කා එක්කවත් මගේ විශේෂ සබඳතා නැහැ - යුරේනි නොෂිකා




”නිනෝ ලයිව්”‍ සිනමාපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඇය ”‍කූඹියෝ”‍ ටෙලි නාට්‍යය තුළින් රසික ජනාදරයට පත් වූවාය. එපමණක් නොව ඇය රයිගම් ටෙලීස්හි හොඳම සහාය නිළියට හිමි සම්මානය ද ලබා ගත්තාය. ”රෂ්”‍ සිනමාපටයට ද ආරාධිත රංගනයෙන් දායක වූ ඇය කසුන් පතිරණගේ කුලූඳුල් සිනමාපටය වන ”නයිට් රයිඩර්”‍ හි ප‍්‍රධාන චරිතය ර`ගපෑ අතර මෙය ඇගේ තෙවන සිනමා ආගමනයයි. මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන ”‍නයිට් රයිඞ්ර්”‍ සිනමාපටයේ ”ශානි සූරිය බණ්ඩාර” ලෙස ර`ගන ඇය යුරේනි නොෂිකායි. යුරේනි සමඟ කළ කතාබහයි මේ.


”නිනෝ ලයිව්”‍ සහ ”‍රශ්මි”‍ සිනමාපටයෙන් පසු ඔබ ටිකක් නිහඬව සිටියා නේද?


සමහර අවස්ථාවලදී අපිට නිහඬ වෙලා ඉන්න සිදුවන වාර අනන්තයි. මම ඕනවට එපාවට සිනමාපටවලට දායක වෙන්නෙත් නැහැ. හොඳ තිර පිටපත් ලැබෙනවා නම් ඒකෙ මම සලකා බලන කරුණු ටිකක් තියෙනවා. ඒවා සරිලනවානම් මම ඒ සිනමා පටයට දායක වෙනවා. මම හරිම සරල විදිහට ජීවත් වෙන නිසා, ඒ ඇවතුම් පැවතුම්වලින් මගේ සුපුරුදු එදිනෙදා කටයුතු ටික කරගෙන යනවා. මම වගේ හිතන්න පටන් ගත්තොත්, කාටවත් එතරම් ප‍්‍රශ්නයක් වෙන්නැති වෙයි කියලා හිතනවා. නැති ප‍්‍රශ්න ඔළුවට දා ගත්තාම ප‍්‍රශ්න වැඩිවෙනවා. එහෙම වුණාම ප‍්‍රශ්න පොදි බැඳගෙනයි හැමදාම ජීවත් වෙන්නේ. ඒ නිසා මගේ ගමන මම සෙමෙන් යන්නෙ.


කසුන් පතිරණ වගේ නවක අධ්‍යක්ෂකවරු සමඟ වැඩකිරීම ගැන මොකද හිතුණේ ?


මට හම්බවුණු සියලූ‍ම අධ්‍යක්ෂවරුන්ගෙ නිර්මාණ කුලූඳුල්. එකක් මගෙත් කුලූඳුල් චිත‍්‍රපටය. ඒ නිසා ඒක එච්චර ගාණක් නෑ මට. අධ්‍යක්ෂකවරයාගේ පිටපතේ තියන විදියට අධ්‍යක්ෂකවරයා නළු නිළියන් තෝරනවා නම් කුලූඳුල් ද ප‍්‍රවීණ ද කියන එක එතෙන්ට අදාළ නෑ කියලා මම හිතනවා. අධ්‍යක්ෂකවරයාට ඕන විදිහට නළු නිළියන් ඒ ඒ චරිතවලට සාධාරණයක් කරනවා කියලා හිතුණා නම්, අධ්‍යක්ෂකවරයාට සතුටු විය හැකි යැයි මම හිතනවා. මම හිතන විදියට නවක අධ්‍යක්ෂකවරු නළු නිළියන්ගේ මිල මුදල් නෙවෙයි බලන්නේ. ඔහු හෝ ඇය චරිතයට ප‍්‍රශස්ථනීය බවක් ඉටු කරනවාද කියන එක විතරයි. අද ගොඩක් දෙනෙක් සම්මාන ලබන්නේ නවක අධ්‍යක්ෂවරුයි. ඒ නිසා මට නම් නවක අධ්‍යක්ෂකවරයකු කියලා කිසිම විටෙක අධ්‍යක්ෂවරයකු දැනෙන්නෙත් නැහැ. ඔහුට මම දර්ශන තලයේදී දක්නට ලැබුණේ ශානි සූරිය බණ්ඩාර කියන නිළිය පමණයි. දර්ශන තලයෙන් පස්සේ අපි සියලූ‍ දෙනාම යාළුවෝ වෙනවා. ඒක නිර්මාණයකදී දැකිය යුතු හොඳ ලක්ෂණක්.


