මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා කියන්නේ අපි කවුරුත් දන්න ආදරණීය ගායන ශිල්පියෙක්. ඔහුගේ ආදරණීය දියණිය ස්වේතා මේලි ගැනත් මේ වන විටනම් ප්‍රේක්ෂකයාට අමුතුවෙන් හදුන්වන්නට අවශ්‍ය නෑ. ඇය පසු ගිය දා විවාහ වීමත් එක්ක සැමියා සමගින් විදේශ ගත වුණා. ඉතින් මෙදා පාර පළවෙනි නත්තල ලංකාවෙන් පිට ඔස්ට්‍රේලියාවේ දී සමරන ස්වේතාට ලංකාවේ තරම් සතුටු නෑ කියලයි ඇය කියන්නෙ.
ස්වේතාගේ සහෝදරයාත් මේ වන විට ඔස්ට්‍රේලියාවේ ස්වේතා සමගින් තමයි ජීවත් වෙන්නේ. ඒ ඔහුගේ අධ්‍යාපන වැඩ කටයුතු වලට. ඉතින් නලීන් පෙරේරාගේ ආදරණීය දියණිය ස්වේතා ඇගේ දෙමව්පියන් එනතුරු බලන් සිටින ආකාරය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” ගිය පාර තාත්තා ප්‍රසංගයකට සහභාගි වෙන්න දවස් හතරක් වගේ පොඩි කාලයකට ආවා. ඒ දවස් හතරම හිටියේ අපේ ගෙදර. අපිත් පුලුවන් උපරිමයෙන් එයත් එක්ක හිටියා. 2023 පෙබරවාරී තාත්තා එනවා ඔස්ට්‍රේලියාවට. මාසයක් වගේ කාලයකට. ඉතින් අම්මත් එනවා ගොඩක් කල් ඉන්න නිසා. ඒ දවස වෙනකම් බලන් ඉන්නේ. මල්ලි ආවා එයාගේ ස්ටඩීස් වලට. අපි ගෙදරට කෝල් කරනවා දවසට 10 පාරකට වඩා. මම උපතින්ම කතෝලික නිසා ඉස්සර ඉදන්ම පල්ලි ගිහින් නත්තල් සමරනවා. මට ලංකාවේ පල්ලි යනවා වගේ ඔස්ට්‍රේලියාවේ පල්ලියකට යනකොට දැනෙන්නෙ නෑ. මොකද මම තාම මෙහෙට අලුත් නිසා වෙන්න ඇති.”