බුකිය ගිනි තැබු ෆොටෝස් ගැන ශෙහානි කහඳවල කියපු කතාව



ශෙහානි කහඳවල කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. විශේෂයෙන්ම ඇගේ වෙනම විලාසිතා නිසා බුකියෙත් ඇය විටින් විට කතාබහට ලක්වෙනවා. පසුගිය දවසක ඇය යුටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින්, ඇගේ ජීවිතේ ඇය මුහුණ දුන් අප්‍රසන්න සිදුවීමක් පිළිබඳව මේ විදිහට අතීතාවර්ජනයක යෙදුණා. 

"එකපාරටම මම ෂොක් වුණා ඒ ගැන කිව්වම. මම මං ගැන දන්නවා. එහෙම දෙයක්ම කොහොමත් වෙන්න විදිහක් නෑ. අඩුම තරමේ මම නිරුවත් සෙල්පි එකක්වත් අරන් නෑ.. ලෝයස්ලා කෝල් කරන්න ගත්තා. මේකට ඇක්ෂන් එකක් ගන්න කිව්වා. මම කිව්වා මට වුවමනා නෑ, මොකද මේ මම නෙවෙයි. බලද්දි එයා ශ්‍රී ලංකන් ගර්ල් කෙනෙක් නෙවෙයි, ඉන්දියාවේ ටැමිල් ගර්ල් කෙනෙක්. මට කෝල් කරපු අයට මම කිව්වා, වද වෙන්න එපා... කියලා. ඒ මම නෙවෙයිනේ. ඒක නිකන් තැලිච්ච ගස්ලබු ගෙඩියක් වගේ. හිරවෙච්ච කෑන් එහෙකට වගේ... මමම ගිහින් බැලුවා මෙහෙමමද මම කියලා..."

" පස්සෙ මම ඒ කල්පනා කළේ ඕක දැන් වෙන දේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. දරාගැනීමේ ශක්තිය තියෙනවා. මුලින් මේට එද්දි හැම කෙනෙක්ම අප්සට් වෙනවා, අඬනවා. දැන් ඒවා පුරුදු වෙලා, පුරුදු වෙලා... යකඩයක් වගේ දරාගන්න පුළුවන්. ඕක ස්කූල් ළමෙකුට වුණොත්... ඒ ළමයාගේ මානසික මට්ටම අඩුයි. සෙන්සිටිව් අය ගොඩක් ඉන්නේ. මම කියන ගෑනු ළමයෙක් විදිහට, ඒ ඔයා වුණත්, නොවුණත් ඒකට මූණ දෙන්න. ඒ වගේ දේවලට සූසයිඩ් කරගන්න එක අනවශ්‍ය දෙයක්." "මිනිස්සු ඕන දෙයක් කියන්න පුළුවන්. ඔයා මැරුණත් ඒකත් මතක නෑ මිනිස්සුන්ට. අම්මට තාත්තට විතරයි මතක.."










Previous Post Next Post