ලතීෆ්ට ‘ආසියාවේ අභිමානය’ හිමිවෙයි


 පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ආම්. ලතීෆ් මහතාට
‘ආසියාවේ අභිමානය’
නමින් ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ.

ඉන්දියාවේ කීර්තිමත් විද්වතකු සහ හිටපු ජනාධිපතිවරයකු වූ දිවංගත ආචාර්ය අබ්දුල් කලාම් මහතා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමනාකරණ හා තාක්ෂණ විද්‍යායතනය මඟින් මෙම සම්මානය පිරිනමා ඇත. කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී මෙම සම්මානය ලතීෆ් මහතාට පිරිනමා තිබේ.

-චාමර අමරසූරිය-
Previous Post Next Post