අපේ කළා ක්ෂේත්රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ. ඒ වගේම ඇය නර්තනයටත් ඉතාම දක්ෂයි. ඉතින් දැන් ආදරණීය දියණියත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
කොහොම නමුත් ඇයගේ විවාහය ඇය හිතලා ගත්ත තීරණයක් නෙවෙයි කියලයි ශ්‍රීමාලි නම් කියන්නේ. මොකද ඒක ඕන වුනේ ඇයගේ දෙමව්පියන්ටලු. ඒ වගේම ඇය විවාහ වුනේ අවුරුදු 20න් කියලත් ඇය කියනවා. ඉතින් අවුරුදු 20ක් වගේ පොඩි වයසකින් කසාද බඳින එක හොඳ දෙයක් නෙවෙයි කියලයි ඇය නම් කියන්නේ.මොකද ඒ වයසේදී තමයි හැමෝම වගේ ලෝකය ගැන සමාජේ ගැන තේරුම් ගන්නේ. ඉතින් ඒ දැනුම නැතුව විවාහ වුනාම ඒ පවුල් ජීවිතේ සාර්ථකව ගෙනියන්න අමාරුයි කියලයි ඇය කියනවා. ඒ වගේම ඇය පුංචි කාලේ ඉදන්ම ගොඩක් ආසාවෙන්ලු හිටියේ අම්මා කෙනෙක් වෙන්න. ඉතින් ඇයට ඒ අවස්ථාව ලැබුණා එක ගැන අදටත් ගොඩක් සතුටු වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඒ කාලේ ඇයට ලොකු වයසක් තිබුනේ නැති නිසා පොඩි බයකුත් තිබුණාලු ඇයට අම්මා කෙනෙකුගේ වගකීම් ගන්න පුළුවන් වෙයිද කියලා.