”‍නයිට් රයිඩර්”‍ සිනමාපටයේ තිර පිටපත අතට ලැබුණාට පස්සේ හිතුණේ මොනවාද?


පිටපත මගේ අතට ලැබුණාට පසුව චරිතයේ දිග පළල නෙවෙයි මම බැලූ‍වේ. මට කොච්චර සාර්ථක ලෙස ”ශානි සූරියබණ්ඩාර” කියන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක විතරයි. අධ්‍යක්ෂකවරයා මාව තෝරා ගෙන තියෙන්නේ ද ප‍්‍රවීණ ද ආධුනික කියන පදනම මත නෙවෙයි. තිරපිටපතේ තියෙන විදිහට ශානි සූරියබණ්ඩාරට සාධාරණයක් ඉටු කරනවාද කියලා හිතාගෙන පමණයි. 2017 වර්ෂයේ සිදුවුණු සමාජීය, දේශපාලනික පසුබිම් මත ගොඩනැඟු‍ණු කතා වස්තුවක් අද 2022ට ද කාලෝචිත වී හමාරයි. අත්අඩංගුවට ගැනීම, පැහැර ගැනීම්, නාස්තිය ¥ෂණය, සමාජය තුළ වපුරමින්, විවිධ පුද්ගලයින් ඔවුන්ගේ අභිමතය පරිදි සිදු කරන අකටයුතුකම් පාදක කරගෙන ඇති මෙම පිටපතට මම ගොඩක් ආසා කළා. ත‍්‍රාසය, භීතිිය, කුතුහලය, සතුට, දුක, සොම්නස පිරි ඉතිරිලා තියනවා පිටපත පුරාවටම. පිටපතේ තියෙන මේ දර්ශන තලය හා එවැනි සිනමා පටයක් මේ වෙනකම් බිහිවෙලා නැති හින්දා මම ආදරයෙන් මෙය භාර ගත්තා.


සිනමාපටයේ එන ශානි සූරියබණ්ඩාර මොන වගේ අයෙක්ද?


මට මේ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් තමයි, කරන්න පුළුවන්. මම ශානි සූරියබණ්ඩාරට සාධාරණයක් කරනවා කියලා හිතනවා. ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් තුළින් කාන්තාවන් රාජකාරි කරන ආකාරයත්, විවිධ බාධක හිරිහැර කම්කටුලූ‍ මැද දහවල, රාත‍්‍රිය නොතකා කරන රාජකාරියට සාධාරණයක් කරන ආකාරයත් ශානි සූරිය බණ්ඩාර වැනි කාන්තාවන් මගේ ජීවිතේට සැබැවින්ම හමුවීමත් මට මේ චරිතය කිරීමට ලොකු පිටිවහලක් වුණා. අතරමඟදී හමුවන ටැක්සි රියදුරකුගේ ටැක්සියට නැඟ තම ජීවිතය බේරා ගැනීම තුළ සිදුවන ක‍්‍රියාදාමයන් එකිනෙකට පෙළගස්වමින් නොකියාම ඉන්න බැරි තැන ඇය හඳුන්වා දෙමින් සිනමාපටයේ ශානී සූරිය බණ්ඩාරගේ කතාව දිග හැර ගෙන යනු ලබනවා. සතුටු වෙන්න පුළුවන් විදිහට මේ වන විට මට හොඳ ප‍්‍රතිචාරත් ලැබෙනවා.


