දුවයි සැමියයි ඇරෙන්න කිසි කෙනෙක් එක්ක මම හොස්පිට්ල් ඉඳලා නෑ - සුසන්තා චන්ද්‍රමාලි

 


සුසන්තා චන්ද්‍රමාලි.. තිසුරිගේ ආදරණීය අම්මා. කලා ලෝකයටම ආදරණීය අම්මෙක් වුණු සුසන්තා චන්ද්‍රමාලි. පසුගිය සමයේ අසනීප තත්ත්වයකින් හිටියා කියන එක රහසක් නෙවෙයි. ඒත් ප්‍රේක්ෂක ආදරයත්, පවුලේ රැකවරණයත් ඇයව බොහෝම ඉක්මණින් සුවපත් කරනවා.. මේ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් කියූ සංවේදී කතාවක්…


මට ඒ සැත්කම දවස් තුන හතරකින් කරන්න ලෑස්ති කරගත්තා. තෙරපි ලෑස්ති කළා. මට කිව්වා, සුසන්තා මෙහෙමයි.. මේ මේ දේවල් ඔයාට වෙයි කිව්වා. පියයුරු දෙකම රීමූ (ඉවත් කරන්න) කරන්න වුණත් වෙන්න පුළුවන් කිව්වා. දුවයි හස්බනුයි මමයි එකපාරම කිව්වා, මෙච්චර කාලයක් හිටියනේ, ඒක අයින් කළාට ප්‍රශ්නයක් නෑ කිව්වා. වෛද්‍යවරුනේ කිව්වෙ, කොණ්ඩෙ යනවා කිව්වා. මම කිව්වා ඒත් කමක් නෑ කියලා….“දුවයි සැමියයි ඇරෙන්න කිසි කෙනෙක් එක්ක මම හොස්පිට්ල් ඉඳලා නෑ. ඔපරේෂන් එක කරන වෙලාවෙත් මගේ අම්මා, නංගිලා ළඟ ඉන්න ඇහුවා. ඒත් ඒ වෙලාවේ තිසුරි කිව්වා බෑ මට අම්මා ළඟ ඉන්න ඕනි කියලා. මම හිතන්නෙ ගැහැනියකට රැජිනගේ ඔටුන්න ලැබුණත් ඊට වැඩිය ලොකුයි සැමියගේ දරුවන්ගේ ආදරේ.. ඒ අතින් මම වාසනාවන්තයි..”


“අයිතියක් තියෙනවනේ මට ආදරේ කරන අයට මං ගැන දැනගන්න. හොයලා බලන්නත් අයිතිය තියෙනවා මට දැනෙන විදිහට. මම පොඩි දෙයක් දැම්මා මුහුණු පොතේ. මම ප්‍රතිකාර ගන්නවා කියලා. මං හිතන්නෙ කොච්චර ද කියලා ප්‍රමාණය තේරෙන් නෑ. මට මෙච්චර මිනිස්සු ආදරෙයි කියලා මම දැනන් හිටියේ නෑ.. මෙච්චර ආදරයක්… අපි මෙච්චර කල් වෙහෙසිච්ච එකේ සල්ලි නෙවෙයි අපිට ඕනි. මේ ආදරේ.. මම අඬනවා ඉවරයක් නෑ.






Previous Post Next Post