සුමිත් මගේ පළමු ආදරවන්තයා - නයනා කුමාරී




ඉස්සර නම් නයනා කුමාරීව නිරන්තරයෙන් ම පුංචි තිරයේ දකින්න ලැබුණා . දැන් ඉඳහිට දකින ඈ ගැන බොහෝ දෙනෙක් මේ දිනවල කතා කරනවා, ඒ දිවිතුරා නාට්‍යයේ ශානිකා නිසා. වැඩිපුර බැණුම් අහන ඈ  පුවත්පතක් සමඟින් එක්ක එකතු වී තිබුණා කතාබහකට..


 

මේ දවස්වල වැඩිපුර බැණුම් අහනවා කියලා ආරංචියි..?


දිවිතුරා නාට්‍යයේ ශානිකාට තමයි බණින්නේ. ඒ චරිතය හොඳට කරනවා කියලා ප්‍රතිචාර ලැබෙනවා. නාට්‍යයකට කියලා සම්බන්ධ වෙන්නේ ඒකට විතරයි .


බිස්නස්වලට මුල් තැන දුන්නු නිසා කැමරාව අමතක කරලා වගේ..?


දැන් සැලෝන් දෙකක් කරනවා. තේරුමක් නැති චරිත අරන් බොරුවට කාර්‍යබහුල වෙනවට වඩා තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගන්න එක හොඳයි කියලා හිතුවා. අනික ළමයි දාලා මනමාලිය අන්දනවට වඩා මගේ අතින් ඒ වැඩේ වෙනවා නම් කස්ටමස්ලා වුණත් කැමති ඇති. මොන දේ කරත් හරියට කරන්න ඕන.


ඊට අමතරව ඔක්තෝබර් මාසේ 30 වැනිදා රූපලාවණ්‍ය එක් දින වැඩමුළුවක් කරනවා සුදර්ශියේ දී. කැමති අයට ආරාධනා කරනවා එන්න කියලා. ඒකට යම් මදුලක් අය කරනවා. කැමති අයට මට කතා කරන්න පුළුවන්


ඔච්චර කාර්‍යබහුල නයනාට දැන් ගෙදර කුස්සියත් අමතක වෙලා ඇති ..?


මේ දවස්වල කෑම බීම හදන්නේ මගේ අම්මා. දවස් දෙක තුනකට වතාවක් ඇවිත් ගේ අස්පස් කරලා යන්න කෙනෙක් එනවා. ඒ ඇරුණම හැමදේම කරන්නේ මම තමයි. ගැහැනියක් වුණාම නිළියක්ද, කාර්‍යබහුල ද කියලා අදාල නැහැ. හැමදේම කරන්න ඕන. කොයිතරම් කාර්‍යබහුල වුණත් ගෙදර වැඩ මට කරන්න පුළුවන්.


ඔබේ පළමු නාට්‍යයේ ඇසිස්ටන් ඩිරෙක්ටර් එක්ක නේද විවාහ වුණේ, ඒ නිසා රඟපෑමට ඔහුගෙන් තහනමක් නැතුව ඇති..?


මම මුලින්ම රඟපාන්න එද්දී මගේ වයස 16 වගේ. සුමිත් තමයි මගේ පළමු ආදරවන්තයා. මම ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක නිසා ඔහු මට ආදරේ ප්‍රකාශ කළාම බයක් අමුත්තක් දැනුණේ නැහැ. අද වගේම එදත් ඔහු කටයුතු කළේ පරිණත මනුස්සයෙක් වගේ. ලොකු අවබෝධයක් ඔහු තුළ මම දැක්කා. ආදරේයි කියලා කිව්වම මම කිව්වේ ගෙදරින් කැමති වෙන්න ඕන කියලා. කොහොම හරි ගෙදරිනුත් කැමැත්ත ලැබුණා. ඊට පස්සේ අවුරුදු දහයක් ආදරේ කරලා තමයි විවාහ වුණේ. අදටත් රංගනයට නම් ඔහු නීති දාන්නේ නැහැ


සමහර නිළියෝ ඉන්නවා අකමැති වෙයි කියලා සැමියට හොරෙන් රඟපාලා ඇවිත් පස්සේ කියන, ඔබත් චරිත නිසා එහෙම කරලා තියෙනවා ද..?