මේ ඔබේ කී වැනි නිර්මාණයද?


මගේ තුන් වෙනි සිනමා නිර්මාණය ලෙසටයි මෙය එන්නේ. මේ කරපු සියලූ‍ම නිර්මාණවල අධ්‍යක්ෂකවරු කුලූඳුල් අය. ඒක මා සඳහන් කළ යුතුමයි. ඒ සියලූ‍ දෙනාත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ටෙලි නාට්‍යය දහයකට වැඩිය කරලා තියෙනවා. හොඳම සහය නිළිය ”කූඹියෝ”‍ ටෙලි නාට්‍යයෙන් හම්බුණා. වැදගම්මකට නැති නිර්මාණවලට දායක වනවාට වැඩිය හොඳ නිර්මාණ තුන හතරකට දායක වුණාම තමන්ට කියලා ස්ථාවරයක් හදාගන්න පුළුවන් ඕනම කෙනෙකුට. එතැනයි මම අද ඉන්නේ.


දැනට නිර්මාණය කොට ඇති ශ‍්‍රී ලාංකේය සිනමාපට හා මේ නිර්මාණය අතර වෙනසක් ඔබ දකිනවාද?


දැනට බිහි වී ඇති සිනමාපට සියල්ලම මම දකින විදිහට නම්, ආදරය නැත්තම් යම් කතා වස්තුවක් ගොනු කර ගත්ත, එහෙමත් නැත්නම් කෝහෙ හෝ රටක කරපු පිටපතක කොපියක්. එහෙම සිනමාපටයක් නිර්මාණය කරලා රස විඳින්න අමාරුයි. මේ සිනමාපටය පුරාම දකින්න ලැබෙන්නේ ක‍්‍රියාදාම හා ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් ලෙසයි. විවිධ චරිත සමූහයක් එක තැනකට ගොනු කරන ආකාරයත්, අවසානයට පමණයි මේ සිදු වන්නේ කුමක් ද කියා වැටහෙන්නේ. මෙවැනි සිනමාපට නැරැඹීමට පේ‍්‍රක්ෂකයෝ ද දැඩි කැමැත්තක් දක්වනවා. තරුණ පරම්පරාව මෙවැනි සිනමාපට වැලඳ ගන්නවා. ඒක හොඳ ලක්ෂණයක්. සිනමාවට එන්න ඉන්න, සිනමාව ඉගෙන ගන්න සියලූ‍ දෙනාම මෙවැනි සිනමාපට රස විඳිය යුතුයි. මේ සිනමාපටය තුළින් සිනමාව ඉගෙන ගන්නා ඔහු හෝ ඇය සොයන තාක්ෂණික දැනුම සිනමාකරණය තුළ තිබෙන අහුමුළු සියල්ලම හොඳ ප‍්‍රායෝගික දැනුමක් ගන්න පුළුවන්. මෙවැනි සිනමා අපට ඉදිරියටත් බිහි විය යුතුයි.


මෙම සිනමාපටය ඔයරසකකැර චිත‍්‍රපටයක් ලෙස ලාංකික සිනමාවේ මොනවගේ සලකුණක් තබයි කියලා හිතනවාද?


