කොලිවුඩ් නිළි නයන්තරා සහ විග්නේෂ් මව්පිය පදවිය ලබයි



 සුරූපී බොලිවුඩ් නිළි නයන්තරා සහ විග්නේෂ් සිවන් මවිපදවිය ලැබූ පුවත මට මොහොතකට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.එසේම, යුවළ සමාජ මාධ්‍ය තුළට ද මේ බව සැළ කරමින් ඡායාරූප එක් කර තිබුණා.

“නයන් සහ මම මව්පියන් වූවා” යනුවෙනු යි විග්නේෂ් මුහුණු පොතේ සටහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මෙසේ දරුවන් ලබාගෙන ඇත්තේ අන්වාදේශ මාර්ගයෙන් බවයි.  (ආදේශකයක් බොහෝ විට නීතිමය එකඟතාවයකින් සහය දක්වන විධිවිධානයකි, එමගින් කාන්තාවක් (ද ප්රතිහිතය උපතින් පසු දරුවාගේ මාපියන් (දෙමව්පියන්) බවට පත්වන වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් වෙනුවෙන් දරුවෙකු බිහි කිරීමට මව එකඟ වේ.)

දමිළ සිනමාවේ සුපිරිම තාරකාව වන නයන්ගේ ඉදිරි සිනමාව ගැන තකා මෙසේ ආදේශක මඟින් දරුවන් බිහි කරන්නට ඇය තීරණය කරන්නට ඇති බවයි සමාජ මාධ්‍ය තොරතුරු වාර්තතා කරන්නෙ. කෙසේ වෙතත්, මේ ගැන නයන් හෝ විග්නේෂ් ප්‍රකාශයක් සිදු කර නැති අතර, ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක පමණක් මෙය සඳහන් නිසා තහවුරු කළ නොහැකි යි.නයන් සහ විග්නේෂ් විවාහ වූයේ මීට මාස හතරකට ඉහතදී යි.

ඔවුන්ගේ ආදර කතාව කොලිවුඩයට රහසක් නොවූ අතර, ඔවුන්ගේ විවාහය ලොව වැඩි පිරිසකගේ කතාබහට ලක්වුණා. නයන්ගේ ආදර කතා කිහිපයකින් අනතුරුව එළඹි මේ ආදර කතාව විවාහය දක්වා දුර ගිය අතර, විග්නේෂ් නයන් යුවළ දැන් ඉන්දියාවේ බොහෝ දෙනාගේ හදබැඳගත් යුවළක් බවට පත්ව සිටිනවා.





Previous Post Next Post