මෙරට කලා ක්ෂේත්රයට වැව්බැදි රට හෙවත් රජරට පුරවරයෙන් එක් වූ අතලොස්සක් දෙනා අතරට ඇයද සුවිශේෂි වන්නීය. ඒ නාට්‍ය හා රංග කලාවේදී විශේෂ උපාධිධාරිනියක් ලෙසින් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමකින් හෙබි රංගන ශිල්පිනියක් වීම නිසාය. මේ දිනවල ඇය අපේ ආලින්දයට සතියේ දින පහේම (05) එක් වන්නීය. ඒ ස්වර්ණවාහිනි නාලිකාවෙන් රාත්‍රි 8.30 ට විකාශනය වන පාර දිගේ ටෙලි නාට්‍යයේ ඩාලිං අක්කා ලෙසිනි. ඒ චරිතයට පණ පොවණ ඇය ප්‍රතිභාපූර්ණ ජනප්‍රිය රංගන ශිල්පිනි චන්දිමා කරුණාදාසය.
චන්දිමා ක්ෂේත්රයට ආව හැටි මතක් කළොත්?
මගේ ගම අනුරාධපුර පූනෑව. මුලීක අධ්‍යාපනය ලැබුවේ පූනෑව මහා විද්‍යාලයෙන්. අනතුරුව මෛත්‍රිපාල සේනානායක ජාතික පාසලෙන් උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා ඉගෙන ගන්නවා. ඒ කාලයේ වර්ෂයක් පාසාම විශ්වවිද්‍යාලය මගින් පවත්වන කලා මංගල්‍යයේදී අපට නාට්‍ය හා රංග කලා උපාධියට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලටත් අපි සම්බන්ධ වෙලා හිටියා. එහිදි තමා අපිම නාට්‍ය නිර්මාණය කරලා ඒවායේ රඟපෑවා. එහෙම වේදීකා නාට්‍යවලින් කැම්පස් එක තුළින්ම තමයි මගේ මේ කලාවේ ගමන ආරම්භ වුණේ.
එතකොට ඔබ රංගනයෙන් දායක වුණු ප්‍රථම ටෙලි නාට්‍යය කුමක්ද?
ටෙලිනාට්‍යයකට කියලා මුලින්ම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ මගේ මිත්‍ර පූජන දන්දෙනිය හරහා (ජනප්‍රිය රංගන ශිල්පී පූජන දන්දෙනිය) ඔහු තමයි මං ගැන මුලින්ම ක්ෂේත්රයේ කෙනෙක්ට කියලා ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් අරන් දුන්නේ. පූජන මගේ පාසලේ සමකාලීන මිත්‍රයෙක්. ජනක චමින්ද මහතාගේ භවතරණ කියන ටෙලිනාට්‍යයෙන් තමයි මගේ මේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය සිදු වන්නේ.
දැන් නිර්මාණ කීයකට විතර දායක වෙලා තියෙනවාද?
ටෙලි නාට්‍ය කිහිපයක විතර. වේදිකා නාට්‍ය සමඟ තමයි මගේ ලොකුම ගණුදෙණුව සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම වැඩියෙන්ම වේදිකා නාට්‍යවල තමයි රඟපෑවේ. චිත්‍රපට පැත්තෙන් නම් ‘ද නිව්ස් පේපර්’ කියන චිත්‍රපටයේ රඟපෑවා.
සිනමාවට ඔබේ දායකත්වය අඩු වුණේ ඇයි?
‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටයෙන් පසුව මට චිත්‍රපට කිහිපයකම රඟපාන්න ආරධනා ලැබුණා. නමුත් ඒ වෙනකොට මං භාර ගත්ත වැඩ කිහිපයක්ම තිබුණ නිසා ඒ සඳහා දින වකවානු වෙන් කර ගන්න අපහසු වුණා.
ඔබේ නිර්මාණ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ කුමක්ද?
වේදිකා නාට්‍යවලින් තමයි මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ. මොකද ටෙලි නාට්‍ය හා අනෙකුත් කලා මාධ්‍යයන්ට වඩා වේදිකාව හාත්පසින්ම වෙනස්. එය හරිම ප්‍රබලයි. ඒ වගේම ප්‍රායෝගිකයි. ඉතින් වේදිකා නාට්‍යවලින් ඒ ලබා ගත්ත අත්දැකීම් බොහොමයි. ඒ නිසා වේදීකාව තමයි මගේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ.
අද වන විට නවකයින් විශාල පිරිසක් ක්ෂේත්රයට ඇවිත් ඉන්නවා. ඔවුන් ගැන ඔබේ අදහස ?