ත‍්‍රාසජනක වර්ගය යටතේ නිර්මාණය වන සිනමාපට ලංකාවේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ අඩු ගානකටයි. මෙපමණ කාලයක ලාංකේය පේ‍්‍රක්ෂකයට ඔවුන් බලාපොරත්තු වෙන රසවින්දනාත්මක සිනමාපට දීමට නොහැකි වීම නිසා ඔවුන් සිනමාව අත හැරියා කියලා මම හිතනවා. අද බෝහෝ දෙනකු ඍදප්බඑසජ සිනමාපට නිර්මාණය කරලා සිනමා ශාලාවලට ගෙන්වා ගැනීම යුගය සාර්ථක වෙනවා කියලා හිතන්න අමාරුයි. අඩු පිරිවැයකින් සිනමා නිර්මාණ බිහිකිරිම තුළ තියෙන්නේ සාර්ථක නිර්මාණයක් නොවන බවයි. ත‍්‍රාසජනක වර්ගය යටතේ සිනමා නිර්මාණ බිහිකිරිම තමයි කළ යුතු හො`දම දේ. ඒ නිර්මාණ පේ‍්‍රක්ෂකයා ඉක්මනින්ම වැල`ද ගන්නවා. මෙය ඉදිරියේ ලාංකික සිනමාවේ හො`ද සලකුණක් තබන බව පැහැදිලියි.


කූඹියෝවලින් පසු සිනමා පටයකට කලණ ගුණසේකර සමඟ රංගනයෙන් එකතු වෙන පළමු අවස්ථාව නේද?


සිනමාපටයක පළමු අවස්ථාව තමයි කලණ ගුණසේකර සමඟ මම රංගනයෙන් දායක වෙන්නේ. කලණ කියන්නේ අපට ඉන්නා අති දක්ෂ රංගන ශිල්පියෙක්. අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පින් අතළොස්සක් අතරින් කලණට හිමි වන්නේ ද මුල් ස්ථානයක්. ඔහු සමඟ රංගනයේ යෙදෙන නිළියට උපරිම සාධාරණයක් වෙනුවෙන් ඔහු රංගනයේ යෙදෙනවා. ඔහුගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඉහළයි. මේ සිනමාපටය පුරාවටම මට ලැබුණු සහයෝගය කියලා නිම කරන්න බැහැ. ඔහුටත් මගෙන් ලැබුණු සහයෝගය මම උපරිමයෙන්ම ලබා දුන්නා. අපි දෙදෙනා එක්කම ගොඩනඟපු මේ චරිත දෙකට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා මම හිතනවා. මේ සිනමා පටය නරඹපු සියලූ‍ දෙනාගෙන්ම ලැබුණු ප‍්‍රතිචාර නිසයි, මම එහෙම කියන්නේ. හො`ද නිර්මාණයක් බිහිවෙන්නෙත් කණ්ඩායමක් අතර තියෙන සම්බන්ධතාවය මැනැවින් ඉෂ්ට සිද්ධ වුණොත් පමණයි.


තිරය පිටුපසින් ලැබුණු සහයෝගය මොන වගේද?


මට පමණක් නොවේ. සෙට් එකේ සිටිය සියලූ‍ දෙනාම කළණගේ රංගනය ගැනත්, මගේ රංගනය ගැනත් අනිත් ශිල්පීන් ගැනත් පැහැදීමෙන් කතා කිරීම තුළ සිනමාපටය සංස්කරණය කරන්න පෙර තිරය ඉදිරිපසින් සිටින පිරිසට වැඩිය තිරය පිටු පසින් සිටින පිරිස අපිව දිරිමත් කළා. ඒ සියලූ‍ දෙනාට මං ස්තූති කරන්න කැමැතියි. දර්ශන තලයේ සිටි ටී බෝයිගේ සිට සියලූ‍ම දෙනා මෙම නිර්මාණයට හොඳ දායකත්වයක් ලබා දුන්නා. ඒ නිසා අපිට හැකි ඉක්මනින් සිනමාපටය කරලා ඉවර කරන්නත් පුළුවන් වුණා. ඒ රංගන ශිල්පීන් තමන්ට අදාළ දිනවල හරියටම සෙට් එකට ඇවිත් රංගනයෙන් දායක වුණා. තිරය පිටුපස සිටි සියලූ‍ම දෙනා අපි සියලූ‍ දෙනාටම සහයෝගය දුන්නා. තිරය ඉදිරියට එනවාට වැඩිය තිරය පිටුපස කාර්යභාරය වැඩියි. ඒ නිසා අපි සියලූ‍ දෙනාම නිර්මාණය ඉවර වෙනකම් හොඳ බැඳීමකින් කටයුතු කළා. සියලූ‍ දෙනා⁣ගෙන්ම මට අති විශිෂ්ට සහයෝගයක් ලැබුණා.


