සංගීත් එක්ක තිබු පලහිලව්ව ගැන සංජනා කියන කතාව



මේ දිනවල ගොඩක් තරුණයන්ගේ ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් වගේම වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් සහ නිරූපිකාවක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ. පසුගිය දවසක සංජානා විවාහ ගිවිසගත්තා. ඒ විදෙස්ගත වෙලා ඉන්න තරුණයෙක් එක්ක. කාලයක් ඇයගේ ලඟින්ම හිටිය සංගීත් - දිනිති ආදර කතාව ගැන දැන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසාම දිනිති පසුගිය දිනෙක සංගීත් සමග සිටි කලා ශිල්පිනියකට චෝදනා කරලත් තිබුණා. ඒ කතා කොහොම වුණත් සංගීත් - සංජානා හිතවත්කම ගැන පුවත්පත් සාකච්චාවකදී අදහස් දක්වමින් සංජානා කියලා තිබුණේ මෙහෙම කතාවක්... 


පසුගිය කාලයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංග සංජානා ඔයා ගොඩක් ලඟින් ආශ්‍රය කළා  නේද..? ඔයාලා දෙන්නා පෙම්වතුන් වෙලා ඉඳලා වෙන් වුනාද.? 

"අපි අතරේ යාලුකමකට එහා ගියපු සම්බන්දයක් තිබ්බා... හැබැයි ඒක ආදරයක් නෙවෙයි, කොහොම වුනත් මම දැන් සංගීත් එක ලොකු සම්බන්දයක් නෑ, අපි යාළුවො විතරයි.... එහෙම තමයි ඉතින්, කාලෙන් කාලෙට කට්ටිය ලංවෙනවා - ආයේ දුරස් වෙනවා.... ඉතින් ඒ වගේ අය මගේ ජීවිතෙන් දුරස්වුන එක මම දකින්නේ මගේ වාසනාව විදියට....."





Previous Post Next Post