ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ දොලේ මහත්තයාගේ මැනේජර්ගේ චරිතයට පණ පොවන ඇය මේ දිනවල බොහෝමයක් දෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා අවසන්. ඉතිං තවමත් පාසල් අවදියේ ගත කරන ඇය කවුරුන්ද යන්න පිළිබඳව ඇයගෙන්ම අසා දැනගැනීමට අපි රුක්ෂලා විජේසිංහව මේ කතාබහට සම්බන්ධ කරගත්තා..
සම්පූර්ණ නම කියමුද?
ෂමින්ද්‍රි රුක්ෂලා විජේසිංහ. නමුත් මම භාවිතා කරන්නේ රුක්ෂලා විජේසිංහ කියලා.
වයස ?
පෙබරවාරි මාසෙට අවුරුදු දාහතයි.
පදිංචිය?
කෝට්ටේ.
පාසැල?
රාජගිරිය Gateway college.
පවුලේ විස්තර?
තාත්ති අම්මි අයියා සහ මම. අයියා නීතී ශිෂ්‍යයෙක්.
කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය රුක්ෂලාගේ ප්‍රථම ටෙලිනාට්‍ය අත්දැකීමද ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. ඇත්තෙන්ම මට මේ නාට්‍යයේ මුණ ගැහුන දක්ෂ රංගන ශිල්පීන්ගෙන් සහ පළපුරුදු Crew එකෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. මම ගොඩක් දේවල් එයාලගෙන් ඉගෙන ගන්නවා. සම්පත් අයියා, අනුරාධා අක්කි, නිනෝ අයියා වගේ කෝලම් කුට්ටමේ රඟපාන ගොඩක් අයට මම පොඩි කාලේ ඉඳලම හරි කැමතියි. මට එතැනදී මුණගැහුණ හොඳම සහෝදරයෝ තුන්දෙනෙක් තමයි ගාන්ධාර අයියා, රන්ජුල අයියා සහ මානෙත් අයියා කියන්නේ. ඇත්තටම Crew එකෙන් ලැබෙන සහයෝගය ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමටම එයාලා හරිම සුහදශීලියි. ඒ වගේම මගේ පළවෙනි ටෙලි නාට්‍යය ශිවා සර්ගේ අධ්‍යක්ෂණයක් නිසා මට එය ලොකු අත්දැකීමක් වුණා.
කෝලම් කුට්ටමට ආරාධනා ලැබුණේ කොහොමද?
මම IMPAS ශිෂ්‍යයෙක්. සද්ධා සර් සහ චේතනී මිස් තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ.
මේ නාට්‍යයේ දොලේ මහත්තයාගේ Manager වෙන්න පුළුවන් වීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් දෙනෙක් මට කතා කරනවා දොලේ මහත්තයාගේ මැනේජර් කියලා. හොඳට චරිතය කරනවා කියලත් කියනවා. මිනිස්සුන්ට දැනෙන චරිතයකින් රූපවාහිනි තිරයක පෙනී සිටින්න ලැබීම ම ලොකු වාසනාවක්. ඇත්තටම මම සද්ධා සර්ට සහ චේතනී මිස්ට හදවතින්ම” ආදරයෙන් ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. ප්‍රසන්න සර් ඇතුළු සියලුම IMPAS ගුරුවරුන්වත් මේ වෙලාවෙ මම ආදරයෙන් මතක් කරනවා.
පාසැලේ දීත් රංගනය විෂයක් විදියට හදාරලා තියෙනවද?
ඔව්” අනිවාර්යයෙන්ම. මම ප්‍රසිද්ධ වේදිකාවක රඟපෑවේ තුන වසරේදී. ඒ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. එතැන ඉඳලා මම දිගටම පාසලේ නාට්‍ය වල හිටියා. All Island shakespeare Competition, Trinity competition වගේ සමස්ත ලංකා තරඟ වල හොඳම නිළිය සම්මාන ලබාගෙන තියෙනවා. London O/L වලත් නාට්‍ය විෂයක් විදියට කළා. මම ආදරෙන් මතක් කරනවා මගේ පාසලේ නාට්‍ය සර් ජෙරොම් ද සිල්වා සහ මිස් වසන්ති ජයවර්ධනව.
රංගනයට එනවට පාසලෙන් විරුද්ධ වුණේ නැද්ද?
නැහැ. පාසල තමයි මගේ රඟපෑමේ පළමු පියවර.
යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
එයාලත් ගොඩක් සතුටුවෙනවා. එයාලා දන්නවා රඟපෑම මගේ පොඩි කාලේ ඉඳලම තිබුණ ලොකු හීනයක් කියලා. ඉතින් එයාලගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
ඇත්තටම මම මගේ අම්මිට කොයිතරම් ස්තූති වන්ත වෙන්න ඕනෑද කියලා කියන්න මට වචන නෑ. එයා මාව රූගත කිරීම් වලට ගෙනයනවා විතරක් නෙවෙයි” ඒ අතර සෑම දෙයකටම සෙවනැල්ලක් වගේ මාත් එක්කම ඉන්නවා. මගේ තාත්තීත්, අයියත් ඒ වගේම මට උදව් කරනවා මේ කටයුතු කරගෙන යන්න.
අධ්‍යාපන කටයුතු සහ රංගන කටයුතු සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද?
පාසලේදීත් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන විදියට මලල ක්‍රීඩා” පිහිනීම” නාට්‍යකරණය වගේ විෂය බාහිර කටයුතු උපරිම මට්ටමෙන් සමබරව මම කළා. ඒ වගේ ප්‍රවේශමෙන් කාලය කළමනාකරණය කර ගත්තොත් ලොකු අමාරුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉස්සෙල්ලාම කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සහ උසස් පෙළ කඩඉමට හොඳින් මුහුණදෙන්න ඕනෑ. ඒ අතරේ අවස්ථාව ලැබෙන විදිහට රංගන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
පාරමී කෞෂිකා