ක්ෂේත‍්‍රය බිඳ වැටීමකට ලක්වෙලා තියනවාද?


මේ පැන නැඟු‍ණු ආර්ථික, සමාජීය හා දේශපාලනික ව්‍යුහය නිසා හැම කේෂ්ත‍්‍රයක්ම එක හා සමානව බිඳ වැටීමකට ලක් වුණා. ගොඩක් සිනමා අධ්‍යක්ෂකවරු හා නිෂ්පාදකවරු තම නිර්මාණ කටයුතුවලින් බැහැර වෙලයි ඉන්නේ. රටේ පවතින අස්ථාවර බවත් නිසා, ඩොලර් ඒකට සාපේක්ෂව මිල ඉහළ පහළ යාම නිසාත්, ගොඩක් නිර්මාණ බිහි වීම නවතා දමා තියෙනවා. ඒ වගේම නිෂ්පාදනය කරන නිර්මාණ රස විඳින්න එන පේ‍්‍රක්ෂක ප‍්‍රමාණය ද අඩු වෙලා. එහෙම වුණාම නිර්මාණය කරන දේවල් බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. අනික අද සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රබලව ඉන්නවා. පේ‍්‍රක්ෂකයන්ගෙන් වින්දනය කියන එක ගිලිහී ගොසින් කියලා මට දැනෙනවා. එදා පැවැති සිනමාහල් පන්සීය, හයසීය අද සිනමාහල් සීයක් බවට පරිවර්තනය වෙලා. ජිවත් වන සියලූ‍ දෙනා රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක පොරබඳන කොට මේ සියල්ලම නැති වී යනවා කියන එක පුදුම වෙන්න කරුණක් නෙවෙයි. ක්ෂේත‍්‍රයට එන නිෂ්පාදකවරයා ආරක්ෂා කරන වැඩපිළිවෙළකුත් නැත්නම් වග කිව යුතු ස්ථාන ඒවට සහයෝගය දෙන්නෙත් නැත්තම්, බිඳවැටීම අනිවාර්යයයි. මේ සියලූ‍ දේවල්වලට විසඳුම් සොයන්නට අපි පුරුදු විය යුතුයි කියලයි මම නම් හිතන්නේ. එසේ නොවුණොත් ඉදිරියට ක්ෂේත‍්‍රයක් තියෙවිද කියල කියන්නත් පොඩි චකිතයක් තියෙනවා.


විදේශීය සිනමා කර්මාන්තයත් එක්ක බැලූ‍වාම ශ‍්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයක් ස්ථාපිත වෙයි කියලා ඔබ සිතනවාද?


අපේ රට කුඩා රටක් නිසා, සිනමා කර්මාන්තයක් ඇති කරන්නට පසුබිමක් තාම හැදිලා නැහැ. විවිධ රජයන් මැදිහත් වෙලා මෙය කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න හැදුවත් ඒ ඒ එන රජයන් විසින් මූලික වටේ පමණයි කතා කරන්නේ. මාසෙන් දෙකෙන් වගකිව යුතු අය මාරු වෙනවා. ක්ෂේත‍්‍රයේ රැඳිලා ඉන්න ගොඩක් දෙනෙක් තමන්ගේ අරමුණු පමණයි සිද්ධ කර ගන්න දඟලන්නේ. ක්ෂේත‍්‍රයෙ රැදිලා සිටින කිසිවකුට දීර්ඝකාලීන වශයෙන් යමක් කරා කියලා කිසිම තැනක ස`දහනක් වෙලා නැහැ. හොඳ නිර්මාණවේදීන්ට හොඳ පසුබිමකුත් නිර්මාණය වෙලා නැහැ. අවශ්‍ය අධ්‍යාපනික පැතිකඩ වගේම තාක්ෂණික පැතිකඩත් අනිවාර්යෙන්ම සැකසිය යුතුයි. එවැනි වටාපිටාවක් සකසා ගැනීමෙන් පසුව තමයි, ඕනෑම දේකට අත ගැසිය යුත්තේ. කිසිදු පසුබිමක් නැතුව කිසිම දෙයක් කළ නොහැකි බවයි මගේ නම් අදහස.