විශ්වවිද්‍යාලයට යන්න හැමෝටම බෑ. හැබැයි ඊට අදාළ ඉගෙනීම් කටයුතු සදහා දැන් ඉඩකඩ හා අවස්ථාවක් බහුල වෙලා තියෙනවා. බාහිර උපාධියක් ලෙසත් ඒක කර ගන්න පුළුවන්. තව ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදෙන රංගන පුහුණු පාසල්. අපිට දිගටම මේ ක්ෂේත්රය තුළ රැදී ඉන්න ඕනේ නම් දැනුම ආකල්ප හා ප්‍රායෝගික පුහුණුවක් තුළින් ඒ ලබා ගන්න දේවල් නම් ඉතාම වැදගත්. ඒ දේවල් වැඩි දියුණු කරගෙන කටයුතු කළයුතුමයි කියන එක තමයි මගේ අදහස.
ඔබ විශ්වවිද්‍යාලය මඟින් ලබාගත් දැනුම් සම්භාභාරය හා ප්‍රායෝගික කටයුතුවලින් ලබා ගත් අත්දැකීම් ආදියෙන් මේ ක්ෂේත්රයට එන නවකයින් හට ඒවා ලබා දෙන්න අදහසක් නැද්ද?
මම විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගෙන අවසන් වුණාට පස්සේ තාවකාලිකව එහිම කථිකාචාර්යවරියක් ලෙසින්ම අවුරුදු 03 ක ආසන්න කාලයක් සේවය කළා. ඒ තුළින් ලබා ගත්ත දේවල් මං වගේම දුෂ්කර ප්‍රදේශවලින් ආපු නංගිලා මල්ලිලාට නිර්ලෝභිව බේදා හදා දුන්නා. ඉස්සරහාටත් මට ඒ සදහා අවස්ථාවක් ලැබුණොත් ඒ අයුරින්ම මං මේ ලබා ගත්තු දේවල් තවත් පිරිස් වෙත ලබා දෙන්න කිසිදු අයුරිකින් පසුබට වෙන්නේ නෑ.
චන්දිමා වෘත්තිය රංගන ශිල්පිනියක් නොවෙයි නේද?
ඔව් මම දැනට රාජ්‍ය අංශයේ රැකියාවක නිරත වෙනවා. මුලින් මම රැකියාව ගැන නොසිතා රංගන කලා කටයුතුවල පමණක් නිරත වෙන්න තමයි හිතාගෙන හිටියේ ඒත් ගමක ඉදලා අපි වගේ අය කොළඹට ඇවිත් ගෙවන මේ ජිවිතේ පවත්වා ගෙන යන්න ඕන නිසා රැකියාවක් කරන්න තීරණය කළා.
රංගන ශිල්පිනියකගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඔබේ නිර්මාණ දායකත්වයක් අනෙකුත් අංශ වලින් ලබා දෙන්න අදහසක් නැද්ද?
ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ අංග රචනය, පිටපත් රචනය, රංගනය, අධ්‍යක්ෂණය වගේ විවිධ අංශ ගැන දැනුමක් පුහුණුවක් ලබා ගත්තා. ඒත් මම දැන් ඒවායින් රංගනය කියන පැතිකඩ තමයි තෝරගෙන තියෙන්නේ. ඉස්සරහට ඒ අනිත් දේවල් ගැනත් බලමු.
මේ දවස්වල ඔබ අපි අතරට එන්නේ
පසුගිය දා විකාශය අවසන් වූ මේ දවස්වල ස්වර්ණවාහිනියේ යන පාර දිගේ ටෙලි නාට්‍යයේ ඩාලිං අක්කාගේ චරිතයෙන් මං එහිදී පේ්රක්ෂකයින් හමුවුණා. එහි තිරකතා රචක සද්ධා මංගල සූරිය බණ්ඩාර නිෂ්පාදක චාමර සමරවික්‍රම, අධ්‍යක්ෂක ජයප්‍රකාශ් ශිවගුරුනාදන් යන මහත්වරුන්ගේ එකතුවෙන් තමා ඒ ටෙලි නාට්‍ය නිර්මාණය වුණේ. ඒ නිර්මාණයේ සුසංයෝගය හරිම ආකර්ෂනීයයි. ඔවුන් එක්ක මට වැඩ කරන්න හරිම පහසුයි. ඒ සඳහා මට උපරිම නිදහස පවා දීලා තියෙනවා. ඔවුන්ගේ නිර්මාණවල රංගනයේදී මට මුලින්ම අවස්ථාව ලැබුණේ අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ සරෝජිනි කියන චරිතය රඟපාන්න. ඊට පස්සේ මට පාර දිගේ ටෙලි නාට්‍යයේ රංගනයට දායක වෙන්න ඔවුන් කතා කළා. මට හැකි උපරිමයෙන් ඔවුනගේ නිර්මාණවලට මගේ රංගන දායකත්වය ලබා දෙමින් සාධාරණ ලෙස මට හැකි උපරිම අයුරින් කටයුතු කළා. ඒ නිසා වෙන්න ඇති ඔවුනගේ නිර්මාණවල මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ.
