පුංචි තිරය ඔස්සේ විකාශනය වන ප්‍රදීප් රසාංග අධ්‍යක්ෂණය කළ “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයේ “කිරුළි” ගේ චරිතයට පණපොව”ෂෙනායා ඇනීසා වැනොෆ්ට් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර බොහෝ ආදරණීය චරිතයක්. ෂෙනායාගේ කටකාර” දඟකාර” සුන්දරකමට හැමෝම ආදරේ කරනවා කිව්වොත් මම නිවැරදියි. සැබෑ ජිවිතෙත් හරිම නිහතමානී” දඟකාර” කටකාර රුවැත්තියක් වන ෂෙනායා මේ විදිහට කතා බහට එකතු වුණා.
රසිකයින් අතර මේ වන විට ඔබ වඩාත්ම ජනප්‍රිය “ෂෙනායා” නමින්ද “කිරුළි” නමින්ද?
කිරුළි නමින්.
● මොකද වෙන්නෙ මේ දවස්වල?
මේ දවස්වල “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව තවත් අලුත් වැඩක් පටන් ගත්තා. ඒක මොකද්ද කියන එක නම් රහසක්. ඔයාලා හැමෝටම ඉදිරියේදී බලාගන්න පුළුවන්වෙයි ඒ මොකද්ද කියලා.
හිත ළඟ හිනැහුණා කිරුළිට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්
ඇත්තෙන්ම මේ වෙද්දිනම් එක එක විදියේ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. මොකද මුලින් හිටපු කිරුළි නෙවෙයි මේ වෙද්දි ඉන්නෙ. හැමෝම මුල් කාලේ කිරුළි කියන චරිතයට හරිම ආදරෙයි. පහුවෙද්දි කිරුළිට එන ප්‍රශ්නත් එක්ක ඒ ආදරේ අඩුවෙන්න පටන් අරන් බනින්න පටන් ගත්තා. මං හිතනවා ප්‍රේක්ෂකයන් බනින්නේ මගේ රංගනය සාර්ථක ඇති නිසා කියලා. නැත්නම් බනින්නේ නැහැනේ. ඒ චරිතය ඒ තරම්ම ප්‍රේක්ෂකයන්ට දැනිලා කියලා මං හිතනවා. මගේ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම මේ තරම් ප්‍රේක්ෂකයන් රැසක් මට ආදරේ කරනවා කියන්නෙ මට ලොකු සතුටක්. කිරුළිට ලැබෙන ප්‍රතිචාර වලට මම හරිම ආදරෙයි.
ෂෙනායට කිරුළි වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
මම මුලින්ම වෛළඳ දැන්වීම් සහ ගීතවල රූප රචනා වලට සම්බන්ධවෙලා හිටියා. 2017 “ස්පයිසි ක්‍රැකර්” වෙළෙඳ දැන්වීමෙන් මාව දැකලා තමයි මට ගොඩක් ටෙලි නාට්‍ය සඳහා ඇරයුම් ලැබුණේ. නමුත් මම ඒ කිසිම ආරාධනාවක් පිළිගත්තේ නෑ. පසුව කොහොමහරි මහේෂ් සත්සර මද්දුමආරච්චි සර් මගේ නම්බර් එක සොයාගෙන මට කතා කළා. ඉතිං ඊට පස්සේ තමයි අධ්‍යක්ෂක ප්‍රදීප් රසාංග මට කතා කරලා මේ අවස්ථාව ලබා දුන්නේ. එහෙම තමයි ෂෙනායා කිරුළි වුණේ.
පවුලේ විස්තර ගැනත් කියමුද?
අම්මීයි” තාත්තීයි” අක්කිලා තුන්දෙනයි මමයි. අක්කිලා තුන්දෙනා විවාහවෙලා ඉන්නේ. දැන් ගෙදර ඉන්නේ අම්මීයි” තාත්තීයි මමයි තමයි.
විශේෂ කෙනෙක් එහෙම ඉන්නවද?
නැහැ” අනේ මට එහෙම කෙනෙක් දැනට නැහැ.
යෞවනියක් විදියට ආදරය දකින්නෙ කොහොමද?
ආදරය කියන්නෙ හරිම සුන්දර දෙයක්. හරි වෙලාවට හරිම කෙනාව ලැබෙන්න ඕනෑ. දැන්ම නම් මට එහෙම අදහසක් නැහැ. මොකද මගේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න මට නිදහස ඕනෑ. අනෙක ආදරය කියන්නේ අපිට කොච්චර ඕනෑ වුණත් බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. දුරදිග නොබලා සම්බන්ධකම් ඇති කරගෙන දුක් විඳිනවට වඩා හොඳයි හරිම කෙනා හරිම කාලෙට ලැබෙනකම් ඉන්න එක.
පාරමී කෞෂිකා