අම්මා වගේම අමායාත් එයාට උපරිම නිදහස දීලා තිබුණා ෙ- කවින්ද්‍යා අධිකාරි

 



සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වුණත් ඇය ඉතා කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා. ඒ ඇයට ම අනන්‍ය හඬකින්. ගායිකාවක් පමණක්ම නොවෙයි, රංගන ශිල්පිනියක් නිවේදිකාවක් විදිහටත් ඇය ප්‍රේක්ෂකයින්ට සමීප වෙනවා. ඇයගේ ආදරණීය දෙමව්පියන් වන සමිතා - අතුල යුවළටත් ප්‍රේක්ෂකයින් එදා වගේම ආදරෙයි. පසුගිය දිනෙක වැඩසටහනකට එක් වූ කාවින්දෑ ඇගේ පියා ගැන මෙන්න මේ විදිහේ කතාවක් කිවුවා.


කවීට තාත්තාව මතක් වෙන්නෙ කොයි වගේ වෙලාවට ද ?

"තාත්තව මිස් වෙන්නෙ (මතක් වෙන්නෙ,) ඉතින් ඇත්තටම, මට ගොඩක් යාලුවෝ හිටියා ඉස්සර. මම හරිම ඕපන් කෙනෙක්. පස්සෙ පස්සෙ යාලුවෝ නිසාම හර්ට් වෙන්න ගත්තා. ඒ වෙලාවට මතක් වෙනවා. රිලේශන්ශිප්ස් වලදි දුක හිතෙන වෙලාවල්වලට මතක් වෙනවා. මම අම්මි එක්ක ගොඩක්  දේ ශෙයා කරනවා තමයි. හැබැයි තාත්තිට කියද්දි වෙනස්නේ. අනික එයා පිරිමියෙක්නේ, එතකොට එයාගේ පැත්තෙන් දෙයක් කියනවනේ. වැඩිපුරම දුක හිතුණේ මම්මා නැති වුණ දවසේ. එදා නම් එයා මගේ ළඟ හිටියා..."


අම්මයි තාත්තායි අදටත් එකට හිටියනම් හොඳයි කියලා කවීට හිතෙන් නැද්ද ?

"අපේ තාත්තා ලොකුවට ජීවිතේ දේවල් බලන කෙනෙක් නෙවේ. හරිම නිදහසේ ඉන්න කෙනෙක්. අම්මා උපරිම නිදහස දීලා තිබුණා එයාගේ ජීවිතේ. ඒ වගේම අමායාත්. මම කියන්නෙ දෙන්නෙක් එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙල යාලුවෝ විදිහට එකට ඉන්න එකට මම ගොඩක් කැමතියි."






Previous Post Next Post