ඔවුනගේ ත්‍රිත්වයේ එකතුවෙන් නිම වුණු යුගයේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වුණු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙත් ඔබ හිටියද?
මුලින්ම මට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනයට කතා කළා. ඒ වෙනකොට මං කාර්යබහුල වෙලා වෙනත් නිර්මාණවල වැඩ කටයුතුවල නිරත වුණ නිසා ඒ වැඩේ භාර ගත්තේ නෑ. ඒ මෙයට කාලය වෙන් කර ගැනීම පිළිබඳ මට ප්‍රශ්නයක් තිබුණා. ඔය වාගේ දේවල් නිසා තමා මට ඒ අවස්ථාව භාර ගන්න බැරි වුණේ.
ඉදිරියට ඔබව අපිට දකින්න ලැබෙන නිර්මාණත් තියෙනවාද?
ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කරන්න භාර අරගෙන තියෙනවා. ඒවායේ රූගත කිරිම් කටයුතු සිදු කරගෙන යනවා. තව ටෙලිනාට්‍යවල වැඩ රටේ සිදු වී තිබෙන අයහපත් වතාවරණය නිසා ඇනහිට තිබෙනවා. ඒ කටයුතුත් ඉක්මනින් ආරම්භ වේවි.
ඔබේ පෞද්ගලික ජිවිතය ගැනත් මතක් කළොත්.
මම විවාහකයි. සැමියා නමින් තරිඳු ගංගානාත් දිසානායක. ඔහු මගේ කැම්පස් එකේමං වගේම නාට්‍ය හා රංග කලාවේදී උපාධිය හදාරපු කෙනෙක්. අපි දෙන්නා කැම්පස් එකේදී යාළු වෙලා පස්සේ ගෙවල් වලටත් ඒ ගැන කියලා තීරණයකට ඇවිත් අපි විවාහ වුණා. ඔහු මුලින්ම තාවකාලික රැකියාවක් පවා කළා. මේ වෙනකොට ඔහු ඔහුගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ වගේම මට මේ කලාවේ ගමනට විශාල සහයෝගයක් දක්වමින් මගේ පිටිපස්සෙන්ම ඉදන් මගේ අඩුපාඩු වගේම හැම දෙයක් ගැනම කියා දෙනවා. ඒ ඔහුගේ රැකියාවත් ද කරගෙන යන ගමන්, මගේ රංගන කටයුතු ගැනත් කාර්යබහුලතාවය නිසා මට මඟ හැරෙන ගෙදර දොරේ වැඩකටයුතුවලටත් ඔහු දායකත්වය ලබා දෙමින් හැම අතින්ම සහයෝගය දක්වනවා. මගේ ගම අනුරාධපුර පූනෑව. ඔහු කුරුණෑගල. අපි දෙගොල්ලන්ගේම අම්මලා තාත්තාලා ඇතුළු පවුලේ සියලු දෙනාගෙන්ම අපිට හැම අතින්ම උදව් උපකාර ලැබෙනවා. මොකද අද අපි කොළඹට ඇවිත් ගෙවන මේ ජිවිතේ හරිම අමාරුයි පවත්වාගෙන යන්න. ඉතින් ඒ දෙගොල්ලන්ගෙන්ම ලැබෙන විශාල සහයෝගය ගැනත් මතක් කරන්නමඕනේ. ඒක අපිට ගොඩාක් වටිනවා.
අවසාන වශයෙන් චන්දිමාට යමක් කියන්න ඇති නේද?
මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ආරම්භ කරපු මේ කලා දිවියේ ගමනේදී එදා සිට අද දක්වාම මට වචනයකින් හරි උදව් කරපු හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. ඒ අය ගැන නම් වශයෙන් කියන්න ගියොත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මට මේ විදිහට කතා කරපු ඔබටත්, ප්‍රේක්ෂක ජනතාවටත් ගොඩාක් ස්තුතියි කියලා කියන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.