මට විශ්වාසයක් තිබුණා මං ගැන - ටී. ධර්ශන්

 


ලාංකේය රංගන ක්ෂේත්‍රයේදී ධර්ශන් කිව්ව ගමන් එකපාරටම මතක් වෙන්නේ ධර්ශන් ධර්මරාජ්ව. එතරම් ම ඔහු සිය රංග පෞරුෂය නිසා සැමගේ සිත් තුළ ලැගුම් ගෙන ඇති බැවිනි. ඒ එක්කම මේ වෙද්දී තවත් ධර්ශන් කෙනෙක් ගැන කතාබහ වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඔහු නමින් ටී. ධර්ශන්. ශක්ති නාළිකාවේ නිවේදකයකු ලෙස සහ රංගන ශිල්පියකු දමිළ ජනතාවගේ ආදරය ආකර්ෂණය දිනාගත් මේ යෞවනයා මේ වෙද්දී සිංහල රසිකත්වය අතරට විලන් චරිතයෙන් පැමිණ තිබෙනවා.

 නම - ධර්ශන් තවරාජා


මගේ උපන් ගම - කොළඹ


පාසල -විවේකානන්ද විද්‍යාලයට


පවුලේ විස්තර - අම්මා තාත්තා අක්කා සහ මම


 පාසල් කාලයේ දීත් කලාවට සම්බන්ධ ද?


පොඩි කාලේ ඉඳන්ම මම චිත්‍ර අඳිනවා. මම Portrait අඳින්න පටන් ගත්තේ අට වසරේ නවය වසර වගේ. ඒ එක්කම මම පොඩි කාලේ ඉඳන් ඇක්ටින් පැත්තත් පොඩියට කරගෙන ගියා. මගේ පෙනුම නිසා යාළුවෝ මාව මිස්ටර් බීන් කරගෙන හිටියා. හැබැයි මම උසස් පෙළ කළේ වාණිජ ධාරාවෙන්. ඒත් විෂයන් දෙකයි මම සමත් වුණේ. ට්‍රැවල් කරන්න ආස නිසා cabin crew එකට යන්න හිතුවා. ඒ නිසා cabin crew ඉගෙන ගත්තා.


 එතකොට කොහොමද මේ කලාවට එන්න දොරගුළු විවර වෙන්නේ


දවසක් මම පාරේ යනවා දැකලා ශක්ති tv එකේ ප්‍රසන්ටර් කෙනෙක් ඇවිත් මා එක්ක කතා කරා. එයා කිව්වා ටැමිල් වලින් ටෙලි සීරියස් එකක් කරන්න ඉන්නවා ඔයාගේ නම්බර් එක දෙන්න කියලා ඉල්ලා ගත්තා. එදායින් පස්සේ fb එකේ එහෙම චැට් කරගෙන ෆිට් එකේ හිටියා. එයා මගේ ප්‍රොෆයිල් එක ශක්ති ටීවී එකේ ඩිරෙක්ටර් කෙනෙක්ට පෙන්නලා තිබ්බා. මට ඉන්ටවිව් එන්න කිව්වා. එදා මගෙන් ඇහුවෙත් ටීවී ෂෝ එකක් කරන්න කැමතිද කියලා. මම මුලින්ම කැමති වුණේ නැහැ. ඒත් එයා කිව්වා හොඳ පේමන්ට් එකක් දෙන්නම් කිව්වා. ඒ වෙද්දී cabin crew එකත් waiting නිසා පොඩි කාලෙකට කරමු කියලා හිතලා කැමති වුණා. එතැනදී ටෙලි සීරියස් හයක් විතර කළා.


 සිංහල නාට්‍යය වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


මම අවුරුදු අටක් ශක්ති ටීවී එකේ හිටියා. ටෙලි සීරියස් කරද්දී මම ආස කළා රඟපෑමට. ඔය අතරේ තමයි ගිය වසරේ ජූලි මාසයේ දී මට දෙරණ ටීවී එකේ හිතුවක්කාර එකේ විලන් චරිතයට කතා කළේ. මම නිවාඩු වෙලාවක ගිහින් ඩිරෙක්ටර් ව හමුවුණා. එයා ඇහුවා කෙවින් කියන විලන් චරිතය තියෙන්නේ. ඒ වගේම මේ නාට්‍යය කොටස් 20ක නාට්‍යයක්. ඔයාට ශක්ති එකෙන් අවසර ලැබෙයිද කියලා. මම කිව්වා මම අවසර ගන්නම් කියලා.


 අවසර ලැබුණද?


නැහැ. ඇවිත් ඇහුවම තවත් නාළිකාවක් නිසා අවසර දෙන්න විදියක් නැහැ. ඔයා තීරණය කරන්න කියලා. මෙතන ඉන්නවද ඒ නාට්‍යයට යනවද කියලා. එතැනදී මම හිතුවා ශක්ති එකට සමුදීලා මේ ලැබුණු අවස්ථාව බාර ගන්න.


 ඇයි එදා එහෙම අභියෝගයක් බාර ගන්න හිතුවේ


මම ගොඩක්ම කැමතියි විලන් චරිත කරන්න. ඒ නිසා ඒ ලැබුණු අවස්ථාව මම දැක්කේ ආශීර්වාදයක් විදියට. හිතුවක්කාර කොටස් 20න් අවසන් වෙද්දීම ඩිරෙක්ටර් ඇහුවා සිඳු නාට්‍යයේ තුන්වෙනි කොටස ශක්ති කියලා පටන් ගන්නවා එහි ප්‍රධාන විලන්ගේ චරිතය වන වර්ණගේ චරිතය කරන්න පුළුවන්ද කියලා. ඒ වෙද්දී මම හිතලා තිබ්බේ මෙගා නාට්‍යයක විලන් චරිතයක් කරන්න ලැබුණා නම් කියලා. ඒ නිසා ඒක මම ආසාවෙන් බාර ගත්තා.


 ඇයි විලන් චරිත කරන්න මේ තරම් කැමති


මම act කරන්න පටන් ගත්ත කාලේ ඉඳන් මට ගොඩක් අය කියල තියෙනවා මට Hero වෙන්න බෑ මගේ skin colour එක හින්දා කියල. මිනිස්සු hero කෙනෙක් ව මේ පාට skin එකෙන් accept කරන්නේ නෑ කියලා. ඒක ගොඩක් සැරයක් අහලා ඉවරවෙලා මම හිත හදාගත්තා, ‘හරි එහෙනම් villain characters try කරමු’ කියල. ඊට පස්සේ villain characters play කරන එක මගේ favourite වුණා. ඒත්, කට්ටිය මට එහෙම කියපු එක මගේ හිතේ කොනක තිබ්බා. කවුරු හරි director කෙනෙක් මාව hero හැටියට ගන්න ගියොත්, මමම කියනවා ‘hero ට වැඩිය villain set වෙනවා, එක කරන්න ද?’ කියලා. හීරෝ කෙනෙක් බිහිවෙන්නත් හොඳ විලන් කෙනෙක් ඉන්න එපැයි. ඒ නිසා මම විලන්ට කැමතියි.


 තව මොනවද එන්න තියෙන චරිත


හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කරපු මායම් කිරිල්ලි ටෙලි ෆිල්ම් එකේ විශල් කියන චරිතය. ඒකෙත් පොඩි විලන් ටයිප් එකක් තියෙනවා. විශල් කියන්නේ මම බොහොම ආසාවෙන් කරපු නිර්මාණයක්. මම එකේ රඟපෑවේ අනුරාධා එදිරිසිංහ කියන දක්ෂ රංගන ශිල්පිනිය එක්ක. ඉදිරියේදී ඒ නිර්මාණයත් දැකගන්න ලැබෙයි.


 

එතකොට ඉන්ද්‍ර සහස්වර කියන්නේ කවුද?


ඒ මාව හීරෝ කරපු තව තැනක්. ඒ තමයි "එක දවසක් - One Day" කියන පේජ් එකෙන් නවකතාවක් දාලා තිබ්බා. එතැනදී හීරෝ විදියට පෙන්වලා තිබ්බේ මාව. ඒ කතාව ගොඩක් අය කියවලා ලොකු පාඨක පිරිසක් නිර්මාණය වෙලා තිබ්බා. දැන් නම් ඒ කතාව Fb එකේ බලන්න නැහැ. එයා රයිට්ස් විකුණලා තියෙන්නේ පොතක් විදියට මැයිවල රිලීස් කරන්න. එකෙත් හීරෝ ට මගේ ෆොටෝ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා කෙවින්ට සහ වර්ණට වඩා ගොඩක් අය මාව දන්නේ ඉන්ද්‍ර සහස්වර කියලා.


 දැන් මේ ඉන්න තැන ගැන ඔබ තෘප්තිමත් ද?


අනිවාර්යෙන්ම. එදා හැමෝම කිව්වේ සිංහල පැත්තෙන් තරගකාරිත්වය වැඩියි. අපරාදේ රස්සාව දාලා යන්නේ කියලා. නමුත් මට විශ්වාසයක් තිබ්බා මං ගැන. ඒ නිසා අද මම ඉන්න තැන ගැන සතුටුයි.






Previous Post Next Post