ටීනා ෂනෙල් කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. දේදුනු ආකාසේ සිනමාපටය ඔස්සේ රංගනයට ආ ටීනා අද වෙද්දී මියුසික් වීඩියෝ හරහාත්, ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙමින් හැමෝගෙම ආදරේ දිනාගෙන තිබෙනවා. ඒ නිසාම ඇයගේ නවතම තොරතුරු දැන ගන්නයි ඇයත් සමඟ මේ කතාබහ.
“මේ දවස්වල නම් සිහින ගෙනෙන කුමාරියේ ඩ්‍රාමා එකත් එක්ක තමයි කාලය ගත වෙන්නේ. තව අලුත් ටෙලි නිර්මාණයක් කළා. ඒ එක්කම තවත් අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා කරලා තියෙනවා. ඒවායිනුත් නිර්මාණ කිහිපයක් භාර අරගෙන තියෙනවා. රටේ තියෙන ප්‍රශ්න එක්ක නිෂ්පාදකවරුන්ටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන නිසා පොඩ්ඩක් අලුත් නිර්මාණ කෙරෙන එක නතර වෙලා තියෙනවා. ඉස්සරහට ඒ අලුත් නිර්මාණ පටන් ගනී. ඒ එක්කම මගේ මොඩ්ල් ක්ෂේත්රයේ වැඩ සහ මියුසික් වීඩියෝ වැඩ කරගෙන ඉන්නවා.
සාමාන්‍යයෙන් මම ලැබෙන හැම මියුසික් වීඩියෝ එකකටම යන කෙනෙක් නෙවෙයි. මාව ඕනේ කියලයි, කවුරුහරි කෙනෙක් මගේ බජට් එක දෙන්නම් කිව්වත්, ඒ සින්දුව මට සෙට් වුණේ නැත්නම් මම යන්නේ නැහැ. පටන් ගත්ත කාලේ වගේ නෙවෙයිනේ දැන් වැඩවලට යද්දී හරියටම හොයලා බලලා පිටපත, ඉන්න නළුවා කවුද කියන හැමදේම බලලා තමයි යන්නේ. මගේ බජට් එකත් සාමාන්‍යයෙන් වැඩි නිසා නිතරම මියුසික් වීඩියෝ එන්නේ නැහැ. හැබැයි ඒ එන නිර්මාණ දෙක තුන ට්‍රෙන්ඩින් එන මට්ටමට එනවා. මම මෑතකම කරපු නිලාන් හෙට්ටිආරච්චිගේ සින්දුවත් සති කිහිපයක්ම ට්‍රෙන්ඩින් වන් ඇවිත් තිබුණා.
මම ඇත්තටම කැමතියි එක රාමුවකට කොටු නොවී විවිධ චරිත කරන්න. බොහෝ විට එකම ස්වරූපයකට සිමා වුණු නළු නිළියන් දකින්න ලැබෙන්නේ. ඒ නිසා මම කැමති නැහැ මාවත් ඒ තැනට පත්වෙනවට. සාමාන්‍යයෙන් ටීනා කිව්වම බාහිර ස්වරූපයෙන් බැලුවම වෙස්ටන් පෙනුමක් නිසා ඒ සඳහා ගැලපෙන චරිතවලට ආරාධනා ලැබිලා ටෙලි නාට්‍යය ක්ෂේත්රයට එන්නේ. හැබැයි මම කැමතියි වෙනස් විදියට චරිත කරන්න. වලවෙට්ටුවා එකේ ප්‍රේක්ෂකයින් දැක්කා වෙනස් විදියට මගේ රංගනය. ඒ එක්කම මමත් ආස කරන චරිත තියෙනවා. ඒ එක්කම මගේ රසිකයින් පවා මට මැසේජ් කරලා තියෙනවා මේ වගේ චරිත කරන්න කියලා. ප්‍රේක්ෂකයින්ගේ වගේම මගෙත් ආසාවන් තියෙනවා විවිධ චරිත කරන්න. මම කැමතියි අභියෝග භාරගන්න. ඕනෙම චරිතයක් දුන්නොත් ඒ චරිතය සාර්ථකව ඉෂ්ට කරනවා කියන විශ්වාසය මට තියෙනවා. හැබැයි එවැනි විවිධ චරිත සඳහා අධ්‍යක්ෂකවරුන් මට කතා කරන්න ඕනේ එහෙම දුන්නොත් තමයි මට ප්‍රේක්ෂකයින් අතරට මගේ හැකියාවන් අරන් එන්න පුළුවන් වෙන්නේ. මම සාමාන්‍යයයෙන් වැඩ ඉල්ලගෙන පස්සෙන් යන කෙනෙක් නෙවෙයි.”
ක්ෂේත්රයේ ඉන්න බොහෝ දෙනෙක්ට හැදෙන දෙයක් තමයි කටකතා. එහෙමත් නැත්නම් ගොසිප් කියන්නේ. මේ දේවල් ගැන ටීනා දෙපාරක් හිතනවද? එහෙම නැත්නම් කවුරු මොනවා කිව්වත් ඒ දේවල් අදාළ නොකරගෙන, ටීනාගේ ගමන යන කෙනෙක් ද?
