අපේ කලා ක්ෂේත්‍රයේ සිටින ඉතාමත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්දර කියන්නේ. සති අන්ත පුවත්පත් සංවාදයකට එකතු වුණු ඔහු සිය බිරිඳ ගැන අසන ලද ප්‍රශ්නයකට මේ විදියට උත්තර දීලා තිබුණා.
බිරිඳට ඊර්ෂ්‍යාවක් එහෙම හිතෙන්නෙ නැද්ද නිර්මාණ තුළ අකිලගෙ පෙම් ජවනිකා දකිද්දි ?
මම විවාහ වුණේ මගේ Secretary සමඟ. ඒ නිසා මගෙත් එක්ක වැඩ කරන සියලුම දෙනා බිරිඳගෙත් යාළුවො. ඇය කොහොමත් මගේ රැකියාව තේරුම් අරගෙන ඉන්නෙ.ඒ කාලෙ නම් පොඩි පොඩි ඊර්ෂ්‍යාවන් තිබුණා. නමුත් ඇය අදටත් මගෙත් එක්ක මම යන හැමතැනකම යන එන නිසා ඒ යන තැන්වලින් ඇයට ලැබෙන පිළිගැනීම, ඒ හැමත් එක්කම දැන් කිසිම ප්‍රශ්නයක් නෑ...