පුතාල දෙන්නා නම් වලින් පවා කැපී පෙනීමයි මට ඕන වුණේ - තීක්ෂණ අනුරාධ

 


පහුගිය කාලේ ලංකාවේ ප්‍රසංග අඩු වෙලයි තිබුණේ. ඒකට එක හේතුවක් වුණේ කොවිඩ් වසංගතය. ඊට  පස්සෙ ඇති වුණ පෙට්ට්‍රල්, ඩීසල්  හිඟයත් ප්‍රසංග කාගෙ කාගෙනුත් ඈත් කරන්න හේතුවක් වුණා. ඒ නිසාම ආර්ථිකය කෙසේ වෙතත් බොහෝ සංගීතවේදීන්ට අවශ්‍ය නිදහස තිබුණා ඔවුන්ගේ නිර්මාණ හිතේ හැටියට කරන්න.  ඔන්න දැන් ප්‍රශ්න ටික හෙමින් හෙමින් නිරාකරණය වෙන හින්දා මේ අයට ප්‍රසංග වේදිකාව විවෘත වෙලා. ඒකත් එක්ක බොහෝ අය කාර්ය බහුල වෙලා. සබාදදර  සහ දමඑාදදර ෂෝ නිසා බිසී ලයිෆ් එකක් ගෙවන තීක්ෂණට ඔක්ටේන් විත් තීක්ෂණ අනුරාධ කියලා බෑන්ඩ් එකක් තියෙනව. හැබැයි ඒ බෑන්ඩ් එකෙන් කරන්නේ වෙඩින් සහ ඉන්ඩෝ ෆන්ෂන් විතරයිලු.


මේ බිසී ලයිෆ් එක අස්සේ තීක්ෂණ එයාගේ පවුලෙ අය එක්ක එකතුවෙලා නවලියට ෆොටෝෂූට් එකක් කළා. ඒ එයාලගේ ගෙදර මහරගමදි. මේ තීක්ෂණ සහ ඔහුගේ ආදරණීය බිරිද ඔවුන්ගේ අලුත් තොරතුරු අපට කිව්ව හැටි.


දැන් ගාල්ලෙ ඉන්නෙ කවුද? 


ගාල්ලෙ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි අක්කගෙ ෆැමිලි එකේ අයයි.


එතකොට දැන් නිතරම ගාල්ලෙ යන්නැද්ද?


ඇත්තම කිව්වොත් දැන් ගාල්ල කියන්නෙ මහලොකු දුරක් නෙවෙයි. අපි මහරගම ඉන්න නිසා කොට්ටාවෙන් හයිවේ එකට දාලා රෑට වුණත් ගමේ ගිහිල්ල උදේට මහරගම එනව. මොකද මම ගාල්ලෙ ටවුන් එකේමනෙ. මහරගම හිටියා කියල ගාල්ලෙන් ඈත් වෙලා නෑ. පුළුවන් වෙලාවට අම්මලයි අක්කලයි මහරගම අපේ ගෙදර ඇවිත් යනව. 


ගාල්ලෙ ගියාම තාමත් පරණ යාළුවො එහෙම හම්බවෙනවද? 


ඉස්කෝලෙ යාළුවො ගොඩක් දැන් ඉන්නෙ කොළඹ. සමහර අය රටවල්වල. මගේ හොඳම යාළුවා මනෝජ් කුඩාගොඩ. එයානම් නිතර නිතර හමුවෙනවා. මොකද එයා තමයි මගේ බෑන්ඩ් එකේ මැනේජර්. ඒ විශ්වාසය නිසා ගාල්ලෙ ගියාම ෆර්හාන් වගේ ළඟම යාළුවො ඔක්කොම මීට් වෙලා කතා කරලයි මම එන්නෙ. 


තීක්ෂණ අලුත් නිර්මාණ කළේ නැද්ද?


අලුත් සින්දු තුනක්ම කරල තියෙනව. තාම රිලීස් කරල නෑ. ඒ සින්දු තමයි ඉස්සරහට රිලීස් කරන්න හිතාගෙන ඉන්නෙ. මට ගොඩක් අය කියන්නෙ තීකා කියල. ඒ හින්දා මම හිතුවා තීකා කියන නමෙන් ඒ සින්දු ටිකේ ඇල්බම් එක රිලීස් කරන්න. රැල්ලට යන සින්දුනම් නෙවේ. ඒ වැඩේ මේ අවුරුද්දෙ අගදි හරි ලබන අවුරුද්දෙ මුල් මාසෙදි හරි කෙරෙයි. 


