එමාෂාව මට ලැබුනේ ආත්මීය බැඳීමකින් වගේ, අපේ ආදරේ ඇත්තටම සුන්දරයි - දිලුම් විජේසිංහ




මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ නිරංගගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි තිනෙරු දිලුම් විජේසිංහ කියලා කියන්නේ. ඒ වගේම ඔහු මීට පෙර නෑනලා, අසංවර වැස්සක්, ධරණි සහ හිතුවක්කාරි කියන ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. කොහොම නමුත් රංගනයට අතරතුර කොලඹ විශ්විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහුගේ පවුලෙ කිසිම කෙනෙක් කළා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ කියලයි දිලුම් කියන්නේ. කොහොම නමුත් දවසක් ඔහුට තිර පරීක්ෂණයකට පෙනී සිටීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඔහුව ඒකට යවලා තියෙන්නේ ඔහුගේ ආච්චිගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් වන රවීන්ද්‍ර. ඊට පස්සේ තිර පරීක්ෂණයෙන් ඔහුව තේරුණාම සහාය අධ්‍යක්ෂවරයකු වන උදය ප්‍රසන්නව හඳුනා ගන්න ලැබුණා කියලත් ඔහු කියනවා. ඉතින් ඊට පස්සේ තමයි නාලන් මෙන්ඩිස් මහතාගේ නෑනලා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්න ඔහුට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉන් පස්සෙ ධරණී, හිතුවක්කාර, අසංවර වැස්සක් වැනි ටෙලිනාට්‍ය වල රඟපාන්න ලැබුණා කියලයි දිලුම් කියන්නේ.

ඒ වගේම ඔහු පුංචි කාලේ ඉදන්ම ගොඩක් ආසයිලු ගණිත අංශයට. ඉතින් ගණිත අංශයෙන් සරසවි තේරුණාම ඔහු තෝරා ගෙන තියෙන්නේ න්‍යෂ්ටික විද්‍යා අංශය. දැන් ඔහු උපාධියට හදාරන්නෙ ඒ අංශයෙන්. ඉතින් ඒක පොඩි කාලයේ ඉඳලම ඔහුට තිබුණු සිහිනයක් නිසා ඒ සිහිනය සැබෑ කර ගන්න පුළුවන් වීම ගැන ලොකු සතුටක් තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම ඔහු මිනිස්සු ඉන්න තැන්වලට ගියාම එයාලා ඔහුව වට කරගෙන සෙල්ෆි ෆොටෝ ගහද්දි එහෙම දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම් කියලයි ඔහු කියන්නේ. මොකද ඒක මුදලට ගන්න බැරි සතුටක් නිසා. ඒ වගේම ඔහුට මිනිසුන්ගෙ ආදරය මුදලට වඩා වටිනවා කියලත් දිලුම් කියනවා.

ඒ වගේම කළා ක්ෂේත්‍රයේ ඔහුට හමුවුනු වඩාත් සමීප කෙනෙක් තමයි දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වන එමාෂා කියලා කියන්නේ. ඉතින් ඒක හරියට ආත්මීය බැඳීමක් වගෙයි කියලත් ඔහු කියනවා. ඒත් එක්කම ඔහුට ලොකු ශක්තියක් ලබාදෙන හරිම හොඳයි කෙනෙක්ලු එමාෂා කියලා කියන්නේ. ඒ වගේම ආදරය කියන්නේ ජීවිතයෙ කලින් සැලසුම් කරලා, කළ හැකි දෙයක් නෙවෙයි කියලත් ඔහු කියනවා. ඉතින් ආදරය අලුත්, නැවුම්, හරිම සුන්දර දෙයක් විදිහටලු ඔහු දකින්නේ. ඒ වගේම ඇත්ත ආදරය මරණ මංචකයේ දී පවා හමුවන්න පුළුවන් කියලයි ඔහු නම් කියන්නේ. ඉතින් කොහෙදිද, තොනැනද කියලා දන්නෙ නැති වුනාට ඔහුට හමුවූ ආදරය සත්තකින්ම ආදරණීයයි, සුන්දරයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.





Previous Post Next Post