ප‍්‍රවීණයන් සහ ඔබ අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධතාවයන්ද ?


මගෙයි, ප‍්‍රවිණයන් අතරෙයි ලොකු සම්බන්ධතාවයක් නැහැ. මම ක්ෂේත‍්‍රයේ සියලූ‍ දෙනාත් එක්කම කුලූපගව කටයුතු කරනවා. කා සමඟත් විශේෂ සම්බන්ධතාවයක් ඇති කරගෙන නැහැ. මට අනික සම්බන්ධතාවක් ඇති කර ගන්න අවශ්‍යතාවකුත් නැහැ. මගෙන් ක්ෂේත‍්‍රයට වැඩදායී යමක් කෙරෙන්න ඕන නම්, ඒ සියලූ‍ දෙනා වෙනුවෙන් මම එය ඉටු කරනවා. සමහර ප‍්‍රවීණයන්ගෙන් මට ගුරු හරුකම් පවා ලැබෙනවා. ඒ සියලූ‍ දේවල් මම උපේක්ෂාවෙන් භාර ගන්නවා.


ක්ෂේත‍්‍රයට එන නවකයන්ට දෙන ආදර්ශය කුමක්ද?


කලාවට එන්න ඉන්න සියලූ‍ දෙනාටම මම කියන්නේ දැනගෙන ආවොත් ගමන යා හැකියි. නොදැනගෙන ආවොත් ගමන කෙටි කියන එකයි. ආවා ගියා කියන සංකල්පයෙන් බැහැර වෙලා, තමන්ගේ නම ක්ෂේත‍්‍රය තුළ සනිටුහන් කිරීම තමයි වැදගත් වන්නේ. අද ඉන්න ගොඩක් දෙනෙකුට ඒ සියල්ලේ අවශ්‍යතාවයක් නැහැ. කලාව හූරාගෙන කන්න කවදාවත් කලාවට පිවිසෙන්නත් එපා. තමන්ට කියලා බ‍්‍රෑන්ඞ් එකක් හදා ගැනීම තමයි මූලික වෙන්න ඕනේ. කිසිදු විටෙක කාලය නාස්ති නොකර කාලයෙන් උපරිම ප‍්‍රයෝජනය ගෙන වැඩ කටයුතු කිරීම තමයි මේ කාල සීමාව තුළදි කළ යුතුම දේ. එවිට ඔබට සිතේවි අනාගතය වෙනුවෙන් ඔබ පැළයක් රෝපණය කළා කියලා. එයම යම් දවසෙක සතුටකට කරුණකුත් වේවි.


කිරිල්ලියක් වගේ ජීවත් වුණා ඇති කියලා හිතෙන්නේ නැද්ද?