කොවිඩ් නිසා නිර්මාණ කරන්න වැඩි කාලයක් ලැබුණද?


ඔව්. ඒක නිර්මාණ කරන්න හොඳ කාලයක් වුණා. මගේ රෙකෝඩින් ස්ටුඩියෝ එකත් ගෙදරම තියෙන නිසා මගේ වැඩත් කරල තවත් අයගේ නිර්මාණවලට උදව් කරන්න මට පුළුවන් වුණා. 


ගෙදර වැඩවලට තීක්ෂණ සපෝට් කරනවද?


මම කිව්වනෙ මගේ ස්ටුඩියෝ එක තියෙන්නෙත් ගෙදරම කියල. ඇත්තටම මියුසීෂියන් කෙනෙක් කිව්වම එයා හරිම ෆ්‍රී චරිතයක්. සාමාන්‍යයෙන් මම කාර්යබහුල වෙන්නෙ වීකෙන්ඩ්ස්වලට. ඒ ෂෝස් තියෙන්නෙ වීකෙන්ඩ්ස්වල නිසා. හැබැයි මම බිසී වෙන්නෙ ගෙදර අයත් එක්ක. ගෙදර ඉන්න දවසට බබාලා නාවන එක සෝදන එක ඉඳලම මම කරනව. වයිෆ්ට විතරක් තනියෙන් මේ වැඩ ඔක්කොම කරන්න බෑනෙ. ගෙවල් අස්පස් කරන්නෙත් මමම තමයි. අපි අපේ වැඩ තනියම කරගන්න පුරුදු වෙලා ඉන්නව. ගෙදර ඉන්න දවසක් වුණොත් මකුළුදැල් කඩල, ජනෙල් සුද්ද කරල, පොළව මොප් කරන එක පවා මම කරනව. දැන් මේ වැඩ කරන්න පටන්ගත්තම පොඩි දෙන්නත් එනව ඒවට උදව් කරන්න. එහෙම වුණාට අපි හතර දෙනාම එකතුවෙලා මේ ඔක්කොම කරගන්නව. 



බබාලගෙ දැන් වයස කීයද?


ලොකු පුතාට පහමාරයි. එයා මේ අවුරුද්දෙ ඉඳන් ගේට්වේ යනව. ලොකුපුතා ඒඩ්න් ලූක් අනුරාධ. පොඩි පුතාට දෙකහමාරයි. එයා ජේඩ්න් ජේක් අනුරාධ. ගෙදර ඉන්නකොට එයාල මගේ පස්සෙන්ම තමයි. ටොයිලට් එක්කගෙන යන්නත් ඕනෙ තාත්තිම තමයි. 


පුතාලට වෙනස් විදිහෙ නම් දැම්මෙ ඇයි?


මට ඕනෙ වුණේ කවුරුත් එහෙම අහනවට. ඔයත් ඇහුවනෙ වෙනස් නම් නේද කියල. පුතාල දෙන්නා නම් වලින් පවා කැපී පෙනෙනවටයි මම කැමති. තවත් දෙයක් තමයි අපි දන්නෙ නෑනෙ මෙයාලා ලංකාවෙ ඉඳීද පිටරට යයිද කියල. පිටරට ගියොත් පළවෙනි නම් දෙක එයාලට භාවිත කරන්න පුළුවන්. ලංකාවෙදි අනුරාධ කියන නම භාවිත කරන්න පුළුවන්.


මියුසික් ඉන්ඩස්ටි්‍ර එකේ දැන් තත්ත්වෙ කොහොමද? 


මියුසික් කියන්නෙ ලෝකය වෙනස් කරන්න පුළුවන් මාධ්‍යයක්. ඒ ඉන්ඩස්ටි්‍ර එක නැතිවුණොත් ලෝකෙම මලගෙයක් වගේ. ඒත් ප්‍රශ්නයක් ආවම මුලින්ම නවත්තන්නෙ එන්ටටේන්මන්ට් බිස්නස් එක. ප්‍රශ්නෙ ඉවර කරගෙන අන්තිමට පටන්ගන්නෙත් ඒ බිස්නස් එක. ඒක එහෙම වෙන්න ඕන නැහැ කියලයි මම කියන්නෙ. ප්‍රශ්නවලින් ජීවත් වන මිනිසුන්ගෙ සිත් හදන්න මියුසික් පාවිච්චි කරන්න පුළුවන් බව ගොඩක් අයට අමතක වෙලා. ඒක තමයි අවුල.


