රන්ජන්ට එතෙරින් ඇරයුම්



මේ දිනවල ශ්‍රී ලංකාව් සාර්ථක ලෙස ප්‍රදර්ශනය වන ද ගේම් සිනමාපටය ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා ඇරයුම් ලැබී ඇතැයි එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක පවසා තිබෙනවා. 

එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් රන්ජන්ට ලැබුණු මෙම ඇරයුම අනුව ලබන ඔක්තෝබර් මාසයේදී “ද ගේම් ”ඇමරිකාවේ සහ කැනඩාවේ තිරගත කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය. මීට අමතරව ද ගේම් ඔස්ටේ‍රලියාව සහ යුරෝපයේ තිරගත කරවීමටද සැලසුම් කරමින් තිබේ.





Previous Post Next Post