මගෙ දෝණිව අතේ ටැටූ කලේ මගේ හදවත ලග තියා ගන්න ඕන නිසා - උදාරි වරණකුලසූරිය



රංගන ශිල්පිනියක් විදියට කාලයක සිට අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ඒ සුරූපිනිය තමයි උදාරි වරණකුලසූරිය කියන්නේ. ඇය ටෙලි තිරය තුල වගේම සිනමාව තුළත් ඇගේ රංගන කුසලතාවය විදහාපානවා. ඉතින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘බොද මීදුම්’ ටෙලිනාට්‍යයෙන් තම කලා ගමන ආරම්භ කරපු උදාරි පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම ටෙලිනාට්‍යය නිළිය විදියට සම්මානය ලබා ගන්නට වාසනාවන්ත වුනා.ඉතින් ඒ සම්මානයට හිමිකම් කියුවේ ඇය රංගනය කල ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘සංසාරණ්‍ය අසබඩ’ ටෙලිනාට්‍යය නිසා. ගැමි චරිත හෝ ඕනෑම චරිතයකට ඉතාම සාධාරණයක් ඉටු කරන උදාරි වර්ණකුලසූරියගේ සුරූපි බවත් කිසිම අඩුවක් වෙන්නේ නෑ.

ඒ වගේම ඇය රංගනය කල මුල්ම සිනමා නිර්මාණය තමයි ආදරණීය කතාවක් චිත්‍රපටය. තවම රූප සුන්දරත්වය ඉහලින් හිමිකම් කියන උදාරි මේ වන විට ආදරණීය මවක්. ඇගේ සැමියා සහ දියනිය සමගින් ඇය විදෙස් රටක ජීවත් වුණත් කලා කටයුතු වෙනුවෙන් උදාරි ලංකාවට විටින් විට එනවා. ඉතින් තවම වයස අවුරුදු 10ක දුවෙක් ඉන්න උදාරි ඇගේ ආදරණීය දියණියන් ගැන එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ දෝණිට අවුරුදු 10 යි තවම. නමුත් එයා මගේ කන ලගට උසයි. එයා කියනවා මේ පාර මාව වෙල්කම් කරන්න රෙඩ් කාපට් එකක් දාන්න වෙයිලු සම්මානය ගත්ත නිසා. එයා මගේ ජීවිතේ. මම එයාට ගොඩක්ම ආදරේ නිසා මගේ හදවතට ළගින් අතේ ටැටූ එකක් කලා එයාගෙ.”




Previous Post Next Post