කලා ලෝකයයේ නිතරම පාහේ කතා බහට ලක් කරන චරිත අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙකු වශයෙන් සජිත ඇන්තනී හදුන්වන්නට පුළුවන්. කලා පවුලකින් පැවතගෙන එන මොහුගේ පියා ගැන මුළු රටත්‍ක්ම ආදරය කරන දක්ෂ සුන්දර රංගන ශිල්පියෙකු වනවා. පියාගෙන ලද කලා හැකියාව නිසාම රංගනයෙන්, ගායනයෙන්, නර්ථනයෙන් මෙන්ම නිවේදන කටයුතු වලට පවා දක්ෂ මොහු අපේ රටේ සියින තරුණ දක්ෂ කලාකරුවෙක් වනවා.
පුංචි තිරය පමණක් නොව රිදි තීරයේ කැපි පෙනෙන චරිතයක් වන මොහු ඉතාමත් විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණ ගණනාවකටම තම රංගන දායකත්වය ලබා දී ඇති අතර ඒ තුළින් ඔහු සතු රංගන හැකියාව කොපමණද යන්න ප්‍රේක්ෂකයාට පෙන්වා දී හමාරයි. මේ නිසාම ජනප්‍රිය නළුවා පමණක් නොව විශිෂ්ටතම නළුවා ආදී සම්මානවලට නිර්දේශ වීම ද විවිධ අවස්ථා වල සම්මාන වලින් පිදුම් ලබන්නටද මොහු සමත් වනවා.
සජිත ඇන්තනි පිළිබද පසුගිය කාලය පුරාවට ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ වැඩි අවධානයක් හිමි කර ගැනීමට සමත් චරිතයක් බවට පත් වු අතර එයට හේතුව වුයේ ඔහු ස්වර්ණවාහිනියේ විකාශය වු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ගේ චරිතයට පණ පෙවු නිසයි. ලැබෙන ඕනම චරිතයක් ඉතාමත් දක්ෂ ලෙස රගපැමේ හැකියාව ඇති මොහු සතු රංගන හැකියාව අති විශිෂ්ටය. අද වන විට සුන්දර බිරිදක් පමණක් නොව මේ වන විට මොහු ආදරණිය පියෙකු ද වනවා. පෞද්ගලික ජිවිතයේ ඉතාමත් සුන්දර ලෙස ගෙවන මොහු තමන්ගේ බිරිද සමග ඉතාමත් සතුටින් කාලය ගත කරන බව නිරන්තරයෙන් ඔහු සමාජ මාධ්‍යයට එකතු කරන ඡායාරූප ඔස්සේ අපට දැක ගන්නට ලැබෙනවා.
කුලුදුල් දරු පැටියා සමග මේ වන විට වැඩි කාලයක් ගත කරන්නට සජිත තමන්ගේ බිරිද සමග ඉතාමත් සතුටින් කාලය ගත කරන අතර ඉතින් පසුගිය දිනක පුංචි පැටියත් එක්ක පුංචි පවුල මුහුදු වෙරළට ගොස් කාලය ගත කරන්නට වු අතර පුංචි පැටියා එදා තමයි මුලින්ම මුහුදු වෙරළට එක්කන් ගිහින් තියෙන්නේ . ඉතින් ඔවුන් ඒ සුන්දර අවස්ථාවේ ඡායාරූප ඔවුන්ගේ ආදරණීය රසික රසිකාවියන්ට දැක ගැනීමට සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුනා.