එයාව බලන්න යන සමහර දවස්වලට හරි හිත සතුටෙන් අපි ගෙදර එනවා - කුමාරි මුණසිංහ

 


මේ දිනවල හැමෝගෙම අවදානය යොමු වුණු කලාතරු අතර හැමෝම අවදානය යොමු කරන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී විශේෂයි.ඔහු සුවවේදෝයි රටක් දෑස් දල්වා මාස ගණනක් බලා සිටින අතරවාරයේ කොළඹ ජාතික රෝහලේ විවිධ ආරංචි මාර්ගවලින් ඔහුගේ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ කටකතා සැරිසරන්න වුණා. ඊයේ හිරු කොපිචැට් වැඩසටහන සඳහා ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිද කුමාරි මුණසිංහ සහ වැඩිමල් පුතු අකිල ධනුද්දර සහභාගි වුණා.

එහිදී ජැක්සන්ගේ නවතම තත්ත්වය පවසමින් කුමාරි මුනසිංහ මෙසේ කියා සිටියා. “ජැක්සන් සුව වෙමින් ඉන්නවා. අපි එයාව බලන්න හැමදාම යනවා. සමහර දවස්වලට හරි හිත සතුටෙන් ගෙදර එනවා. මොකද අමුතු අමුතු පුංචි පුංචි වෙනස්කම් එයාගෙන් දකින්න ලැබෙනවා.හැමදාම එයා එක වගේ නැහැ. සමහර දවස්වලට මුළු දවසම වගේ නිදාගන්න දවස් තියෙනවා. මම හිතන්නේ එයාට නින්ද අවශ්‍ය නිසා වෙන්න ඇති නිදාගන්නේ. එයා ටික ටික සුව වෙනවා.”





Previous Post Next Post