නැහැ . ඒකට හොඳම උදාහරණය තමයි වසන්ත ඔබේසේකර මහත්තයා කරපු සලළු වරම් චිත්‍රපට ය. ඒකේ ප්‍රධාන චරිතයට එතුමා මට කතා කළා. පිටපත බැලුවම ඒ චරිතේ ගැහැනියක් විදිහට මට කරන්න හිතුණේ නැහැ . මගේ අම්මත් සුමිත් දෙන්නම පිටපත කියවලා කරන්න කිව්වා. සුමිත් කිව්වා “ඔයා මේ චිත්‍රපටය කරේ නැත්තම් වැඩකුත් නැහැ . එතුමාගේ චිත්‍රපටයකට රඟපාන එකත් ලොකු දෙයක් සිනමා විමසන්න“ කිව්වා. මම වසන්ත මහත්තයාට පිටපත දීලා බැහැ කිව්වම ඔහු මට බැණලා මාව එළවගත්තා. එතුමා කිව්වා “මේකට රඟපෑවේ නැහැ කියන්නේ නයනා ඔයාට කවදාවත් සිනමා නිළියක් වෙන්න බැහැ“ කියලා, ඔහු ඒ චිත්‍රපටයට සබීතාව ගත්තා අවුරුදු දෙක තුනකටපස්සේ මාව හොයාගෙන ඇවිත් කිව්වා එහෙනම් යාළුවාගේ චරිතය රඟපාන්න කියලා. හරිම කැමැත්තෙන් කරා. එතුමා කිව්වා වගේ සිනමා නිළියක් වෙන්න බැරි වුණා . ඊට පස්සෙත් කරන්න අපහසු චරිත ලැබුණේ ඒවත් ප්‍රතික්ෂේප කළා. ඒත් සුමිත් කැමති වුණා. චාතුර්‍යා බලලා සුමිත් කිව්වා අයියෝ ඔයිට වඩා ආදරණීය විදිහට රොජර්ව බදාගන්න තිබුණා කියලා . ඒ වගේ ලොකු අවබෝධයක් ඔහුට තියෙද්දි මම ඇයි හොරෙන් රගපාන්නේ


දෙන්නා අතර රණ්ඩු ඇත්තෙම නැද්ද ..?


නැත්තේ මොකද රණ්ඩු වෙනවා. එයාට පොඩ්ඩ බැරි වෙන්න බැහැ කේන්ති යනවා. ඒත් සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. මොන ප්‍රශ්න තිබ්බත් අපි සතුටින් පවුල් ජීවිතේ ගෙවනවා.


කොහොමද පුතා දැන් ලොකු ඇති ..?


දැන් ඉලන්දාරියෙක්. අවුරුදු 17ක් වෙනවා. උසස් පෙළ ට ලෑස්ති වෙනවා. රඟපාන්න, සංගීතයට, චිත්‍ර අදින්න හරි දක්ෂයි. බුද්ධිමත් දරුවෙක්. හොදට ඉගෙන ගන්නවා. මට වඩා එකතු තාත්තට තමයි. කෙල්ලෙක් එයා දිහා බැලුවත් තාත්තාට ඇවිත් කියනවා.


ගැහැනු ළමයෙකුට ආදරේ කරලා අහුවුණොත් නයනා මොන වගේ ප්‍රතිචාර යක් දක්වයිද..?


එයා වැරදි තීරණ ගන්න දරුවෙක් නෙමෙයි මම කියලා තියෙන්නේ කී දෙනෙක් එක්ක සම්බන්ධතා පැවැත්තුවත් විවාහයට හරි කෙනා තෝරා ගන්න කියලා. දික්කසාද වෙන්න නම් කසාද බඳින්න එපා කියලා. මම නම් කියන්නේ ජීවිතේ වරද්දා ගන්නේ නැතුව ජීවිතේ විදීන්න කියලයි. කැමති දෙයක් කරන්න කියනවා. අද ඉන්න කෙල්ල එපා නම් හෙට වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙන්න කියනවා. ගේ අස්සේ දාගෙන දරුවෝ හැදුවොත් මානසික ලෙඩ්ඩු වෙයි. එහෙම ළමයි තමයි අන්තිමට අසහනයට පත් වෙන්නේ. මගේ පුතා එහෙම වෙන්න ඕන නැහැ






Previous Post Next Post