පාර වහල තියෙන වෙලාවට පාර දිගේ යන චන්දිමා





පාර දිගේ ටෙලි නාට්‍යයේ ඩාර්ලින් අක්කාට සහ පාර වසා ඇත ටෙලි නාට්‍යයේ ළමාතැනීට මේ දවස්වල මගතොටදිත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවලූ. මේ චරිත දෙකටම පන දෙන චන්දිමා කරුණාදාස ඒ කතාව වගේම තවත් තොරතුරු ගොඩක් මේ විදිහට පුවත්පත් සමඟින්  මෙලස පවසා තිබුනා.


චන්දිමා… වැඩිපුරම ප‍්‍රතිචාර ලැබෙන්නෙ ළමාතැනීට ද ඩාර්ලින් අක්කට ද?


මේ චරිත දෙකටම එක වගේ ප‍්‍රතිචාර ලැබෙනව. සමහර අය ළමාතැනීට කැමතියි” සමහර අය ඩාර්ලින් අක්කට කැමතියි.


ඔබේ කැමැත්ත මොන චරිතයටද?


මමත් චරිත දෙකටම කැමතියි. නමුත් ළමාතැනීගේ චරිතය මගේ ජීවිතයට ටිකක් සමීපයි.


මගතොටදි?


මගතොටදි බොහෝ දෙනෙක් මට කතාකරන්නෙ ඩාර්ලින් කියල. එතනදි මට හිතෙනව පේ‍්‍රක්‍ෂකයො වැඩි දෙනෙක් ඒ චරිතයට කැමති ඇති කියල. කොහොම වුණත් මම රඟපාන චරිතයක නමින් මගතොටදිත් මට කතාකරනව කියන්නෙ පේ‍්‍රක්‍ෂකයා ඒ චරිතය වැළඳගෙන තියෙනව කියන එකනෙ. ඇත්තටම ඒ ගැන සතුටුයි.


අලූත් ආරාධනා?


ඔව් අලූත් ආරාධනා ලැබිල තියෙනව වගේම චන්දන ඉරුගල්බණ්ඩාර මහත්මයාගේ ‘වියළි. ටෙලි නාට්‍යයේ රූගතකිරීම් වලට මේ දිනවල සහබාගි වෙනව. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක රූගතකිරීම් ආරම්භ වීමට නියමිතව තියෙනව.



‘පාරදිගේ. ජනප‍්‍රියම ටෙලි නාට්‍ය බවට පත්වුණා?


ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ ගෞරවය ශිවා අයියට” සද්ධා අයියට” චාමර අයියට වගේම නාට්‍ය කණ්ඩායමේ සියලූම දෙනාටත් පේ‍්‍රක්‍ෂකයන්ටත් හිමි විය යුතුයි.


ඩාර්ලින් අක්කාගේ සතුරා වන බණ්ඩා හොඳම නළුවා වෙනව?


නාට්‍යයේදී ඔහු මගේ සතුරා වුණත් පෞද්ගලික ජීවිතයේදී මම ගොඩක් ආදරේ කරන අතිෂය දක්‍ෂ රංගන ශිල්පියෙක්. අපේ නාට්‍යයට සම්මාන ලැබුණ වගේම ඔහුට ලැබුණු සම්මානය ගැනත් මම බොහොම සතුටු වෙනව.



ඩාර්ලින් අක්කා කොහොමද බණ්ඩව දකින්නෙ?


මම පෞද්ගලිකවත් ඇසුරුකරල තියෙන මල්ලි කෙනෙක් වන ඔහු වේදිකාවෙන් පැමිණි කෙනෙක්. යම්කිසි චරිතයක් කරනකොට ඔහු ඔහුගේ උපරිමය ඒ සඳහා ලබාදෙනව. ඒ වගේම අනෙකුත් රංගන ශිල්පීන්ටත් ලොකු සහයෝගයක් ලබා දෙනව.


සිකුරාත් ඔබට සමීප චරිතයක්?


අපි තුන්දෙනාම වේදිකාවේ වැඩ කළ අය හැටියට ඔහුත් බණ්ඩා වගේම මට සමීප කෙනෙක්. ‘අවසන් හුස්ම තෙක්. නාට්‍යයේත් මට ඔහු සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා.


නිළියක් වීම ඔබට දැනෙන්නෙ කොහොමද?


උපාධිය හදාරපු විෂය පථයත් එක්ක රංගනයට එකතු වුණත් මම ජනප‍්‍රියත්වය පසුපස හඹා යන කෙනෙක් නොවෙයි. මම කරන යම් කිසි චරිතයක් පේ‍්‍රක්‍ෂකයන් භාරගෙන ඒ සඳහා ප‍්‍රතිචාර දක්වනකොට නිහතමානී සතුටක් තියෙනව. නිර්මාණයකට සම්බන්ධ වෙනකොට මම මේකෙන් ජනප‍්‍රිය වෙයි කියල නම් හිතන්නෙ නැහැ. නමුත් ඒකෙන් කියවෙන්නෙ නැහැ මම ජනප‍්‍රිය වෙනවට අකමැතියි කියල. චරිතය තුළ මගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාව ලැබෙනව නම් මම ඒ චරිතය භාර ගන්නව.


