හැම වෙලාවෙම බදාගෙන ඉන්න එක නෙමෙයි ආදරේ කියන්නේ - සාරංග දිසාසේකර



මේ වන විට සාරංග සහ දිනක්ෂි යුවළනම් අලුතෙන් කෙනෙක්ට හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. මොකද ඔවුන් දෙදෙනා ගැන ඕනම කෙනෙක් මේ වන විට දන්නවා. පුංචි තිරය වගේම සිනමාවත් එක ලෙස ආක්‍රමණය කල දිනක්ෂි සහ සාරංග කියන්නේ අපේ ප්‍රේක්ෂකයින් වැඩිපුරම ආදරය කරන කලා යුවළක්. රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වන මේ දෙදෙනාම කලා පවුල් වල දරුවන්. සාරංග ඔහුගේ පලමු විවාහයෙන් වෙන් වෙලා මේ වන විට දිනක්ෂි සමගින් සතුටින් පවුල් ජීවිතයක් ගත කරනවා. ඔවුන්ගේ සුන්දර කදැල්ලේ සතුටට මේ වන විට ලොකුම හේතුව වෙලා තියෙන්නෙ ඔවුන්ගේ පුංචි සුරංගනාවි සාරන්‍යා.

සාරන්‍යා සහ දිනක්ෂිගේ පවුලේ හැමෝම කලාවත් එක්ක සමීප පුද්ගලයින්. ඉතින් මේ විදියට සතුටින් කල් ගෙවන සාරංග සහ දිනක්ෂි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ආදරය ගැන කියලා තිබුණේ මේ විදියටයි.

” ආදරය කියන දේ එකිනෙකාට සාපේක්ෂයි. ඒ නිසා අපිට ආදරය ගැන නිර්වචනයක් දෙන්න අමාරුයි. ආදරය ලැබෙන වෙලාවට අපි උපරිමයෙන් ආදරය විදින්න ඕන. අනික ආදරය කියන්නේ හැම වෙලේම පැය 24ම බදාගෙන ඉන්න එකට නෙමෙයි. ආදරයෙදි විවිධ ගැටලු එනවා. බැන ගන්නවා රණ්ඩු වෙනවා. ඒව තුලින් අපි ආදරේ විදින්න ඕන. එතකොට තමයි ආදරේ වැඩි වෙන්නෙ.”

මේ විදියටයි සාරංග සහ දිනක්ෂි ඔවුන්ට දැනෙන විදියට ආදරය ගැන අදහස් දක්වලා තිබුණේ.




Previous Post Next Post