අලුත් වාහන බද්ද ටික දවසකට විතරලු


එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පෙරේදා (01දා) සිට පැනවූ බදු පනවා ඇත්තේ තාවකාලිකව
බැවින් ඉවත් කළ හැකි

නිශ්චිත දිනයක් දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වාහන වැඩිවීමෙන් ඇතිවන මාර්ග තදබදය ඉදිරීයේදී ඇති කිරීමට යෝර්ජිත සැහැල්ලු දුම්රිය පද්ධති නිසා අඩු කිරීමට හැකි බව පෙන්වා දීම ආදී කරුණු සැලකිල්ලට ගෙන අගමැතිවරයා එම දැනුම් දීම සිදු කොට ඇතැයිද වාර්තා වේ.
මෙසේ බදු මිල වැඩි කළේ සුනාමියක් සේ මෙරටට ගලා එන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා කියා තිබේ.
Previous Post Next Post