රංගනය ඔබේ වෘත්තියද?


දැනට රටේ පවතින තත්ත්වයත් එක්ක වෘත්තීයමය වශයෙන් රංගනයේ යෙදෙන්න පුළුවන්කමක් නැහැ වගේම දැනට මම එහෙම තීරණයක් අරගෙනත් නැහැ. මේ තත්ත්වය වෙනස්වෙලා යහපත් අතට හැරුණොත් එදාට බලමු.


චන්දිමා පැමිණි ගමන් මග දෙස නැවත හැරී බැලූවොත්?


මගේ ගම පූනෑව. එහෙම ගමක ඉඳල කොළඹ එන්න නම් ඉගෙනගන්නව හැරෙන්න අපිට කරන්න වෙන දෙයක් නැහැ. පුංචි කාලෙ ඉඳන්ම මගේ අරමුණ වුණේ හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න ඕන කියන දේ. ඒ වගෙම මම හොඳට ඉගෙන ගත්ත. අවසානයේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණ. මේ වන විට නාට්‍ය හා රංග කලාව ශාස්ත‍්‍රවේදී සහ ශාස්ත‍්‍රපති උපාධි සම්පූර්ණ කරල තියෙනව. ඇත්තටම පැමිණි මග දෙස හැරී බලනකොට ලොකු සතුටක් දැනෙනව.


සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


ඔහු මාව තේරුම් ගන්නා ආකාරය සහ මං ගැන තියෙන විශ්වාසයත් එක්ක මගේ රංගන කටයුතු වලට ලොකු සහයෝගයක් ලබාදෙනව. ඒකට ලොකුම හේතුව වෙන්නෙ ඔහුත් මම වගේම නාට්‍ය හා රංග කලාව ශාස්ත‍්‍රවේදී සහ ශාස්ත‍්‍රපති උපාධි හදාරල තියෙන කෙනෙක් වීම. මේ හරහා ක්‍ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනව. ඒ වගේම මගේ රංගන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය මොනම අවස්ථාවකදීවත් පටලවා ගන්නෙ නැහැ. පුළුවන් උපරිමයෙන් රංගනයට කැප වෙනව වගේම පෞද්ගලික ජීවිතය වෙනුවෙනුත් කැපවෙනව. මගේ කාර්යබහුලත්වයත් එක්ක ගෙදර දොර වැඩපල මගහැරෙන වෙලාවල් වලදි ඒ දේවල් ඉවසීමෙන් කරගෙන ඔහු මට සහයෝගය ලබාදෙනව.


ඔහුට රඟපෑමට ආරාධනා එන්නෙ නැද්ද?


මගේ සැමියා වේදිකාවේ යම් යම් නාට්‍ය වලට සම්බන්ධ වෙලා තියෙනව. නමුත් පෞද්ගලිකව ඔහුගෙ කැමැත්තක් නැහැ ර`ගපාන්න.


ක්‍ෂේත‍්‍රය ගැන ඔබ තෘප්තිමත්ද?


මම ලබපු අධ්‍යාපනයත් එක්ක අද යම් තැනක ඉන්නව නම් ඒ වෙනුවෙන් මාව නිර්මාණයකට සම්බන්ධ කරගත්ත අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සියලූම දෙනාට ඒ ගෞරවය හිමි විය යුතුයි. කලා ක්‍ෂේත‍්‍රයට නිරන්තරයෙන්ම අලූත් අලූත් මුහුණු එකතු වෙනව. ඒ කවුරු වුණත් හැදෑරීමක් එක්ක ආවොත් හොඳ ගමනක් යන්න පුළුවන්. ක්‍ෂේත‍්‍රය ගැන මගේ පැත්තෙන් කතා කළොත් ඇත්තටම මම තෘප්තිමත්.


සම්මානයකට නිර්දේශ නොවීම ගැන පසුතැවීමක් තියෙනවද?


රංගන ශිල්පිනියක් හැටියට මට යම් සම්මානයක් ලැබෙනව නම් සතුටින්භා රගන්න සූදානම්. එහෙම නැතිව මට මේ සම්මානය ලැබෙන්න ඕන” නැත්නම් මම නිර්මාණයෙන් ඉවත් වෙනව වගේ දේවල් මම ළඟ නැහැ.


සිනමාවට යොමු නොවුණෙ?


ඇත්තටම සිනමාවට ආරාධනා ලැබුණ. නමුත් කාර්යබහුලත්වයත් එක්ක ඒවා ප‍්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා. කොහොම වුණත් සිනමාවට සම්බන්ධ වෙන්නෙ නැහැ කියන මතයෙ මම නැහැ.


මහේෂ් එදිරිසිංහ










Previous Post Next Post