අපේ ගෙදර තිබුණු ආර්ථිකය එක්ක මට කැම්පස් යන්න බැරි වුණා - සදුන් පෙරේරා



ප්‍රාසාංගික වේදිකාව තුල සදුන් පෙරේරගේ ගීතයක් ඇහුනෙ නැත්නම් ඒ අඩුවක් වගේ. ඒ තරමට ඔහුගේ ගීත අපෙ ජීවිත වලට සමීපයි. ආදරය ආගමකි, ආයෙත් වරක්, පූජා කරන් වැනි ගීත හරහා බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණු සදුන් පෙරේරා ආදරණීය ගායකයාගේ ගීතයන් අතර ඔබ මගේ හදවතේ පැළදුවා ගීතයනම් කියාගන්න බැරි තරමට කවුරුත් ආදරය කරන ගීතයක්.

පසු ගියදා peoples award සම්මානයෙන් පිදුම් ලබපු සදුන් ප්‍රාසාංගික වේදිකාව තුළ ඉතාම කාර්යබහුල කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඔහුගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් මේ වන විට එලැඹිලා ඉන්නවා. ඒ ඔහුගේ චූටි පුතා ඉපදෙන්න ළග නිසා. ඉතින් සදුන් පෙරේරා ආදරණීය ගායන ශිල්පියාගේ කවුරුත් නොදත් තොරතුරු මේ විදියටයි ඔහු එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ 7ක් සහ C සාමාර්ථ 2ක් සහිතව සමත් වුණා. උසස් පෙළ හැදෑරීමට කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ කලේ වාණිජ විද්‍යා අංශයෙන්. උසස් පෙළට A 2 ක් සහ B 1ක්. මට විශ්ව විද්‍යාලය සදහා ඇතුලත් වෙන්න පුලුවන් වුණත් ඒ කාලේ අපේ ගෙදර තිබුණු ආර්ථිකය එක්ක මට කැම්පස් යන්න බැරි වුණා.

මම සංගීත ගමන එන්න පුදුම දුකක් වින්දෙ. එකපාර රටම දන්න ගායකයෙක් වෙන්න බෑ කියලා මටම තේරුනා. ඉතින් මම පයින් කිලෝමීටර ගානක් ගියා. මට කවදහරි ඕන වුණා මම ඒ පයින් ගියපු තැන් වල මගේම කියලා වාහනේක යන්න. මම ස්ටේජ් එක ළගට ගිහින් බලන් ඉදලා තියෙයි සිංදු කියන්න අවස්ථාවක් ලැබෙනකම්.’





Previous Post Next Post