අවුරුදු කුමරිය තරගාවලියක් හරහා කලා ක්ශේෂ්ත්‍රයට ආපු ඒ සුරූනිය තමයි සදනි ප්‍රනාන්දු කියන්නේ. ඉතින් මුලින්ම ඇය වෙළද දැන්වීම් හරහා තමයි ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. සදනි රංගනයෙන් දායක වුණු එක් වෙළද දැන්වීමක් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් නිසා ඉන්පසු ඇයට වෙළද දැන්වීම් ගණනාවකටම ආරාධනා ලැබුණා.
ඉතින් ඉන් පසුව ටෙලිනාට්‍යය හරහා දැක ගන්න ලැබුණු සදනි ප්‍රනාන්දු රංගනයෙන් දායක වුණු ‘බන්ධනා ‘ ටෙලිනාට්‍යයේ මයුමි චරිතය හරහා ඇය රසික ආදරය ඉහලින්ම ලබා ගත්තා. ඉතින් රංගන ශිල්පිනියක් වගේම සදනි මේ වන විට ගායිකාවක්. ඒ ඇගේ ගීතයක් පසුගිය දා ඇය ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආවා. සදනි ආදරවන්තයාත් ගායන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්. ඒවගේම සදනිගේ සහෝදරයාත් සංගීත ක්ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරන කෙනෙක්. ඇය සංගීතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මම සංගීතය ඉගෙන ගත්තා. අපේ අයියත් සංගීත ක්ශේෂ්ත්‍රයේ වැඩ කරන්නේ. මම පියත්ට කැමති වෙන්න ලොකුම හේතුව තමයි සංගීතයට තියෙන ආදරය හා ආසාව. දැන්නම් මම ගායකයට වඩා ඒ පුද්ගලයට ආදරේ කරන්නේ. අපි තව අවුරුදු 2කින් වගේ විවාහ වෙනවා. මේ තියෙන තත්වෙත් එක්ක දෙන්නෙක් තියා එක්කෙනෙක්ටවත් ජීවත් වෙන්න බැරි තත්වයක්නෙ තියෙන්නේ.’’