් පුරවන්න  ආ අමුත්තා කවුද කියල ඔබ දැනටමත් දන්නවා.


මේ දවස් කොහොමද ගතවෙන්නෙ?


මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ීයදඅි කිහිපයක් තියෙනවා කරන්න. අවුරුදුත් ඉවර වුණා විතරයිනෙ. ඒ වගේම මගේ අලුත් සින්දුවත් රිලීස් කරන්න සූදානමින් ඉන්නෙ ‘සත්ලං’ කියන අලුත් කවර් වර්ෂන් එකක්. ඒකෙ වීඩියෝ එකත් ප්ලෑන් කරන් යන ගමන්.


කොහොමද මේ පාර අවුරුදු?


වෙනදා වගේම චාරිත්‍ර ටිකට මුල් තැන දීලා තමයි අවුරුදු සැමරුවේ. මොන වැඩේ තිබුණත් ඒවා මගහරින්නෙ නෑ. මම, බිරිඳ, පුතා වගේම මගෙයි බිරිඳගෙයි පවුල්වල අය හැමෝම එකතු වෙලා තමයි අවුරුදු සමරන්නෙ. කොහෙවත් නෑගම් නම් ගියෙ නෑ. ගෙදරම තමයි අවුරුදු සැමරුවේ. නමුත් වෙනදා වගේම මේ අවුරුද්දෙත් යාළුවෝ කීප දෙනෙක් එක්ක එකතු වෙලා පාසල් ළමුන්ට පොත්, පාසල් උපකරණ ලබාදුන්නා.


වර්ණ පුතා නිසා මේ අවුරුද්ද ටිකක් වෙනස් අවුරුද්දක් වෙන්න ඇති...ඔව් ඇත්තටම. පුතාට දැන් අවුරුදු දෙකහමාරයි. එයාට තේරෙන කාලෙ සමරපු පළවෙනි සිංහල අවුරුද්ද තමයි මේක. අනිත් එක පුතා හිටියත් කලින් අවුරුදුවල වසංගත තත්ත්වය නිසා අපිට අවුරුදු සමරන්න බැරි වුණා.


උදේශ්ගෙ වැඩවලට බිරිඳගෙන් ලැබෙන්නෙ මොන වගේ සහයක්ද?


දිල්හාරා කලා ක්ෂේත්‍රය ගැන හොඳට දන්න කෙනෙක් වගේම කලාවට ආස කෙනෙක්. ඒ නිසා ඇයට මගේ වැඩ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඇය කලාවට දක්වන ආදරය නිසාම මගේ වැඩවලටත් උදව් කරන්නෙ හරිම ආසාවෙන්. මටත් වඩා කැපවීමෙන් මගේ ීදජස්ක ඵැාස් සේරම මැනේජ් කරන්නෙ ඇය. මොකද මගේ ී්රද‘ බෑන්ඩ් එකේ සහ ගායන වැඩ එක්ක කාර්යබහුල වෙද්දි සෝෂල් මීඩියා අප්ඩේට් කරන්න මට වෙලාවක් නෑ. දරුවව බලාගන්න ගමන් මගේ වැඩවලටත් සපෝට් කරන දිල්හාරා කියන්නෙ මගේ නිල නොලත් මැනේජර්.


ජීවිතේ ඔමරබසබට ඡදසබඑ එක මොකද්ද කියල ඇහුවොත්...


ජීවිතේ ඔමරබසබට ඡදසබඑි කීපයක් තියෙනවා. පළවෙනි එක මම ඩී්‍රම් ස්ටාර් තරගෙන් දිනපු එක. මොකද මට හිතාගන්න බෑ ඒකෙන් මම දිනුවෙ නැත්නම් මේ වෙද්දි මම කොතන ඉඳීද කියල. දෙවෙනි එක මගේ විවාහය. මීට අවුරුදු තුනකට කලින් තමයි මම දිල්හාරාව විවාහ කරගත්තෙ. මොකද මං හැදුනෙ අක්කලා හතරදෙනෙක්ම එක්ක. වෙනස් වගකීම් ගොන්නක් එක්ක. දිල්හාරා එක්ක ජීවිතේ පටන්ගත්ත එකත් එක ඔමරබසබට ඡදසබඑ එකක්. ඒ පටන්ගත්ත ගමන බොහොම සාමකාමීව, සතුටින්, අවබෝධයෙන් යනවා.


‘ළං වෙලා හිම සීතේ‘ කියන්නෙ අදටත් ෑඩැර ඨරුැබ නිර්මාණයක් නේද?


මං මාරම වාසනාවන්තයි ළං වෙලා හිම සීතේ ගීතය මගේ වෙන්න. ඇත්තටම ඒක සදාකල් පවතින නිර්මාණයක්. විශේෂයෙන්ම මම මතක් කරන්නම ඕන මේ සින්දුවේ මියුසික් කරපු රොමේෂ් සුගතපාල සහ ලිරික්ස් කරපු නන්දන වික්‍රමගේව. ඒ දෙන්නගේ අතින් වෙච්චි ඉතා සාර්ථක සහ රසිකයො තවමත් ආස කරන නිර්මාණයක් තමයි ළංවෙලා හිම සීතේ කියන්නෙ.