අපේ සියලූ‍ දෙනාම සම්ප‍්‍රදායික විදියට හිතන්න පටන් අරන් තියෙන්නේ. හණ මිටි අදහස් නිසා සමහර අයට සමාජයේ ජීවත් වෙන්න බැරි තරම් ප‍්‍රශ්න තියෙනවා. ඒ සියලූ‍ දෙනාම හිතන්නේ බැඳලා දරුවෝ හදලා දරුවන්ගේ වැඩ ටික කරගෙන ගෘහණියක් වෙන එක තමයි හොඳම දේ කියලා. මම නම් එකට තදින්ම විරුද්ධයි. අද ලෝකයේ භාගෙට භාගයක් ස්ත‍්‍රීන් තමයි පාලනය කරන්නේ. ඇතැම් රටවල කාන්තාවෝ ජනාධිපතිවරියන් වෙලා ඒ ඒ රටවල් පාලනය කරනවා. මෙතැන තියෙන්නේ ස්ත‍්‍රී, පිරිමි පක්ෂ අතර අසමතුලිතතාවයක් බවයි මම නම් දකින්නේ. ඒත්, පිරිමින්ට වඩා අද ස්ත‍්‍රිය ඉදිරියෙන් ඉන්නවා. අපේ රටේ වුණත් බැලූ‍වොත් ප‍්‍රධාන ස්ථානවල මූලාසනයේ ඉන්නේ කාන්තාවන්. ඒ ඔවුන්ගේ නිදහස තුළ ඔවුන් ජීවත් වුණ නිසයි. මගේ ජීවිතය හදාගත්ත පිළිවෙළක් තියෙනවා. ඒ විදිහට තමයි, මගේ ජීවිතේ නම් මම ගොඩනඟාගෙන යන්නේ. මම අද සමාජයට ගොඩක් දේවල් දායාද කරල තියෙනවා. වෘත්තිමය වශයෙන් සහ පෞද්ගලික මට්ටමෙන්. සමහර තරුණ තරුණියන් මාව ආදර්ශයට ගෙන ඔවුන්ගේ ජීවිත පවා වෙනස් කරගෙන තියෙනවා. නිරූපණ ක්ෂේත‍්‍රය මම ලොකු වෙනසක් සිදු කළා. ඒ සිදු කරපු වෙනස සියලූ‍ දෙනාම දන්නවා. මම ගන්න හැම හුස්ම වාරයක් පාසාම සමාජයට වැදගත් යමක් කරනවා කියලා හිතලා තමයි මම හුස්ම ගන්නෙ. සමහරක් තරුණ තරුණියෝ මගෙන් අහනවා ඔයා වගේ වෙන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක් මගෙ රංගනය පැත්තෙන් කතා කරනවා. ඒ ගමන යන්නේ කොහොමද කියල අහනවා. සමහරක් අය අහනවා ෆැෂන් කලාව පැත්තෙන් කොහොමද යන්නේ කියලා. ඒ ඔවුන් මාව ආදර්ශයට අරන් තියෙන්නේ මම මගේ ගමන නිවරැදිව යන නිසයි. ඒ නිසා මම ඒ ගැන ආඩම්බර වෙනවා. මම ආදරේට ආදරේ හො`දට කරලා තියනවා. මගේ ජීවිතයේ වෙනස් වෙන්න ඕන කාලයයි මේක කියලා මට හිතුණොත් මාව තේරුම් ගන්න, මාව රැක බලා ගන්න පුළුවන්, මට ආදරේ කරන්න පුළුවන්, නිදහස්ව හිතන්න පුළුවන්, පොළොවේ පය ගහලා ඇවිදින්න පුළුවන් කෙනෙක් හමු වුණොත් මම මගේ තීරණය වෙනස් කරනවා.


ඉදිරි වැඩ කටයුතු කොහොමද?


මේ සිනමා පටයෙන් පස්සේ නම් තාම සිනමාපටයකට ආරාධනාවක් ලැබුණේ නෑ. මේ පවතින වාතාවරණයත් එක්ක නිර්මාණකරණයට කවුරුත් අත ගහන්නේ නෑ මේ දවස්වල. හැබැයි සමහර විට ඉදිරියට සිනමාපට තුන, හතරකට ආරාධනා ලැබෙයි. මේ විදියට සියලූ‍ දෙනාටම උදව් උපකාර කරමින් සතුටින් ජීවත් වෙනවා.


නිශ්ශංක විජේරත්න

Previous Post Next Post