මීළඟට දරුවන් සමඟ කාලය ගතකරමින් තීක්ෂණට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දුන් ඔහුගේ ආදරණීය බිරිඳ නවලියට කතා කළා...





බබාලත් එක්ක කාර්යබහුලයි නේද?


ඔව්. මෙයාලා සද්දයක් නැත්නම් වැඩිපුර බලන්න ඕනෙ. මොනව කරගෙනද දන්නෙ නෑ. දැන් වැඩිපුරම මම කරන්නෙ බබාලා බලාගන්න එක. එතකොට තීක්ෂණට පුළුවන් එයාගෙ නිර්මාණ කටයඅතු නිදහසේ කරන්න. තීක්ෂණ කියන්නෙ බොහොම සපෝටිව් හස්බන්ඩ් කෙනෙක්. ගෙදර වැඩ අපි කරගන්නෙ කාගෙවත් උදව් නැතිව. අපට සර්වන්ට්ලා නෑ. අම්මලත් අපේ ගෙවල්වල නැවතිලා නෑ. වැඩ බෙදාගෙන නැති වුණත් තියෙන වැඩේ පුළුවන් විදිහට අපිම කරනව. මට කලින් එයා නැගිට්ටොත් එයාට හිතුණොත් බබාලගෙ කෑම පවා හදන්නෙ තීක්ෂණ. ඒවට අපේ ගෙදර පංගුපේරු නෑ.


ඔයා කොහොමද තීක්ෂණගෙ සංගීත වැඩවලට උදව් කරන්නෙ?


ඉස්සරනම් ෂෝවලට යද්දි දෙන්නම ගියා. ෂෝවලට යද්දි ඩ්‍රයිව් කළේ එයා. එද්දි ඩ්‍රවිව් කළේ මම. එයා නිදාගත්තා. ඒ නිසා අපට කතා කරන්නත් වෙලාව තිබුණා. ඒත් දැන් බබලා නිසා මම යනව අඩුයි. එයාගෙ වැඩ කටයුතු නිදහසේ කරගන්න ගෙදර පරිසරය හදල දෙනව. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ස්ටුඩියෝ එකට බබාල දෙන්නා නොයව ඉන්න එක. නැත්නම් තාත්තිට වැඩ කරගන්න වෙලාවක් නෑ. සමහර වෙලාවට තීක්ෂණ කියන්නෙ එයාගෙ ස්ටුඩියෝ එක ගෙදර සාලෙ දාගත්තනම් හොඳයි කියල. 


තීක්ෂණගේ ඇඳුම් පැළඳුම් ගැන බලන්නෙ කවුද?


එයා ලොකුවට ෆැෂන් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ගැළපෙන්න අඳිනවා. අඳින ඇඳුම් ගැන මගෙන් අහනව. නැත්නම් මම හදල දෙන ඕනම ඇඳුමක් ඇඳගෙන යනව. 


එතකොට ගෙදර කෑම බීම හදන්නෙ කවුද?


ගෙදරට ෂොපින් කරන්නෙ තීක්ෂණ. එයාට කෑම බීම ගැන ලොකු අවුලක් නෑ. ඉස්සරනම් ස්වීට්ස් කන්න කැමතියි. විශේෂයෙන් හැලප, පෑන්කෙක් වගේ දේවල්. දැන් බබාල ගැනත් හිතන නිසා හෙල්දි කෑම ගැන හතරදෙනාම උනන්දුයි. අපි පිටින් කනව අඩුයි. මම උයල දෙන ඕන දෙයක් එයා කනව. 


ජීවිතේ ගැන මොනවද හිතන්නෙ?


අපි මුල ඉඳලම ජීවිතේ සැලසුම් කළා. අවුරුදු පහක් යනකල් බබාලා හදනනෙ නෑ කියල හිතුවා. ගේ හදපු නිස ඒක අවුරුදු හයක් දක්වා වැඩි වුණා. අපි දෙන්නා හොඳට ඇවිද්දා. ජීවිතය වින්දා. දැන් පුතාලා දෙන්න වෙනුවෙන් කාලය කැපවෙලා. එයාලට හොඳට උගන්වන්න ඕනෙ. අනාගතෙදි එයාලා කැමති දේවල් කරන්න අවශ්‍ය වටපිටාව අපි හදල තියන්න ඕන. ඒකතමයි දැන් අපේ බලාපොරොත්තුව. 


හරින්දී ලියනගේ





Previous Post Next Post