ඒ කාලෙ හැම ඵමිසජ ඡරදටර්ප එකකම ඡක්හ වුණ සින්දුවක්. සමහර ටුවර්ස් ගියාම මාව මිනිස්සු අඳුරගත්තෙ උදේශ් ඉන්දුල නමින් නෙවෙයි ළං වෙලා හිම සීතේ සින්දුව කියන ගායකයා නමින්. උදේශ් කියන ගායකයා ගොඩනැගුණේ ළං වෙලා හිම සීතේ සින්දුව නිසා. රිලීස් වෙලා අවුරුදු 13 ක් වුණත් තව අවුරුදු පහළොවකට විස්සකට පස්සෙත් ඒ සිංදුවට සෑහෙන ප්‍රතිචාර තියෙයි. මේ වගේ ගීත දෙක තුනක් තියෙනව නම් ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න පහසුයි. නමුත් මට ‘ළං වෙලා හිම සීතේ‘ වගේ සින්දුවක් ආයෙ හම්බුණේ නෑ.


ඉතින් ඒ වගේ නිර්මාණයක් ආයෙත් හැදෙන්නෙ නැති වෙයිද?


ඇත්තටම මනුරංග විජේසේකර එක්ක සිංදුවක් කරන්න කතා කරගෙන තියෙන්නෙ. එයාගෙ ලිරික්ස්වල තියෙන්නේ වෙනස්ම හැඩයක්නෙ. නමුත් නාදගම එක්ක මනූ ටිකක් කාර්යබහුලයි මේ දවස්වල.


උදේශ්ගෙ ‘සත්ලං‘ ගැන කතා කළොත්...


සත්ලං කියන්නෙ ආසියාව පුරාම ප්‍රසිද්ධ වුණ ඔමප ඔමප දෙමළ ගීතයේ ඍැප්නැ එකක්. මට ඔය සින්දුවට රීමේක් එකක් කරන්න අදහස ආවෙ අහම්බෙන්. දවසක් මමයි බිරිඳයි පුතයි ගාල්ලෙ පොඩි ටුවර් එකක් ගියා. ගිහින් රිසෝට් එකේ ඉද්දි ඔමප ඔමප සින්දුවට පුතයි දිල්හාරායි ඔසනඑදන එකක් කළා. ඒකට සෑහෙන වීව්ස් තිබුණා. ඒකෙන් පස්සෙ තමයි මට හිතුණෙ සිංහල කවර් වර්ෂන් එකක් කරන්න. හිතුවට වඩා ලස්සනට ඒ වැඩෙත් වුණා. මේකෙ ලිරික්ස් කළේ පියුමි සමරක්කොඩි. මේක අපි හිතුණ හැටියෙ කරපු වැඩක්. මං පියුමිට කිව්වා ඔයා ලියාගෙන යන්න අපි හදාගමු කියල. පස්සෙ මමත් ටිකක් ලිරික්ස් වෙනස් කරලා පොලිෂ් කරගත්තා. ඵමිසජ ක්‍දපචදිැ කළේ හේෂංක පණ්ඩිතගේ.


ඍැප්නැ එකක් නිසා රසික ප්‍රතිචාර වල වෙනසක් වෙයිද? 


ඇත්තටම මේ වෙද්දිත් සත්ලං එකට කට්ටිය ටික්ටොක් කරන්න පටන් අරන් තියෙන්නෙ. මම රීමේක් කරපු දෙවෙනි සින්දුව තමයි මේ. පළවෙනි එක මම ඩී්‍රම් ස්ටාර් ෆයිනල් එකේ කියපු ‘මිතවා‘ හින්දි සින්දුවට කරපු රීමේක් එක. ඒකට ඒ කාලෙ සෑහෙන ප්‍රතිචාර තිබුණා. මං හිතනවා ‘සත්ලං‘ එකත් මිනිස්සු ආදරෙන් බාරගනී කියල. සමහරු කියන්න පුළුවන් මේක රීමේක් එකක් තමන්ගෙ එකක් කරන්න පුළුවන්නෙ කියල. නමුත් කලාව එක එක විදිහට එක එක වේෂවලින් එන්න පුළුවන්. රසිකයා වෙනසක් නැතුව නිර්මාණය බාර ගන්නවනම් ඒක රීමේක්ද ඔරිජිනල්ද කියල වෙනසක් නෑ. ස්වතන්ත්‍ර නිර්මාණ අතරේ රීමේක් කළාට කමක් නෑ කියල මං හිතන්නෙ.


සාමාන්‍ය ජීවිතේ උදේශ් කියන්නෙ මොන වගේ චරිතයක්ද?


සමාජයට පේන්න ඉන්න කලාකරුවම තමයි ගෙදරදි ඉන්නෙත්. පුතා එක්ක සින්දු කියනවා නටනවා. මං හරිම සෝෂල් කෙනෙක්. කිසිම කෙනෙක්ට වෙනසක් නෑ. මට තරහකාරයෙක් එක්ක වුණත් වෙනසක් නැතුව හිනාවෙලා ඉන්න පුළුවන්. එයා රැව්වත් මම හිනාවෙනවා එයා කවදහරිම හිනාවෙයිනෙ කියල හිතන්. මම සරල මනුස්සයෙක්. ක්ෂේත්‍රයේ අය මාව හඳුන්වන්නෙත් හැමෝම එක්ක හිනාවෙලා සුහදව ඉන්න කෙනෙක් හැටියට. ඉතින් ඒ වචනවලට මං හරිම කැමතියි. 


එරංදි කෞශල්‍යා





Previous Post Next Post