යෝගා ව්‍යායාම කරන ගායන ශිල්පිනී කොරීන් අල්මේදා

 


නිතර ප්‍රසංග වේදිකාවේදී මුණගැහෙන ඇයගේ විශේෂත්වය වන්නේ එදා මෙන්ම අදත් ඇගේ සුන්දරත්වය එක ලෙසම පැවතීමයි. මෙරට ගායන ක්ෂේත්‍රයේ වියපත් නොවන ගායන ශිල්පිනියක් හැටියට කොරින් අල්මේදාව හඳුන්වන්න පුළුවන්. ඇයගේ තරුණ බවේ රහස ඇය පසුගියදා හෙළි කළා. ඒ ඇය යෝගා ව්‍යායාම කරන බවයි. පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමේ දීර්ඝ සටහනක් පළ කරමින් ඇය යෝගා ව්‍යායාම තුළින් ඇති වාසි සඳහන් කරලා තිබුණා. ඇය පළ කළ සටහන පහත දැක්වනවා.


" විශ්වය මට ඉතා කරුණාවන්ත වෙලා. සෑම දෙයක්ම නියම වේලාවට සිදුවෙනවා. මගේ යෝගා ගුරුතුමිය වන අනෝජා වීරසිංහ (අක්කි) සහ ඇයගේ අපූරු උපදේශක කණ්ඩායමෙන් මම පසුගිය වසර කිහිපය තුළ බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ සෑම කෙනෙකුටම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. යෝගා සහ භාවනාව අභ්‍යන්තර ශක්තිය, මනසේ ඒකාග්‍රතාව, සමාධිය, සමබර ස්ථාවර මනසක්, අභ්‍යන්තර ආත්මයට සම්බන්ධ වීම, අරමුණේ පැහැදිලි බව, සතුට සහ අවබෝධය සොයා ගැනීමට මට ඉගැන්වූ ගමනක්. පවතින සියලු අවුල් සහ උන්මාදයන් හරහා ගමන් කිරීමට එය මට බොහෝ උපකාර කරනවා."









Previous Post Next Post