පාසලේදී ප්‍රේමයෙන් බැදුණු සිසුවෙක් හා සිසුවියක් හොර රහසේ පවුල් කෑමට ගිහින්

නාවලපිටිය කොත්මලේ අධ්‍යාපන කලාපයේ පාසලක 15 හැවිරිදි සිසුවකු 14 හැවිරිදි ශිෂ්‍යාවක් හොර රහසේ
රැගෙන ගොස් පවුල් කෑමට

සූදානම් වී සිටියදී ලෝක ළමා දිනයට පෙර දින (30දා) නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  පාසලේදී ඇති වූ ප්‍රේම සම්බන්ධයක් දුර දිග ගොස් මොවුන් දෙදෙනා මෙම තීරණයට එළැඹී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. සිසුවියන්ගේ පාර්ශ්වයෙන් මෙම ආදර සම්බන්ධතාවට දැඩි විරෝධෙයක් එල්ල වී ඇති අතර මෙම අභියෝගවලට බිය නොවූ පෙම්වතා තම පෙමිවතිය රැගෙන සිය නිවෙසට ගොස්  තිබේ.

බාල වයස්කරුවන්ගේ මෙම ක්‍රියාව පිළිබඳව නවලටිය පොලිසිය වෙත වාර්තා වීමෙන් පසු ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පෙම්වතා නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.  අඩු වයස් පෙම්වතිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කිරීමටද කටයුතු යොදා තිබිණි.  ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විකුම් ගිනිගේ, ස.පො.අ. චන්ද්‍රශ්න බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත නවලපිටිය පොලිස් ස්ථානාධිපති සුජීව ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.


-මාධව බණ්ඩාර-
Previous Post Next Post