දක්ෂ නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් වගේම ගායන හැකියාවත් තියෙන ඔහු සැබැවින්ම දක්ෂයෙක්. ඉතින් ඒ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා ප්‍රේක්ෂකයා හමුවටගෙන එන ඔහු සාරංග දිසාසේකරයි. සාරංග දිසාසේකර ගැනනම් කවුද නොදන්නේ. ඒ තරමටම ඔහු පුංචි තිරය හරහා වගේම සමාජ මාධ්‍ය හරහාත් අතිශය ජනප්‍රිය කෙනෙක්.
ඉතින් සාරංග සිනමාව ටෙලිනාට්‍යය තුල තම රංගන දායකත්වය ලබා දෙනවා. ඔහුගේ එකිනෙකට වෙනස් වුණු චරිත රංගනයන් සාරංගගේ රසික ජනතාවට හොදින්ම දැක බලා ගන්න පුලුවන්. ඉතින් මේ දක්ෂ කලා කරුවා විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් සමග කියලා කවුරුත් දන්න දෙයක්. ඉතින් උමාලිගෙන් වෙන්වෙලා දිනක්ෂි සමග කූඩු තැනූ සාරංග මේ වන විට ආදරණීය සැමියෙකුගේ භූමිකාව වගේම පියෙකුගේ භූමිකාවත් ගෙදරදී රගපානවා. ඒ කියන්නේ ඔහු මේ වන විට ආදරණීය පියෙක්. සාරංග දිනක්ෂි සුන්දර කැදැල්ල හැඩ ගන්වපු ඒ පුංචි සුරංගනාවි තමයි සාරණ්‍යා.
බබා ලැබුණ පස්සේ ජීවිතේ වගකීම් එක්ක ආදර්ශමත් පියෙකුගේ චරිතය සැබෑ ජීවිතේ රග දක්වන සාරංග ඔහුගේ බිරිද වන සුරූපි දිනක්ෂි සමගින් ඉතා සතුටින් ජීවත්වෙනවා. ඒ බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. සාරංග දිනක්ෂි ඔන්ලයින් කියන යූ ටියුබ් නාලිකාව හරහා ඔවුන්ගේ ජීවිතයේ විශේෂ සිදුවීම් අපිට දැක බලා ගන්න පුලුවන්. ඉතින් මේ වන විට සතුටින් කැදැල්ලේ ජීවත් වෙන සාරංග දිනක්ෂිගේ කැමතිම ගති ගුණය කිව්වේ මේ විදියටයි.
” දිනක්ෂිගේ මම කැමති ගති ගුණ ගොඩක් තියෙනවා. එයා ඉන්න තැන අනුව හැසිරෙනවා. භාජනේ හැඩේ අනුව වෙනස් වෙලා ඉන්නේ. එයා හරියට වතුර වගේ. එයා උයන කෑමත් වතුර වගේ. මම කැමතිම එයා කා එක්කත් ඉතාම සුහදශීලීව වැඩ කරන්නේ. එයාගේ ඒ මිත්‍රශීලී කමට මම කැමතියි.’’