කුසලධම්ම හිමි අසාධ්‍යව ඇමරිකාවේ
- බෞද්ධයා නාලිකාව අනතුරේ
කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා‘(The Buddhist) නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි මේ වන විට රෝගී වී අසාධ්‍ය තත්වයෙන් ඇමරිකාවේ පුද්ගලික රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටියි.
මේ අතරවාරයේ කුසලධම්ම හිමින්ගේ රූපවාහිනි නාලිකාව ඇතුළු දේපල
කොල්ල කෑමට
හිමියන් මූලිකත්වයෙන් ඇරඹි බෞද්ධයා නාලිකාව භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වන නමුත් හිමියන් අසනීප තත්වයෙන් පසුවීම මත එහි අයිතිය පිලිබඳ අවුල් සහගත තත්වයක් මතුව තිබේ.
බරපතල රෝගී තත්වයේ පසුවන හිමියන්ට එය බේරුම් කිරීමට අවස්ථාවක් ලැබී නැත.
නාලිකාව තමනට අයිති කර ගැනීම සදහා කිහිප දෙනෙකු මේ අතරවාරයේ උත්සාහ ගන්නා බව වාර්තාවේ.
Tags:
Trending