කොල්ලෝ එක්ක රගපානවට එයා විරුද්ධ හින්දා ලව් එක නැවැත්තුවා -ෂෙනායා ඇනීෂා




මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තු ටෙලි නාට්‍යයක් තමයි හිතලග හිනා උනා ටෙලිනාට්‍යය. ඒ ටෙලි නාට්‍යය තුළ කාගේත් නෙත් සිත් වසඟ කරපු රංගන ශිල්පිනියක් හිටියා. ඇය තමයි දඟකාර කටකාර කිරුලි. කතාවට කිරුලි කියලා හැදින්වූවාට ඇගේ නම තමයි ෂෙනායා ඇනීෂා වැනොෆ්. ඒ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්න කලින් ඇය විවිධ ආකාරයේ වෙළෙඳ දැන්වීම් ඇතුළු වැඩ කටයුතුත් සමඟ පුංචි තිරයෙන් අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වුණා. ඒ අතරින් නැන්දම්මා දැක දැක නොදැක්කා යනවා වගේ කියන ස්පයිසි ක්‍රැකර් වෙළඳ දැන්වීම හරහා ෂෙනායා තවත් ප්‍රසිද්ධ වුණා.

සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය හදාරපු ෂෙනායා අදහස් කරලා තියෙන්නෙ ෆැෂන් ඩිසයින් වලින් හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. නමුත් ඒ කාර්යය සාර්ථකව කරගන්න ඇයට හැකියාව ලැබිලා නැහැ. හේතුව මුල ඉඳන්ම මාමා සහ අම්මා තාත්තා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන හින්දා ඇයට බලපෑම් කරලා තියෙනවා එහාට එන්න කියලා. නමුත් ඇය කැමති වෙලා නෑ එහෙ යන්න.ඉතින් නයිඑෆ් එම් අපි ඔබට මේ කියන්න යන්නේ ෂෙනායා ආදරය ඒ වගේම පෙම්වතා පිළිබඳව පුවත්පතකට ඉදිරිපත් කළ සංවේදී කරුණු කීපයක් ගැනයි.

අම්මා තාත්තා ඇතුළු පිරිස ඒ විදිහට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ජීවත් වෙන්න කියලා ෂෙනායාට අඬ ගහද්දි ඇයට යන්න බැරිවෙලා තියෙන්නෙ ඒ වෙද්දී ආදර සම්බන්ධතාවයක් ඇය ගොඩනගාගෙන තිබුණු නිසා කියලා සඳහන් කරලා තිබුනා. නමුත් ඒ නිසා ඇය අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණ දීලා තියෙනවා ඒ වගේම ජීවිතය විඳින්න ඕනි කාලෙදි ඇයට ඒ සියලුම දේ අහිමි වෙලා තියෙනවා. ඒ පිළිබඳව ෂෙනායා අදහස් දක්වන්නෙ මේ විදිහටයි. “ආදරය කරපු කෙනා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් අපේ සම්බන්ධයක් පටන් ගත්තට පස්සෙ මම මේ වැඩ වලට සම්බන්ධ වෙනවට එයා කැමති වුණේ නැහැ.

මම පිරිමි ළමයි එක්ක රඟපානවට එයා කැමති උනේ නැහැ. ඒ නිසා තනියම කරන කමර්ශල් විතරක් කරා. එහෙම ඉඳගෙන එයා කරන කියන විදිහට මම මගේ ජීවිතේ ජීවිතය ගොඩනඟා ගත්තා. වසර දෙකක් විතර මම ඒ වගේ කටයුතු වලින් අයින් වෙලා හිටියා. ඊට පස්සේ පස්සේ අපි දෙන්නා වෙන් වුණා. එතකොට මහේෂ් අයියා මට මේ චරිතය ගැන කිව්වා. කටකාර දඟකාර කිරුලි ගැන ඒ චරිතය රඟපාන්න මම කැමැති වුණා.





Previous Post Next Post