හිරු ස්ටාර් සජීවි ගායන රියැලටිය හරහා අතිශය ජනප්‍රිය වූ මනේජ් සංජය කියන්නෙ අද වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ශිල්පියෙක්. මනේජ් සමාජ මාධ්‍ය හරහා සිදුකරන සමාජ සත්කාර එහෙමත් බොහෝ පිරිසකගේ කතාබහට ලක්වනවා. මේ මෑතක ඔහු වැඩසටහනකට එක්වෙමින් පළ කෙරූ අදහස්…
ලස්සන අම්ම කෙනෙක් තනි වුණාම වෙන පිරිමි එයාට ළංවෙනවා ?
උන්ට කියන්නෙ පිරිමි නෙවෙයිනේ අසහානකාරයෝ… වෙන වෙන අවශ්‍යතා හොයන්නෙ එන්නෙ. ගොඩක් අද සමාජය පිරිහිලා තියෙන්නෙ. අපේ හැඟීම් වගේ නෙවේ අම්මා කෙනෙක්ගේ හැඟීම්.. කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ. අපි එහෙම වෙන්න ඕන නෑ මම හිතන්නෙ. එහෙම උන්ට තිරිසන්නු කියල තමයි කියන්නෙ. අනියම් සම්බන්ධතා කියන්නෙ ආශාවනෙ. ඕක පාලනය කරගන්න ඕනෙ. තමන් ඒක දැනගන්න ඕනෙ. සමහර මම දැකලා තියනවා සිය දිවි නසා ගන්නවා,ඔය සම්බන්ධ නිසා…