“මෙහෙමයි මුල් කාලේ නම් ගොසිප් වගේ දේවල් හැදුණා. දැන්නම් මම ක්ෂේත්රයේ අය එක්ක ගනුදෙනු කරන විදියට ගොඩ දෙනෙක් මේ වෙද්දී ටීනා කියන්නේ කවුද කියලා හරියටම තේරුම් අරන් ඉන්නේ. මම මේ ක්ෂේත්රය ඇතුළේ කිසිම අධ්යක්ෂවරයෙක් එක්ක, නිෂ්පාදකවරයෙක් එක්ක හෝ නළුවෙක් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන මගේ ගමන යන කෙනෙක් නෙවෙයි. දැන් එන අලුත් සහ සමහර අය ගැන, මෙයා ආවේ මෙයා නිසා වගේ කියවෙන දේවල් මටත් අහන්න ලැබෙනවා. කිසිම වෙලාවක මට එහෙම දෙයක් කියන්න කාටවත් බැහැ. මම දෙරණ මිස් ශ්‍රී ලංකා වලට ගිහිල්ලා මොඩ්ලින් ක්ෂේත්රය හරහා මුලින්ම එන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ චිත්‍රපටය හරහා. දැනට ලංකාවේ ෆිල්ම් 5ක් විතර කරලා තියෙනවා. හෝන් කියන ෆිල්ම් එක ගත්තම මම වෙනස්ම චරිතයක් මම එහි නිරූපණය කළේ. ෆොටෝ ෂූට් ගත්තත් අනෙක් නිරූපිකාවන්ට වඩා සෑහෙන වෙනස්වීම් තියෙනවා. ඉස්සරහටත් ප්‍රේක්ෂකයින් අතරට වෙනස් චරිතවලින් යන්න තමයි කැමැත්තක් තියෙන්නේ.”
ටීනා එක්ක ආව සමකාලින අය මේ වෙද්දී විවාහ වෙලා දරුවන් පවා ඉන්නවා, ආදරය විවාහය ගැන ටීනා ඉන්නේ මොන වගේ මතයකද?
“මෙහෙමයි. ආදරය තියෙන්න ඕනේ. එක එක වකවානුවලදී මමත් ආදරේ කරලා තියෙනවා. ඒ යාළුවෙලා හිටපු අය යම් යම් නොගැළපීම් නිසා අතහැරිලා තියෙනවා. ඒවා ගැන මම පසුතැවීම් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ හැමදේම වෙන්නේ මගේ හොඳට කියලා. මම කවදාවත් කිසිම ඉන්ටව් එකකටවත්, නාලිකාවකට ගිහින් කියන්නේ නැහැ මට කොල්ලෙක් නැහැ කියලා. එහෙම බොරු කියන අය ඕනේ තරම් ඉන්නවා. නමුත් හැමදාම කියන්නේ මම ආදරවන්තියක්. නමුත් විවාහය ගැන තවම හිතලා නැහැ. මම හිතන්නේ මගේ වැඩ ගැන. හරි කාලය ආවම විවාහය ගැන හිතයි. දැනට මම ආදරේ කරන කෙනා එක්ක සතුටින් ආදරෙන් ඉන්නවා.
මගේ ඩ්‍රීම් එක මගේ ඩ්‍රීම් හවුස් එක හදාගන්න එක. හැමදාම වගේ වැඩ කළත් ඒකට තවම මම මහන්සිවෙනවා. ක්ෂේත්රයේ අය මගෙන් අහන දෙයක් තමයි මෙච්චර වැඩ කරලත් තවම ඔයාගේ ටාර්ගට් එකට යන්න බැරිද කියලා. මොකද අපි දැකලා තියෙනවා අලුතින් එන අය නම් දවසින් දෙකෙන් වාහන අරගෙන ගෙවල් හදාගෙන ඉන්නවා. ක්ෂේත්රය තුළ එක එක විදියට තමන්ගේ ගමන යන අය ඉන්නේ. මම ඒකට කාටවත් දොස් කියන්නේ නැහැ. හරි විදියට යනවා නම් හෙමින් ගමනක් යන්න තියෙන්නේ. මමත් ඒ වගේ හෙමින් ගමනක් යන කෙනෙක්. මට පුළුවන් කාලයක මම හම්බ කරගෙන මගේ සිහිනය සැබෑ කර ගන්නවා.
අද වෙද්දී මම ඉන්න තැන ගැන මම තෘප්තිමත්. ඒ වගේම මාව මේ තැනට ගෙනාවේ මගේ ප්‍රේක්ෂකයෝ. ගැහැනු පිරිමි, ලොකු කුඩා ෙභ්දයකින් තොරව මට ලැබෙන ආදරය එක්ක මම හිතන්නේ මම වාසනාවන්තයි කියලා. ඒ ප්‍රේක්ෂක ආදරය මම දකින්නේ ගෞරවයක් හැටියට. මමත් හැමදාම ඒ අයට ආදරේ කෙනෙක්. ඉදිරියටත් ප්‍රේක්ෂකයින් මා එක්ක ආදරෙන් ඉඳියි කියලා මට විශ්වාසයි.”